අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති ප්‍රතිඥා දෙයි..

February 9, 2020 at 12:40 pm | lanka C news
අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති ප්‍රතිඥා දෙයි..

අනාගත පරපුරට මේ අපේ මවුබිම යැයි ආඩම්බරයෙන් කිව හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

රට ගොඩනැගීමට තමාට පැහැදිළි දැක්මක් තිබේ.  එය තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ඉදිරිපත් කර ඇති බව  කොළඹ දී පැවති ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය.

ආනන්ද විද්‍යාලයීය සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමට සමගාමීව විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපතිවරයා පිළිගැනීමට හමුව සංවිධාන කර තිබිණ.

බෞද්ධ දර්ශනය මත පදනම්ව විද්‍යාලයෙන් ලද ජාතිකත්ව චින්තනය මව්බිමට ආදරය කරන පිරිසක් බිහි කිරිමට ඉවහල් වූ බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

“ආනන්දය හැමදාමත් රටට ආදරය කරන ලෙස සිසුන්ට ඉගැන්වූ පාසලක්.  පරම්පරාවෙන් පරම්පරාවට දේශප්‍රේමි පුතුන් බිහිකළ පාසැලක්.  වර්තමානයේ ජාතියේ නායකයින් ලෙස හොඳින් රට ඉදිරියට ගෙන යාමට හැකි වී ඇත්තේ ආනන්ද විදුහල් මාතාව ලබා දුන් ශක්තිය නිසා” යැයි ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අයෝමා රාජපක්ෂ මැතිණිය , කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආදි ආනන්දියන් සහ ආදි සහ වත්මන් ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ

18,735 Viewers

11 Comments to “අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති ප්‍රතිඥා දෙයි..”

  1. Eiffel says:

    අයියා එක්ක පුළුවන් වෙයිද ?

    • හැකහැක says:

      බල්ලොත් එක්ක බෑ කියලා මෙතුමට තේරිලා

    • මකරා says:

      අයියා නිසා තමයි පුලුවන්. “ගෝටා හොඳයි අයියා කරන්න දෙන්නෙ නෑ ” කියන්නෙ අවමංගල් මොංගලයා මේ දවස්වල මිනිසුන්ට කවන මඩක්.

      • Eiffel says:

        ඕකට මොංගලයෙක් ඕනා නෑ බන්. බලපන් ඉන්දියාවට එක්කන් ගිය ගානයි, එක්කන් ගිය එවුනුයි.. මිරිස් කුඩ්ඩවත්එක්කන් ගිහින්…

        ඕවා ඔක්කොම ⁣ජනපතිගෙ උත්සහය අපතෙ යවන වැඩ…

    • Silva says:

      aiyaa rkka tikak amaaru nisaa
      Eiffel…umbe ammawa ewapan…… .kery unjvp. pissu ballo. rata hedenawata kamathi naha.

  2. A says:

    Yes u can do it. U got the vision & capability. If u can do it . No doubt our country will be developed soon. All the best.

  3. හෙළදිව වැසියෙකු වී ඉපදීම ගැන හීං ආඩම්බරකාර , සතුටු හැගීමක් හදෙහි ටික ටික අවදිවෙන්න පටන් ගෙන ආයෙමත්.
    ඔබට හුදී ජන තුති මල් හා තිසරණ ජනපතිදාණෙනි!

  4. n.s fasions kurunegala says:

    anada kiyage uda dagena weda epa – man pissu nalandeta hihin mage laya parata adala dapu school ekak nalande – schools wedakma ne – pissu

  5. gamarala says:

    මේ අවස්ථාවේ රජයට සහයක් දීම කාගේත් මනුස්ස කමක්

  6. Buddhist says:

    kata withrai, kata nathanam pusek thamai ussan yanne. Ai Jathiye ekamuthuwa gana katha karapu mohu, nidahas samarume di Demanda Jathika geeya gayana karanna dunne na ne.

Main News