අන්තෝ ජටා බහි ජටා.. දයාසිරි ලවා රනිල්ට පහරදෙමින් මහින්ද දුර්වල කිරීමේ මෛත්‍රී පිලේ මෙහෙයුම් ඇරැඹුණ වගයි…

May 18, 2017 at 2:10 pm | lanka C news
අන්තෝ ජටා බහි ජටා.. දයාසිරි ලවා රනිල්ට පහරදෙමින් මහින්ද දුර්වල කිරීමේ මෛත්‍රී පිලේ මෙහෙයුම් ඇරැඹුණ වගයි…

මේ වනවිට සම්මුති ආණ්ඩුවේ මෛත්‍රී පාර්ශ්වයේ ප්‍රබලම චරිත බවට පත්ව ඇති අමාත්‍ය මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායක යන තුන් කට්ටුව ඊළඟ මැතිවරණයකදි මහින්ද රාජපක්ෂ කණ්ඩායම දුර්වල කොට එජාප නායක රනිල්ගේ පලුවක් කඩා මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ සුලු ජාතික පක්ෂ එක්ව අලුත් ආණ්ඩුවක් සැදීමේ උපායමාර්ග වැඩපිළිවෙළ සකස් කොට ඇත.

මෙහිදී පලමුව මහින්ද රාජපක්ෂ වටා ඇති පොදු විපක්ෂය ප්‍රමුඛ දේශප්‍රේමි බලවේග නැවත දිනා ගැනීමේ වැඩසටහන් කිහිපයක්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුද්ගලයින් මෙන්ම අවශ්‍ය සම්පත් මේ වනවිටම හඳුනා ගෙන ඇති අතර ඒ වැඩසටහන හරහා දැනට පොදු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට නොයෙකුත් වරප්‍රසාද ලබාදීමටත් වෙනමම කණ්ඩායමක් ඔහුනගේ ආර්ථික තත්ත්වය පවා සොයා බලා කොපමණ ණය ප්‍රමාණයන් ගෙවීමට ඇද්ද යන්න විස්තර එකතු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කොට ඇත.

එමෙන්ම රනිල් විරෝධී එක්සත් ජාතික පක්ෂ කොටස් හඳුනාගෙන ඔහුනට අවශ්‍ය පහසුකම් ජනාධිපති කාර්යාලය හරහා ලබාදෙමින් ඔහුන් ජනාධිපතිවරයා වෙත ලන්කිරිමේ ක්‍රමවේදයක් ජනාධිපති සම්බධිකරන ලේකම් වරයෙකු මෙන්ම එජාප යේ සිට පැමිණ මෙම වැඩසටහන් මෙහෙයවන එක් පුද්ගලයකුවන දයාසිරි ජයසේකර වෙත භාර කොට ඇත.

හෙට දිනයේදී මුදල් අමාත්‍යවරයා ඉවත් කිරීමෙන් පසුව “යහපාලන තුල හොරුන්ට ඉඩක් නැහ” කියන සටන් පාඨ ධජය නැවතත් ජනවාරි 8 වෙනිදා මෙන්ම ඉදිරියට දමා ජනතාව වෙත ගිලිහෙමින් පවතින ආකර්ෂණය ලගා කරගැනීමට අවශ්‍ය දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, එමෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේ නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීම මෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමේ සිවිල් සංවිධාන වැඩපිළිවෙළ පරාජය කිරිම මෙහි අනික් අරමුණයි.

131 views
Main News