අනාගත නායකයාගේ විශේෂ නියෝජිතයා ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටුයි..

September 3, 2018 at 10:53 pm | lanka C news
අනාගත නායකයාගේ විශේෂ නියෝජිතයා ලිංගික අල්ලස් ඉල්ලා මාට්ටුයි..

දකුණු පළාතේ කෙලවරේ නගර සභාවක මන්ත්‍රිවරයෙක් අවුරුදු 23ක තරුනියකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

අදාල නගර සභා මන්ත්‍රිවරයා විසින් තම ආසනයේ කැබිනටි ඇමතිවරයෙකුගේ අමාත්‍යංශයේ රැකියාවක් ලබා දිමට කටයුතු සකසා දියහැකි බව පවසා අදාල තරුනියට තනිවම ඹහුගේ නිවසට එන ලෙස පවසා ඇත.

තරුනියද කිසිදු පැකලිමකින් තොරව සහතික පිටපත් කිහිපයක්ද රැගෙන මන්ත්‍රිවරයා මුන ගැසිමට ගොස් තිබේ.

ඇය නිවසට යන විට මන්ත්‍රිරයා පමනක් නිවසේ සිට ඇති අතර ඔහුගේ බිරිද කොළඹ රැකියා කටයුතු වලට ගොස් ඇත.

කඩිනමින් රැකියාවක් ලබා දීම වෙනුවෙන් මන්ත්‍රිවරයා තරුනියට අයුතු යෝජනාවක් කර ඇති අතර එය ඇසිමෙන් තරුනිය දැඩි අපහසුතාවයට පත් ව ඇති අතර ඇය වහාම මන්ත්‍රිවරයාගේ නිවසින් පිටව ගොස් තිබේ.

පසුව ඇය මෙ පිළිබදව තම සොහොයුරාට පැවසුවිට ඔහු මන්ත්‍රිවරයා මුන ගැසි මෙ පිලිබදව දොස් පවරා ඇති අතර එහිදි මන්ත්‍රිවරයා තරුනියගේ සොහොයුරාට පහර දීමක්ද සිදුකර ඇතැයි වාර්තා වෙයි.

මෙම තරුන මන්ත්‍රිවරයා පසුගිය මැතිවරනයේදි ජන්ද කොඨිටාසය පරාජය වි ලැයිස්තුවෙන් නගර සභාවට තේරි පත් වූවෙකි.

මොහු දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ආසනයේ විශේෂ නියෝජිතයා ‍ලෙස කටයුතු කරන අතර පොලිස් පොතේද කිහිපවරක්ම නම ලියවි ඇති තැනැත්තෙකි.

146 views
Main News