අන්ත දුෂිතයෙක් සුරාබදු ලොක්කා කරන්න යයි.. බැදුම්කර මගඩියට දෙවැනි මගඩියක් වෙන හැඩ..

May 8, 2017 at 7:06 am | lanka C news
අන්ත දුෂිතයෙක් සුරාබදු ලොක්කා කරන්න යයි.. බැදුම්කර මගඩියට දෙවැනි මගඩියක් වෙන හැඩ..

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් විශාලතම ප්රතිශතයක් ලබාදෙන ආයතන තුන වන්නේ මුදල් අමාත්යංශයට අයත් රේගුව , දේශීය ආදායම් සහ සුරා බදු යන දෙපාර්තමේන්තු වේ .

රටේ අද්යාපන ,සෞක්ය , රාජ්ය වැටුප් ආදී ප්‍රධාන වියදම් වලට ඉහත ආයතන තුන ලබා දෙන දායකත්වය ඇති විශාලය.

අවම දේශපාලන අතපෙවීම් ඇති මෙම ආයතන මෑතක සිට දේශපාලන බලයට යටවෙමින් පවතියි. සුරාබදු දෙපාර්තමේන්තුවේ “සුරාබදු කොමසාරිස් ජෙනරාල් ” තනතුර සඳහා දේශපාලන බලවතෙකුගේ බිරිදගේ සමීප හිතවතෙකු පත්කිරීමට සුදානමක් ඇතිබව වාර්තා වේ.

සාමාන්යයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් නතුරට පත්කරනු ලබන්නේ ශ්රී ලංකා පරිපාලන සේවයේ “අධි ශ්රේණි “(SUPER GRADE ) නිලධාරියෙකු වන අතර මෙමෙ පුද්ගලයා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කළහොත් එය ආන්දෝලනාත්මක සිදුවීමක් වනු ඇත. අන්ත දුෂිත නිලදරියෙකු වන මොහුට ඇති අල්ලස් හෝ දුෂණ පැමිණිලි ප්රමාණය ඇති මහත්ය. එම චෝදනා මුදල් බලයෙන් යටපත් කරගෙන සිටියි . අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමෙන් තොරතුරු ලබාගත හැක. මසකට රු . කෝටියකට වඩා ආදායම් ලබන මෙම නිලධාරියාගෙන් යැපෙන මුදල් අමාත්යංශයේ නිලධාරීන් ප්රමාණයද සුළුපටු නොවේ. සුරාබදු ආදායම රඳා පවතින්නේ කසිප්පු හෝ ගංජා මත නොව බලපත්ර නිකුත්කිරීම, අළුත්කිරීම වැනි කරුණු මතය. එම රාජකාරිය භාරව සිටින මෙම නිලධාරියා එමගින් රජයට අහිමි කරන අදායම සුළු පටු නොවේ.

මොහු සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුරට පත්කිරීමට මහන්සිවන තවත් පිරිසක් වෙති. මහාපරිමාණ මත්පැන්හල් හිමියන් මේ සඳහා ඇත දිගහැර වියදම් කරමින් සිටියි. මත්පැන් හල් 150කට පමණ හිමිකම් කියන ව්යාපාරිකයා මෙහි මුලික වන අතර මෙම නිලධාරියා තම කළු සල්ලි ආයෝජනය කර ඇත්තේද මත්පැන්හල් ජාලයේමය.

මෙම නිලධාරියා සතුව අධ්‍යාපන සුදුසුකම් සහ උපාධි රාශියක් පවතින අතර ඒවා සියල්ල මුදල් දී ලබාගත් ඒවාය. මොහුට සාමානය පෙළ මට්ටමේ දැනුමක්වත් නොමැත. සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථිර නිලධාරීන් සුරාබදු මුලස්ථානයෙන් ඉවත්කර ඒ වෙනුවට අත්දැකීම් අඩු, රාජ්‍ය කළමනාකාර සහකාර වරුන් සුරාබදු මුලස්ථානයට ලබාගැනීම මොහුගේ එකම අභිප්‍රාය වේ. එවිට ඔහුගේ දුෂිත වැඩ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට හැකියාව පවතියි.

මොහුගෙන් මාසිකව නඩත්තු වන දේශපාලන ප‍්‍රබලයින් ඇතුළු නිලධාරීන් උත්සහ කරන්නේ මොහු ජාතික ආදායමේ හදවත බඳු වූ සුරාබදු දෙපාර්තමේන්තුවට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කිරීමටය. එසේ වුවහොත් එය මහා බැංකුවේ,බැඳුම්කර වංචාවේ , දෙවන කොටස බවට පත්වනවාට සැක නැත.

– FB

8,318 Viewers

One Comment to “අන්ත දුෂිතයෙක් සුරාබදු ලොක්කා කරන්න යයි.. බැදුම්කර මගඩියට දෙවැනි මගඩියක් වෙන හැඩ..”

  1. Boo says:

    බලාගෙන යනකොට, මූත් රනිල් වගේම මෙලෝ අධ්‍යාපනයක් නැති, එංගලන්තෙන් සල්ලි දීල ගත්තු උපාධියක් තියෙන මෝඩ නුගතෙක්. දුෂණය අතිනුත් රනිල් නම් වූ බැංකු හොරාට සමයි.

    නියමෙට ගැලපෙනවා.

Main News