අන්තවාදීන්ට පුරාවස්තූන් ඩෝසර් කිරීමට ඉඩ දී බලා සිටින ආණ්ඩුවක් කුමකට ද?
December 22, 2017 at 8:02 am | lanka C news
අන්තවාදීන්ට පුරාවස්තූන් ඩෝසර් කිරීමට ඉඩ දී බලා සිටින ආණ්ඩුවක් කුමකට දැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්න කරයි.
එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
අන්තවාදීන්ට පුරාවස්තූන් ඩෝසර් කිරීමට ඉඩ දී බලා සිටින ආණ්ඩුවක් කුමකට ද?
පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් දින කිහිපයකට පෙර සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන චෛත්‍යයක නටඹුන් ඊට පසුදින එනම් පසුගිය 18 වැනිදා කිසියම් අන්තවාදී පිරිසක් ඩෝසර් කර බිමට සමතලා කර ඇතැයි ලංකාදීප පුවත්පත විසින් වාර්තා කොට තිබේ.
ඉහත කී පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම මෙම ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව චෛත්‍යයේ දත්ත සටහන් ලේඛනයක සකසා තිබේ.
එසේම චෛත්‍යය පිහිටා තිබූ ස්ථානය අසලින් පාදම් ගලක් හමු වී ඇත. පුරාවිද්‍යා ගවේෂකයන් විසින් සොයාගනු ලබන මෙවැනි පුරාවිද්‍යා ස්මාරකයන් පණ මෙන් රැක ගැනීම ආණ්ඩුවක වගකීම නොවන්නේ ද?
එහෙත් මේ ආණ්ඩුවේ පිළිවෙත වී ඇත්තේ ‘සහජීවන වැදි බණ’ කියමින් අන්තවාදීන් සිදු කරන මෙවැනි ජාතික අපරාධ වසන් කිරීම ය. එම අන්තවාදීන් රැක ගැනීම ය.
‘අන්තවාදීන්ට පුරාවස්තූන් ඩෝසර් කිරීමට ඉඩ දී නිහඬව සිටින ආණ්ඩුවක් අපට කුමකට ද?’ යන පැනය පටු ජාතිවාදී අන්තවාදයන් පිටුදකින මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවන් තුළ මේ මොහොතේ බලවත් ලෙස පැන නැගී තිබේ. එවන් තත්වයක් තුළවත් මෙවැනි ජාතික අපරාධයන් වැළකීම සඳහා ගත යුතු ආරක්ෂණවාදී පියවර වහා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කර සිටින්නෙමු.
විමල් වීරවංශ(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
පිසසුද බං. යහ පාලනේ. ස්න්හිදියාව් වෙනුවෙන් අපි ඒවා බුල්ඩෝසර් කළා තමයි. අපට 2/3 තියෙනවා. ටමුසේලා හරියට කොලා නම් යමපාලනයක් එන්න බහ නෙ?
ko athuraliye Rathana and pa.cha Ranawaka.
තනයාද? උන්දා ඇස්බැස්ටෝස් ගොඩට යටවෙලා ලු.
හා හා සන්හින්දියාව පලුදුවෙයි වීරවන්ශ මහත්තයො
Nikan boruwata ginitiysnawa tamusela
වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා
ලකුණු බලාලා මහ මෙර පල්ලේයා
දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා
සතර දෙනයි අපි ආවේ ඔක්කොම
සතර පිටට කැරකෙයි සොඳ ගෙත්තම
සතර වටට අල්ලන මාලක්කම
සතර බුදුන් වැඩි වැල්ලයි මක්කම.