‘අනාගත ජනාධිපතිවරයා’ අනාගත ජනාධිපතිවරයා මමයි.. වෙනම බලකායක් හදනවා..- සජිත්

January 17, 2022 at 12:02 am | lanka C news
‘අනාගත ජනාධිපතිවරයා’ අනාගත ජනාධිපතිවරයා මමයි.. වෙනම බලකායක් හදනවා..- සජිත්

සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් මේ රටේ ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

විපක්ෂ නායකවරයා ඒ බැව් කියා සිටියේ (16) දින දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් නුවරඑලිය මහ නගර සභා ක්‍රිඩාංගණයේ සංවිධානය කර තිබු තෛපොංගල් දින උත්සවයට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ

තෛපොංගල් උත්සවය කියන්නේ උත්කර්ෂවත් ලෙස සමරන ආගමික උත්සවයක්.

ආගමික අනන්‍යතාවය ඉදිරියටත් සුරක්ෂිත කරන්න අපි කටයුතු කරනවා. සියළුම ආගම් ආරක්ෂා කිරිමට අපි කටයුතු කරනවා.

වතු කම්කරුවන් සිය දහදිය මහන්සිය වෙහෙසලා තේ ක්ෂෙත්‍රයෙන් මේ රටට විදේශි විනිමය ගේනකොට ඔහුන්ට මෙරට පුරවැසිභාවය තිබුණේ නැ.

රණසිංහ ප්‍රේමදාස මහතා  වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය ලබා දිලා අයිතින් සුරක්ෂිත කරා.

වතු කම්කරුවන් කම්කරුවන් වශයෙන් සිමා නොකර කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමේ සටන රණසිංහ ප්‍රේමදාසගේ පුතා වශයෙන් සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා.

අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා වතු කම්කරු ප්‍රඥප්තිය සම්බන්ධයෙන්. සමගි ජනබලවේගයේ අනාගත ප්‍රතිපත්ති ප්‍රකාශයට එකතු කරලා අනාගත ජනාධිපතිවරයා වශයෙන් වතු කම්කරුවන්ගේ දියණුව සංවර්ධනය  උදෙසා  වෙනමම ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපනය කරනවා.

මේවා සම්බන්ධයෙන් මම ප්‍රකාශ කරද්දි ජනාධිපතිවරණයේදි , මහ මැතිවරණයේදි සමාජයේ සමහරු ජාති වාදය , ආගම් වාදය , ජාති ආගම් භේදය විවිධ මාධ්‍ය හරහා , සමාජ මාධ්‍ය හරහා මට පහර ගැහුවා.

මම ජාති වාදින්ට ආගම් වාදින්ට බය නැ , සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරනවා.

සමහර ජාති ආගම් වාදින්ට මේ රටේ ජනතාවගේ දුක තේරෙන්නේ නැ, පාලකයන්ට තේරෙන්නෙත් නැ.

ඒ මොකද ඒ ඇත්තොන්ගේ අතේ ගැස් පිපිරෙන්නේ නැ , දියර පොහොර කැන් පිපිරෙන්නේ නැ , ඒ අය ගැස් පොලිම් වල නැ , ඒ අය පොහොර නැතුව අනාත වෙලා නැ , ඒ අය සිනි, හාල්, කිරිපිටි , ඉන්ධන පොලිම් වල නැ.

මොකද ඒ ඇත්තොන්ට ඒවා බන්දේසියක තියලා මන්දිරයටම ගෙන්නා උකුලටම භාර දෙනවා.

ජනාතව දැන් හොදට ඇස් අරින්න කාලය හරි , ජාති වාදයට , ආගම් වාදයට යලි ඉඩක් දෙන්න එපා.

මේ මාතෘ භුමිය සංවර්ධනය කරන්න සියළු ජාතින් , සියළු ආගම්වල පිරිස් එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනි.

අද දරිද්‍රතාවය එන්න එන්නම ඉහල යනවා , මේ බල ප්‍රදේශයේ මාතෘ සහ ළදරු සෞඛ්‍ය තත්ත්වයන් ඉතාමත් පහල මට්ටමක පවතින්නේ.

මනුෂ්‍යත්වය මුල් කරගෙන යන ගමනක් තුල අපිට ඔබලාගේ දුක තේරෙනවා.

