අන්තරේ විරෝධතාවයට පොලීසියෙන් කදුළු ගෑස්.. ජල ප‍්‍රහාර…

March 13, 2019 at 5:35 pm | lanka C news
අන්තරේ විරෝධතාවයට පොලීසියෙන් කදුළු ගෑස්.. ජල ප‍්‍රහාර…

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතාවයට පොලීසිය විසින් බත්තරමුල්ල පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේදි අධිපීඩන ජල හා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව ආසන්න බත්තරමුල්ල ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

පාර්ලිමෙන්තු මාර්ගයද පොලීසිය විසින් වසා දමා තිබින.

සිසුන් විරෝධයේ යෙදුනේ ප්‍රතිත්‍රස්ත පනත පරාජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

232 views
Main News