අනාගත ලොවට උවමනා නවතම ගුවන් යානා ගාල්ල ඉමදුවෙන් සකසයි..

September 18, 2020 at 3:00 pm | lanka C news
අනාගත ලොවට උවමනා නවතම ගුවන් යානා ගාල්ල ඉමදුවෙන් සකසයි..

ගිනිකඳු,සාගර,සුනාමි, ආගාද ,තාරකා ,විශ්වය ආදි විවිධ වු තැන්වල ව්‍යවසන සොයන්නට නියමුවන් නොමැති ගුවන් යානා සකස් කරන ගාල්ලේ,ඉමදුවේ වයස අවුරුදු 14 ඡැගට් පොඩ්ඩාගේ විශ්මිත නව නිපැයුම් සොයා අප ගිය කතාන්දරය සත්තකින්ම අගනේය.

අපේ කතාන්දරයේ කතා නායකයාගේ නම එච්.එම් දම්සිත් තිළිඳු හේරත්ය. වයස අවුරුදු 14 ක් වු මේ පාසල් සිසුවාගේ පාසල ඉමදුව බටේමුල්ල ජාතික පාසලයි. හෙතෙම මෙවන විට 09 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින්නේය.අපේ දම්සිත් සත්තකින්ම මහා මොලකරුවෙකි.

හෙතෙම මේවන විට විවිධ වු තාක්ෂණික උපකරණ රැසක් මේවන විට සකස් කර ඇත. ඒ සඳහා දම්සිත්ට කිසිදු උපදේශකයෙක් නොමැති අතර උපන් හපන් කම් ඇති හරි පුදුම දක්ෂතාවයක් ඇති දම්සිත් මේවන විට විවිධ තාක්ෂණ උපකරණ පනහකට අධික ප්‍රමාණයක් සකස් කර ඇත්තේ තම නිවසේ සිටිය. ඔහුගේ කුඩා නිවසේ කුඩා කාමරයක මේ නිෂ්පාදන නව නිපැයුම් සිදුකරන්නේය. එම කමාරය කුඩා වුව ද මහා කර්මාන්ත ශාලාවක් දැයි අපට සිතේ එහි තැන තැන තැනින් තැන දම්සිත් සකස් කරන ලද නිර්මාණය කරන ලද විවිධ තාක්ෂණ උපකරණයයි. එය ඇත්තටම දම්සිත්ගේ සිත්ගත් උපකරණයි.

ඒවා රටේ ලෝකයේම සියලුම ජනතාවගේ සිත් සතන් පුදුම කරවන්නට සමත් උපකරණ රැසකි. එය අපේ මේ පුංචි හපනා සිදු කරන්නේ පෙර පුරුද්දටද යන්න සිතාගත නොහැකිය.

විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයෙන් යුතු ගුවන් යානා රැසක් මේ විවිධ නිපැයුම් අතරට එක් වේ. ද්‍රෝණ කැමරා ද කිහිපයක් සකස් කර ඇති අතර මේ ගුවන් යානා සියල්ලම නියමුවන් රහිතව උඩු ගුවනේ පියාසර කල හැකිය. ඒවා කිලෝ මීටර් පහක් පමණ ඉහළ අහසට දක්වා එස වී පියාසර කරන්නට හැකි පරිදි දුරස්ථ පාලයකින් තාක්ෂණය මෙම ගුවන් යානා වලට ආරෝපණය කර ඇත.

මෙම ගුවන් යානා වලට සවිකර තිබෙන විවිධ ප්‍රමාණයේ කුඩා කැමරා තුළින් ගුවන් ඡායාරුප ද,භූ විෂමතා ලක්ෂණ ආදිය හඩ ද පිංතූර ද නිවැරදිව පැහැදිලිව ඕනෑම පරිසර කාලගුණික තත්ත්වයක් යටතේ සිදුකර ගත හැකි හැකියාව තිබේ. එය තමාගේ සුවිගේෂ වු නිපැයුම් අතර කිහිපයක් පමණක් බැව් දම්සිත් පුංචි හපනා අප සමඟ පැවසීය.

දම්සිත් පවසන පරිදි පහසුකම් සහිත තාක්ෂණික ක්‍රමවේදයක් මත පදනම් වු කුඩා ගුවන් යානාවක් සකස් කරන්නට මේවන විට පියවර ගෙන ඇත.

අහසේ පොළවේ මුහුදේ ගල්ගුහා වනයේ හෝ ගැඹුරු ජලයේ හෝ ගිනිකඳු, හිම, මීඳමු සහිත මිනිසෙකුට හෝ යම් කිසිදු උපකරණයකට යන්නට ලගාවිය නොහැකි බියකරු හා කුඩා හෝ ආගාධ හෝ කදු මෙන්ම වලාකුළු හෝ විවිධ පාරිසරක හා විවිධ භූවිෂමතා ඇති ස්ථානවලට පියාසර කර තොරතුරු ලබා ගන්නට හැකි සැහැල්ලු නියමුවන් රහිත ගුවන් යානාවන් සකස් කරන්නට අපේ කතාන්දරයේ ස්ෆයිඩර් මෑන් නැතිනම් දම්සිත් ජැගට් පොඩ්ඩා ( ආදරයට කියන නම) මේ වන විට සැලසුම් සකස්කර ඒ නිපැයුම් සිදු කරමින් සිටිති.

