අන්තර් පාලනේත් අගමැති මහින්දමයි..- බැසිල්
May 3, 2022 at 11:20 am | lanka C news
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂය ස්වාධීන වූ මන්ත්රීවරුන් සමග පැවති සාකච්ඡාවේ දී ය.
මහා නායක හිමිවරුන් සහ ආගමික නායකයන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ සලකා බලා මහින්ද රාජපක්ෂ මහතා එම තීරණය ගනු ඇති බවද හෙතෙම සඳහන් කර තිබේ.
එසේ සිදු වූවොත් ටික කලකට පිහිටුවන නව ආණ්ඩුවේ අග්රාමාත්යවරයා සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන බවත් වෙනත් කිසිවකුගේ නමක් යෝජනා නොකරන බවත් හෙතෙම සඳහන් කර ඇත.
පැවැති මැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට පැවසුවේ අගමැතිධුරය මහින්ද රාජපක්ෂ මහතා ලබා දෙන බව නිසා ජන වරමට පිටින් වෙනත් අයෙකුගේ නමක් පක්ෂය විසින් යෝජනා කිරීමට සූදානම් නැති බව ද ඔහු පවසා තිබේ.
අපි අප්රිකාවේ ඉඳල අතින් ටිකට් අරන් ලංකාවට ඇවිත් චන්දෙ දුන්නේ රාජපක්ෂලා දිනවන්නටයි.
දැනුත් අගමැති රාජපක්ෂ, අන්තර්වාර ආණ්ඩුවේත් අගමැති රාජපක්ෂ, ඊට පස්සේ එන ආණ්ඩුවේත් අගමැති රාජපක්ෂ, ඊඊටත් පස්සේ එන ආණ්ඩුවේත් අගමැති රාජපක්ෂ. Alapaluwa from**