අන්තරේ ලොක්කා දුටු තැන අල්ලනු.. අධිකණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..
May 19, 2017 at 6:52 pm | lanka C news
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැදවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු සිසුන් හය දෙනකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කර ඇත.
2015 වසරේදී කොළඹදී සිදු කල විරෝධතාවකින් මහජන පීඩා සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටියේ යයි මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.