අන්තර්ජාල වේගය අඩු කිරීමක්..?

May 13, 2019 at 1:20 pm | lanka C news
අන්තර්ජාල වේගය අඩු කිරීමක්..?

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා ඉතා මන්දගාමී ස්වරූපය ගන්නා බව අන්තර්ජාල පරිශීලකයන් විටින් විට මැසිවිලි නගන්නට වූ අතර මෙම තත්වය නිරීක්ෂණය කිරීම සදහා දිවයිනේ විවිධ වූ ප්‍රදේශ වල වෙසෙන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් අහබු ලෙස අන්තර්ජාල වේගය පිලිබදව දත්ත එකතු කර එම දත්ත විශ්ලේෂණයට භාජනය කෙරිමේදී අනාවරණයවූ කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

1. අන්තර්ජාල සේවා සපයන්නන්ගේ විසින් සපයනු ලබන අන්තර්ජාල වේගය දිනක සෑම වේලාවකදීම ස්ථාවර වේගයක් නොගැනීම සහ උඩුගත වීමේදී හා භාගත කිරීමේදී එම වේගය ඉතා විශාල අයුරින් ඉහල පහල ගමන් කරනා බවත්,

2. අන්තර්ජාල සේවා සපයන සමාගම් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ගිවිසුමකින් බැදීසිටින අන්තර්ජාල වේගයෙන් හරි අඩකට වැඩි (50% ත් 70%) අතර වේග ප්‍රමාණයක් මේ දිනවල තම පාරිභෝගිකයන්ට ලබාදීමට අපොහොසත් වී ඇති බවත්,

3. අන්තර්ජාල සේවා සපයන්නන් රාත්‍රී 12න් පසුව ලබාදෙන දත්ත (Night Time Data) සදහා විශාල වශයෙන් අන්තර්ජාල වේගය මන්දගාමී ස්වාභාවයක් ගන්නා බවත්,

4. මෙම අන්තර්ජාල වේගය මන්දගාමී වීම එක් අන්තර්ජාල සපයන සමාගමකින් පමණක් නොව සියලුම අන්තර්ජාල සේවා සපයන සමාගම් අතරේ දක්නට ලැබුණු පොදු නිරීක්ෂණයක් බැවින් මෙය තාක්ෂණික දෝෂයක් විය නොහැකි බවත්,

5. මෙහි බලපෑම විශාල වශයෙන් අන්තර්ජාල රූපවාහිනී සේවා සපයන සමාගම් කිහිපයක එම අන්තර්ජාල රූපවාහිනී සේවා වලට බලපා ඇති බවත් දක්නට ලැබේ.

මෙසේ අන්තර්ජාලය මන්දගාමී වීම පසුගිය දිනවල මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් රජය අන්තර්ජාල වේගය අඩාල කිරීමක් සිදුකොට ඇතැයි අප වෙත සැක පළවන අතර නැතහොත් අධික ලාභ ලැබීම සදහා මෙසේ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් කටයුතු කරන්නේ නම් එවැනි වංචනික අන්තර්ජාල සේවා සපයන සමාගම් වලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන අතර යම් හෙයින් රජය විසින් මෙසේ අන්තර්ජාල වේගය මන්දගාමී කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එයට විරුද්ධව කටයුතු කිරීමටද අප මේ වනවිට කටයුතු සම්පාදනය කොට ඇත.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

56,137 Viewers

3 Comments to “අන්තර්ජාල වේගය අඩු කිරීමක්..?”

  1. Ravi says:

    අන්තර්ජාලය පමණක් නොව, මුළු රටම දැන් මන්දගාමී.
    මට විතරද මෙහෙම දැනෙන්නේ ?

  2. indika says:

    Yes! i have the same situation.

  3. Isuranga says:

    අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහසුකම් සපයන ආයතන Package වල peek time data අඩුවෙන්ද Night data වැඩියෙන් හුදෙක්ම ඔව්න්ගේ ලාභය හා කපටිකම් නිසාවෙනි එම නිසා මේවා පාලනය අතිශයෙන්ම වැදගත් වනු ඇත හා නිසි ක්‍රමවේදයකට මේවා පරික්ෂා කල යුතු වේ.

Leave a Comment

Main News