අරාබි වසන්තය කොළඹ මැවේ… අන්තරේ පා ගමනට දැවැන්ත කදුළු ගෑස් ජල ප‍්‍රහාරයක් එල්ල කෙරේ.. 19 ක් රෝහලේ.. 10ක් කූඩුවේ..

May 17, 2017 at 3:53 pm | lanka C news
අරාබි වසන්තය කොළඹ මැවේ… අන්තරේ පා ගමනට දැවැන්ත කදුළු ගෑස් ජල ප‍්‍රහාරයක් එල්ල කෙරේ.. 19 ක් රෝහලේ.. 10ක් කූඩුවේ..

සයිටම් විරෝධී පා ගමනට පොලීසිය විසින් අධි පීඩන ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ විහාර මහ දේවී උද්‍යානය අසලදීය.

විහාරමහදේවී උද්‍යානයේ සිටි සාමාන්‍ය ජනතාවටද කදුළු ගෑස් එල්ල විය.

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විදයාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විරෝධතා පාගමන පැවැත්වින.

***

ප‍්‍රහාරය නිසා සිසුන් 19ක් රෝහල් ගත කර ඇති අතර එක් සිසුවෙකුගේ අස්ථි බිදීමක්ද සිදුව ඇත. තවත් 10කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

338 views
Main News