අන්තිමේ මෛත‍්‍රී හිරවෙයි.. පොහොට්ටුවෙත් තරග කරන්න ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද එකග වෙයි.. පොහොට්ටුවෙන් නම් මෛත‍්‍රීට බැරිලු..

January 5, 2020 at 9:20 am | lanka C news
අන්තිමේ මෛත‍්‍රී හිරවෙයි.. පොහොට්ටුවෙත් තරග කරන්න ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද එකග වෙයි.. පොහොට්ටුවෙන් නම් මෛත‍්‍රීට බැරිලු..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් දෙදෙනෙකු අතර මතවාදී ගැටුමක් හටගෙන ඇත.

ඔවුන්ගෙන් එක් අයෙකු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගත වන්නේ නම් නව සන්ධානයකින් හා නව ලකුණකින් තරග කළ යුතු බවයි.

ඒ පිළිබඳව ජනාධිපතිවරනයේදී ගිවිසුමකට පැමිණ ඇති නිසා සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන නිසා වෙනත් සන්ධානයකින් තරග කළ යුතු බවද ඔහුගේ අදහස වී ඇත.

නමුත් අනෙක් ජ්‍යෙෂ්ඨයා සඳහන් කර ඇත්තේ මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බවත් එසේ තරග කිරීමෙන් පමණක් ජයග්‍රහණය කළ හැකි බවත්ය.

මෙම මතභේදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයටද ගොස් ඇති අතර ඒ හේතුවෙන් ඉදිරි දිනකදී මධ්‍යම කාරක සභාව කැඳවා තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

260 views

14 Comments to “අන්තිමේ මෛත‍්‍රී හිරවෙයි.. පොහොට්ටුවෙත් තරග කරන්න ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද එකග වෙයි.. පොහොට්ටුවෙන් නම් මෛත‍්‍රීට බැරිලු..”

  1. බන්ඩා says:

    ලතුන අදාලම නැහැ. 2/3ක් ගන්න නම් එක ලකුනකින් ඡන්දෙ ඉල්ලිය යුතුමය්. එතනදි ජාතිකත්වය අගය කරන බුද්ධිමත් අය මංත්‍රී වරැ ලෙස පත්කඑ ගෙන ගෝඨාට සහාය වීම ජනතාවගේ යුතු කමය්.

  2. වරදට දඬුවම නියතයි says:

    පොහොට්ටුව හදන වෙලාවේ බුමිතෙල් ගෑවුන ගැරඩියෙක් වගේ දඟලමින් සිරිසේන කියපු කථා කාටද අමතක. “අලුතෙන් පක්‍ෂ හදන අයට මම කියනවා, පාරවල් ගානේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා” එහෙම කටමැත දොඩවපු සිරිසේන අද ගලේ රීපු බල්ලකු වගේ අතේ ගූ ගාගෙන උඩ බිම බලනවා. හැබැයි පට්ට හොරා පරම්පරාවටම හරියන්න ජාතික ධනය මංකොල්ල කෑව.

  3. Wewagadara Appuhamay says:

    What is the wrong with that SLPP political symbol of Pohattua ?
    It was symbol of victory ?Is that so @
    Learn lesson that policies from the masses of people of Lanka ?
    Regardless its past, that currently SLFP is dying forces ?

Main News