අන්තිම වටයේ 18 දෙනාගේ ලයිස්තුව ජනපති අතට… මුලින්ම එල්ලා මරන්නේ කවුදැයි ජනපති තීරණය කරයි..

July 15, 2018 at 11:20 am | lanka C news
අන්තිම වටයේ 18 දෙනාගේ ලයිස්තුව ජනපති අතට… මුලින්ම එල්ලා මරන්නේ කවුදැයි ජනපති තීරණය කරයි..

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමව දැනට බන්ධනාගාරයේ රදවා සිටින පුද්ගලයන් 18 දෙනෙකුගේ නාම ලේඛණය මේ සතියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමට නියමිතය.

එම පිරිස අතරින් මුලින්ම මරණ දඬුවම දෙන්නේ කාටදැයි තීරණය කිරීම ජනාධිපතිවරයා විසින් කරනු ඇති බව බන්ධනාගාර ‍‍‍ප්‍රකාශකයකු සදහන් කලේය.

ජනාධිපතිවරයාගෙන් ලිඛිත අනුමැතියක් ලද පසු දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

82 views
Main News