අන්තර්පාලනය පොහොට්ටුව සමගද.. ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායමෙන් ප‍්‍රකාශයක්..

May 3, 2022 at 3:20 am | lanka C news
අන්තර්පාලනය පොහොට්ටුව සමගද.. ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායමෙන් ප‍්‍රකාශයක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරන ලද්දේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලද සාකච්ඡාවේ දිගුවක් ලෙස බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත‍්‍රී කණ්ඩායම සඳහන් කරයි.

එම මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසන්නේ ජනාධිපතිවරයා සමග අන්තර්කාලීන ආණ්ඩුව සමග පැවති සාකච්ඡාවේ දී සෙසු පක්ෂ ද ඒ සඳහා එකඟ කරවා ගන්නා ලෙස ජනාධිපතිවරයා දැන්වූ බවත් ඒ සදහා කමිටුවක්ද නම් කරන ලද බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කළ කරන ලද්දේ ඒ අනුව බවද හෙතෙම පැවසීය.

එමෙන්ම ඉදිරියේදී සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ පාර්ලිමේන්තුවේ සිසු සියළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සදහන් කලේය.

නමුත් එම පක්ෂ වලින් සහභාගිවන නියෝජිතයන් කවුද යන්න තීරණයක කිරීම ඔවුන් සතු කාර්යයක් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

47,884 views

13 Comments to “අන්තර්පාලනය පොහොට්ටුව සමගද.. ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායමෙන් ප‍්‍රකාශයක්..”

  1. යකාගෙ නීතිය says:

    බලාගෙන ගියාම ඔක්කොම එකයි. හැමෝම ගහන්නෙ ගේම්. රෙදි ඇදගෙනද ඔයාල බැසිල් සමග සාකච්ඡා වලට යන්නෙ. මේ වෙනතුරු අරගලයට පිටුපා සිටි අපටත් ඒ දෙසට හැරෙන්නද කියන්නෙ.

Main News