Exclusive : මහින්ද කොටු කරන්න සූදානම්.. නාමල්ගෙන් කට උත්තර ගනී..

February 16, 2017 at 9:20 am | lanka C news
Exclusive : මහින්ද කොටු කරන්න සූදානම්.. නාමල්ගෙන් කට උත්තර ගනී..

තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉලක්ක කර ගනිමින් පදනම් විරහිත ප‍්‍රශ්න කිරීමක් තමන්ගෙන් සිදු කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඊයේ දිනයේ අල්ලස් කොමිසම තමන්ගේන් ප‍්‍රශ්න කරනු ලැබුවේ චෝදනාව කුමක්ද චෝදනාව කලේ කවුද යන්න පවා නොදන්නා බවද කී මන්ත‍්‍රීවරයා මෙය තම පියා කොටු කිරීම සදහා ඉලක්ක සහගතව සිදුවන්නක් යයි සැක සහිත බවද කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ ඊයේ දිනයේ අල්ලස් හෝ දුෂන කොමිසම හමුවේ ප‍්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදීය.

219 views
Main News