අනාගත ක‍්‍රිකට් තාරකාව අවිශ්ක ප‍්‍රනාන්දුයි ICC කියයි.. ලාබාල පිතිකරුවා විදෙස් විචාරකයන්ගේ නොමද පැසසුමට.. ක‍්‍රිකට් ලෝකයේම අවධානය දිනාගනී..

July 1, 2019 at 10:55 pm | lanka C news
අනාගත ක‍්‍රිකට් තාරකාව අවිශ්ක ප‍්‍රනාන්දුයි ICC කියයි.. ලාබාල පිතිකරුවා විදෙස් විචාරකයන්ගේ නොමද පැසසුමට.. ක‍්‍රිකට් ලෝකයේම අවධානය දිනාගනී..

2019 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ මුල්ම ශතකය වාර්තා කලේ යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුය.

පිතිකරු ලයිස්තුවේ වගකීම් සහගතම ස්ථානයේ එනම් අංක 03 ස්ථානයේ ක‍්‍රිඩා කරන මෙම නව යොවුන් පිතිකරුවාට ලෝකය පුරා ක‍්‍රිකට් රසිකයන්ගෙන් සමාජ ජාලවල ඉහලම ප‍්‍රතිචාර ලැබෙමින් ඇත.

මේ අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයද සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයේ මීළඟ තාරකාව ඔහු විය හැති බවයි.

අවිශ්ක ප්‍රනාන්දු ලබාගත් ශතකයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම මුල්වරට මෙම ලෝක කුසලාන තරගාවලියේ දකුණු 250 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට සමත් විය.

එංගලන්ත වේගවත් තණතීරු මත ඉපිලෙන පන්දුවලට අත දිගහැර පන්දුවට පහරදෙමින් කිසිදු බියක් නොදක්වන අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිකරණ විලාශය ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේද නොමද පැසසුමට ලක්ව තිබේ.

අවිශ්ක මේ වන විට පවසන පසුවන්නේ විසි එක්වැනි වියේය.

19 views

12 Comments to “අනාගත ක‍්‍රිකට් තාරකාව අවිශ්ක ප‍්‍රනාන්දුයි ICC කියයි.. ලාබාල පිතිකරුවා විදෙස් විචාරකයන්ගේ නොමද පැසසුමට.. ක‍්‍රිකට් ලෝකයේම අවධානය දිනාගනී..”

  1. යෙනුර says:

    කොතරම් පැරදිලා හිටියත් අදවත් දිනයි කියලා ඊලඟ මැච් එකත් බලන ජාතියක් අපේ රටේ මිනිස්සු. කොදෙවු මැච් එක දිනුවා කියල මාතර පැත්තෙ රතිඤ්ඤා පත්තු කලේ ලෝක කුසලානෙ දිනුව වගෙයි. ඒ අපේ උන්ගෙ හැටි.

    • Colombo says:

      මාතර උන්ගේ හැටි අපි පසුගිය දවස්වල දැක්කා මොන්ගලයාගේ රැස්වීමේදී.

  2. Buruputha says:

    Sri Lanka kandayame jayagrahanayata Sri Lankika mage unusum subapathum. Namuth eka deyak baya nathuva kiyanna ona. Ae thamai apage kandayame pandu rakeema anthimai. Tharanga dinuvata pandu yavanno thama vagakeema nisi lesa itu kale ne. Anjelo meeta kalin ball kala nam tharangaya visishta lesa dinanna thibuna. Kesevethath kandayamata Jaya wewa.

  3. Ayotallah says:

    Congratulations Aviska We all are proud that a star from Wadduwa stole
    the limelight of WC 2019

  4. Sanjaya says:

    ඉක්මනට ගෙවල් වලට වරෙල්ලා

  5. Kanna says:

    We are proud of you Avishka. Congratulations. God bless you

  6. KP says:

    ඉරිසියාව නිසා ආන්ඩු මාරු කරන මේ රටේ මේ දක්ෂ කොල්ලා ගැන ඉරිසියා නොහිතයිද? මේ රටේ මාධ්‍ය අවිෂ්ක ගැන බලා ගන්න ඉදිරියට…කපලා දාන්න දෙන්න එපා….චාර්ලි ඔස්ටින්ට අහුවෙන්න දෙන්නත් එපා (මෙන්ඩිස් වගේ)
    තව එකක්, මාලිංගගෙ බෝල වලට එන කැච් තිසරට හැමදාම අතෑරෙන්නේ කොහොමද? (ඔන්න මෙන්ඩිස්නං හැම එකම අතාරිනවා කියමු)මුං ඔය කොච්චර කිව්වත් සෙල්ලං කරන්නේ රට වෙනුවෙන් නොවෙයි

    • kim says:

      තිසර කලේ අන්තිම වැඩකි. මේ තරගාවලිය පුරා කිසිදු දක්ශතාවක් නොපෙන්වූ අතර මැතිව් පන්දු නොයවන්නට මොහු නිසා තරගය පරදින්නට තිබුනි. ජාතික කනඩායමට පලාතෙ වැද්ද නොගතයුතු කාලකන්නියෙකි.
      උඩ පන්දුව අතහැර්‍ර්ම ගැන විමර්ශනය ක් කර දඩුවම් කල යුතුය.

  7. cricket kolla says:

    mathiws thisara hathurusingha wage kuhakaingen bera ganna ona iyeth mathiws meyawa run out karanna haduwe wasanawata ayeth anik paththata diwwa ….malige panduwalata thisaraya okkoma catch atha arinawa ieth ehemai poor panda malige lagin thiyanna ba

  8. Hesh says:

    තාරකා, ඊලග අරවින්දලා ඕන තරම් එනවා. වැඩෙ කියන්නෙ ටික කාලයයි. විනයක් නැති ජාතියකට ක්‍රීඩා වලින් ඉහලට යන්න අමාරුයි.

  9. test says:

    අයි.පී.එල් සූදුවට වැටිල විනාස වෙන්නෙ නැතුව නම්බුකාර විදියට රට වෙනුවෙන් දෙයක් කරන්න බලපන්… සුබ පැතුම්

  10. Love nature says:

    සුබ අනාගතයක් දෙවියන්වහන්සේ වෙනුවෙන් සෙල්ලම් ක‍රන්නේ නැතුව රට වෙනුවෙන් සෙල්ලම් ක‍රන්න

Main News