අන්තවාදී කතා කියු ලක්ෂාන් ඩයස් ගෙදර යවන්න ආ විජේදාසට එරෙහිව අගවිනිසුරුට පැමිණිල්ලක්..
June 19, 2017 at 1:20 pm | lanka C news
දෙරණ රූපවාහිනියේදී ආගමික අන්තවාදය ඇති කරන ප්රකාශයක් සිදු කලේ යයි පැය 24ක් ඇතුළත සමස්ථ ජාතියෙන් සමාව ගන්නා ලෙසත් එසේ නොකලහොත් නීතිඥ වෘත්තියෙන් නෙරපා දමන බවටත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් නීතිඥ ලක්ෂාන් ඩයස්ට කරන ලද ප්රකාශයට විරෝදය පාමින් අගවිනිසරු ප්රියසාද් ඩෙප් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
නීතීඥ අරුණ උණවටුන විසින් කරන ලද මෙම පැමිණිල්ලේ දැක්වෙන්නේ විජයදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්රකාශය නීතීඥවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ සේවාදායකයන්ගේ විශ්වාසය ගැන අහිතකරව බලපාන බවයි.
ඇමතිවරයාගේ ප්රකාශය මගින් නීතීඥවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමක්ද සිදුවන බව ලිපියේ වෙයි.