අන්තවාදීන් සාමයට බාධා වන හැසිරීමක.. රටට බලවත් තර්ජනයක්..

January 18, 2020 at 8:40 am | lanka C news
අන්තවාදීන් සාමයට බාධා වන හැසිරීමක.. රටට බලවත් තර්ජනයක්..

අප රටේ බෞද්ධ සංස්කෘතියේ සෙවන යට සියලු ජන වර්ග වලට ආගමික නිදහස උපරිම ලෙස භුක්ති විඳිමින් නිදහසේ ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබෙන බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .එහෙත් එය තේරුම් නොගෙන ඇතැම් අන්තවාදී පිරිස් ජාතීන් අතර ඇති සාමය සහ සංහිඳියාවට බාධා වන අන්දමින් ක්‍රියා කරන බවත් , එය රටේ අනාගත පැවැත්මට බලවත් තර්ජනයක් යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් නිමිත්තෙන් දෙනියාය ප්‍රදේශයේ කෝවිල් කීපයක පැවැති උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

ශ්‍රී සුබ්‍රමනියම් කෝවිල ,ශ්‍රී මුතුමරියම්මන් කෝවිල ,හෑන්ඩ්ෆඩ් ශ්‍රී මුතුමරියම්මන් කෝවිල ,නාතගල ශ්‍රී මුතුමරියම්මන් කෝවිල බෙවරලිය ශ්‍රී රාමන් කෝවිල යන කෝවිල් වල මෙම උත්ත්ව පැවැත්විණි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

සිංහල දමිළ මුස්ලිම් සියලු ජාතීන් එක්සත් ව රට දියුණු කිරීමට පෙළ ගැසෙන්නට ඕනෑ .ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාත් ඒ සඳහා නායකත්වය දෙනවා .ඒ ගමනේදී සාමය අවශ්‍යයි .සාමය ගොඩ නැගෙන්නේ එකිනෙකා අතර විශ්වාසය මතයි .බෞද්ධ සංස්කෘතිය මත ගොඩ නැගී ඇති ශ්‍රී ලාංකික සමාජය ලෝකයට ආදර්ශයක් වන ලෙස පවතින්න ඕනෑ .අන්තවාදී හැඟීම් වර්ධනය වීමට ඉඩ දිය යුතු නෑ .හැම දෙනාම සතුටින් ජීවත් වනවා දැකීම අපේ බලාපොරොත්තුවයි .

වතුකරයේ ජනතාව අපේ රටේ ජාතික ආර්ථිකයට මාහැඟි සේවයක් කරනවා .රාජපක්‍ෂ රජය එය තේරුම් ගෙන ඔවුන්ගේ ජන ජීවිතය ඉහළට ගෙන ඒමට සැළසුම් කරලා .මාර්තු මාසයේ සිට දිනක වැටුප රු.1000 ක් කරන්න රජය තීරණය කළේ ඒ නිසයි .ඒ ගැන වතුකරයේ ජනයා සිටින්නෙ සතුටින් .

රට ගැන හිතන හැම කෙනෙකුට ම සමාජයේ දියුණුවට යමක් කළ හැකියි .හැමෝම ඒ යුතුකම හා වගකීම ඉටු කරන්න ඕනෑ .

තෛපොංගල් දිනය දමිළ හින්දු ජනතාවට අද සාමකාමී පරිසරයක පවත්වන්න හැකි වී තිබෙන්නෙ රජය රටේ ආරක්ෂාව තහවුරු කර ඇති නිසයි .අප එය ආරක්ෂා කර ගත යුතුයි .ආගමික පසුබිමක් මත හැදී වැඩෙන්න දරුවන්ට වැඩිහිටියන් මග පෙන්විය යුතුයි යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

18,806 Viewers

2 Comments to “අන්තවාදීන් සාමයට බාධා වන හැසිරීමක.. රටට බලවත් තර්ජනයක්..”

  1. රටවැසි says:

    ඕක සිංහලෙන් අපිට කිව්වට වැඩක් නැහැ , දෙමළෙන් යාපනේ ඇතුළු උතුරේ අයට කියන්න .

  2. LION says:

    ජාතික කොඩියේ පටිදෙක අරන්දලා රජයේ බාෂාව සිංහල පමණක් කරලා ශ්‍රී ලංකාව සිංහලේ කලා නම් මේ ප්‍රශ්න සියල්ලම විසදේවි එක මවක් එක දරු කැලක්.

Main News