ඉන්දියානු අගමැති නරෙන්ද්‍ර මොදි සමග අපිට විශේෂ සබදතාවයක් තියෙනවා , ඒ සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන මේ රටේ වතු කම්කරු ජනතාවගේ ආර්ථික , සමාජිය , අධ්‍යාපනික , නිවාස , සෞඛ්‍ය , සංස්කෘතිමය අයිතින් සුරැකිමට අපි කටයුතු කරනවා.

මම නිවාස අමත්‍යවරයා වශයෙන් කටයුතු කරනකොට නරේන්ද්‍ර මොදි මහතා අපිට ආධාර ලබා දුන්නා. ගිණි පොලි ණය නෙවෙයි ආධාර ලබා දුන්නා යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

23,162 views

20 Comments to “‘අනාගත ජනාධිපතිවරයා’ අනාගත ජනාධිපතිවරයා මමයි.. වෙනම බලකායක් හදනවා..- සජිත්”

  1. ඉන්දියානු ඝාථකයා ඉලක්කය හඹායෑම සූකෂමලෙස සිදුකරනබව පැහැදිලිලෙස නිරීකෂණයට,........! says:

    ”ඉන්දියානු රඡය වීසින් සැසුම්සහගතලෙස රනසිංහ ප්‍රේමදාස ඡනාධිපතිවරයා ඝාථනය කිරීම සඳහා සිදුකරනාලද සියළු සැලසුම් ලිඛිත ශාකෂි,”රනසිංහ ප්‍රේමදාස ඝාථනය වීමට විනාඩි පහළොවකට පෙර” ශ්‍රීලංකාවේ ඉන්දියානු කාර්‍යයාලය විසින් නවදීල්ලියට ලබාදුන් සුවිශේෂී දුරකථන හඩපටය අපසතුව පවතී,.!

    ”ඉන්දියානු රඡයේ සැළසුම්මත ”රනිල්වික්‍රමසිංහ පාළණය කරනාලද සමයේ” ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා ඝාථනය කිරීමට සැළසුම් සකස්කරන ලදී, නමුත් බටහිර සැලසුම් මත ඉන්දියානු සම්බන්ධීකරනය යටතේ, සිදුකරනාලද පාස්කුප්‍රහාරය ”අසාර්ථ වීම නිසාවෙන්” රනීල්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා,වූ අභියොගය, ප්‍රේමදාස මහතාගේ පුත්‍රයාගේ ඝාථනය ක්‍රීයාත්මක වීම වැලකී යන ලදී,.
    කෙසේනමුදු ඉන්දියානු ඝාථකයා ඉලක්කය හඹායෑම සූකෂමලෙස සිදුකරනබව පැහැදිලිලෙස නිරීකෂණයට,……..!

  2. Saradiel says:

    මල්ලි උසනම් සිකුරිටි…
    මිටිනම් කම්කරු….
    හහ්… හහ්…. හා…..

  3. Love nature says:

    දවල් දකින සිහිනද ප්‍රතිඵල නොලැඛෙන බව විශ්වාස කෙරේ.

  4. Gamarala says:

    දවල් හින දැක දැක හිටපන්..

    • Rajith Wijesena says:

      මේ කතාව දවල් හීනෙකටත් එහා
      මුගෙ හරක් මොලේ ආයෙත් පෙන්නීමක්.
      බුද්ධාගමයි ම්ලේඡ්ච මුස්ලිම් ආගමයි එකතු කරන්න පුලුවන් කියන්නෙ පකිස් බූරුවෙක් විතරමයි.

  5. Mithun says:

    😇😇😇😇😂😂😂😂🤮🤮

  6. පොඩි එකා says:

    ඔය මමයි මමයි කියන ආත්මාර්ථකාමී සිතුවිල්ල තමයි කවද හරි මෙයාව විනාස කරන්නේ..

  7. සිරිසේන says:

    මෝඩ සජියා ගඟ හත් ගව්වක් තියල අමුඩ ගහනවා.

  8. කැපුවත් පොහොට්ටුවට says:

    බලාගෙන හිටපන් මෝඩ මීහරකා. අපේ ආන්ඩුව උබ මැරෙනතුරු පරදින්නෙ නෑ.

  9. පොඩි එ​කා says:

    ඔබ තුමා 2024 ජනාධිපති වෙලා, රාජපක්ශලාට ඊළග ජනාධිපති වෙන්න හදලා දෙන එක නේද වෙන්නේ? හොද කෙනෙක්ව පොදු අපේක්ශකයාට දැම්මොත් නරකද?

  10. Sam says:

    මොන්ගල එන්න එන්නම වැඩි වෙනවා,