අන්තිම දවස වෙනතුරුම ඉන්නවා.. කීයටවත් ජනාධිපතිවරණය කලින් කැදවන්නේ නෑ..- ජනාධිපති

September 8, 2018 at 3:50 pm | lanka C news
අන්තිම දවස වෙනතුරුම ඉන්නවා.. කීයටවත් ජනාධිපතිවරණය කලින් කැදවන්නේ නෑ..- ජනාධිපති

මීලග ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ කලින් පවත්වනනේ නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරණයක් නියමිත වේලාවට කලින් පවත්වනේ නම් ඒ ගැන තීරණය කල යුත්තේ තමන් බවද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ නිවිතිගලදී පැවති ශ්‍රීලනිප බල මණ්ඩලය අමතමිනි.

19 ව්‍යවස්ථා සංශෝධනය අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 09 දිනයෙන් අවසන් වන අතර එදිනෙන් පසු සිටිය යුත්තේ ජනතාව විසින් මැතිවණයකින් තෝරා ගත් කර ගන්නා ජනාධිපතිවරයෙකි.

එනම් 2019 වසරේ නොවැම්බර් මසදී පමණ ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කල යුතුය.

63 views