කුඩා දම්සිත් පවසන පරිදි ඔහු තවත් විශ්මිත උපකරණ නිපදවා ඇත්තේය. ඒ අතර දුරස්ත පාලකයකයක් නොමැතිව ක්‍රියා කරන්න කසළ බඳනකි. එම කසළ බඳුනට අසලට අත දිගු කර පමණින් එහි පියන විවෘත වේ. මිනිස් අත කසළ බඳුන අසලින් ඉවත් කරන නිමේෂයේ දී කසළ බඳුනේ පියන වැසි යන ආකාරයට එය නිර්මානය කර තිබේ.එය අතින් ඇල්ලීමෙන් මිනිස් ස්පර්ශයකින් තොරව කිසිදු ස්පර්ෂයක් නොමැතිව ක්‍රියා කරන කසළ බඳුනකි.

දම්සිත් පවසන්නේ තමත් තවත් අලුත් නිපැයුමක් සිදුකළ බවයි. ඒ රියදුරන් නොමැතිව රහසේ ගමන් කළ හැකි කුඩා මෝටර් රථයකි. ( කාර් එකක්) .එය පණ ගන්වා ගන්නට ක්‍රිලෝ මීටර් පහක දුර ඈත සිට සිදුකල හැකි අතර සමතලා භූමියක තාර පාරවල් අධිවේගී මාවත් වැනි පෘෂ්ඨයක මේ වාහනය ගමන් කළ හැකි ධාවනය කළ හැකිය.එයට රියදුරෙක් උවමනා නැත. දුරස්ථ පාලයකින් මෙය ක්‍රියාත්මක කරන්නට හැකියාව තිබෙනවා දම්සිත් අප සිත් ගන්නා සුළු ආකාරයෙන් ගිරා මලිත්තෙන් පවසන පරිදි කියාගෙන යයි.

මෙම කාර් රථයට අමතරව,මෙහි කිලෝ පහක බර ඔසවාගෙන ගමන් කළ හැකි මෝටර් රථයක් මොහු සකස් කර ඇත. එයට ද කිලෝ මීටර් පහක් හයක් ගමන් කළ හැකි තාක්ෂණයක් සහිත රියදුරෙක් රහිත කාර් රථයකි.මේවා කුඩාවට සකස් කර තිබෙනවා. මෙය විශාල කර සකස් කළ හැකියි. එවිට ඇත්තම රියදුරෙක් ඇතුව හෝ නැතුව මෙහි ධාවන කටයුතු සිදු කරන්නට හැකියාවක් තිබෙනවා. එවිට කාලය හා වැයවන උපකරණ හා ද්‍රව්‍ය තමයි වැඩි වැන්නේ.ගුවන් යානාවලටත් මේ කාර් රථ සකස් කරන්න අන්න ඒ ආකාරයටම විශාල කර සිදු කරන්නට හැකියි අපේ කතාන්දරයේ කුඩා වීරයා පවසයි.

නිවාස ගොඩනැගිලි,කර්මාන්ත ශාලා රාජ්‍ය ආයතන වැනි ස්ථානවල ස්යංකීයව ක්‍රියාමක වන විදුලි ආරක්ෂක උපකරණයක් මම සකස් කර තිබෙනවා.එහි යම් විශේෂත්වයක් ඇතිවයි සකස් කර තිබෙන්නේ. එය කුඩාම ආකාරයට සකස් කර තිබෙන නිසා සකස් කළ නිසා එවැනි ආරක්ෂක කැමරා පද්ධතියක් අදාළ ස්ථානයේ ක්‍රියාත්මක වෙනවාද කියා කිසිවෙකුට දැන ගන්නට හැකියාවක් නෑ.

විවිධ විදුලි උපකරණ සකස් කරන දම්සිත් ඉවත දමන පරිගණක වලට සිත් ගන්නා ආකාරයෙන් නවතම ආකාරයට සකස් කරන්නට අලුත් වැඩියා කරන්නට ද අපනෙකි.

ඕනෑම තාක්ෂණික භාණ්ඩයක් සකස් කරන්නට අලුත් වැඩියා කරන්නටද දම්සිත්ට ගත වන්නේ කුඩා කෙටි කාලයකි.පරිගණක තාක්ෂණයේ විවිධ වු කටයුතු වාගේම, කැමරා අලුත් වැඩියා කිරීම හා කැමරා කරණයට පිංතූර හා වීඩියෝ සංස්කරණය කරන්නට ද දක්ෂ දම්සිත් අනාගතයේ දී ඉංජිනේරු අංශයෙන් තම මෙහෙවුර ඉටුකරන්නට ලස්සනම ලස්සන සිහිනයක් ඇත.

තමා ඉගෙන ගන්නා ගාල්ල, ඉමදුව,බටේමුල්ල විද්‍යාලයේ සියලුම තාක්ෂණික උපකරණ හා පරිගණක අලුත් වැඩියාවක් තිබේ ද බාධාවක් ඇති වන්නේ ද දම්සිත් මේ ගැටළුවලට ක්ෂණිකවම විසදුම් ලබා දෙන්නට සමත්ය.

පාසලේ මෙන්ම ගමේද,නිවසේ ද ඡැගට් පොඩ්ඩා යන අනවර්ථ ආදර නාමයෙන් හදුන්වන අපේ කතාන්දරයේ දම්සිත් පාසල් අධ්‍යපන කටයුතු ද නියමිත ආකාරයෙන් සිදු කරයි. පාසලේ විවිධ වු බාහිර කටයුතු වලට සම්බන්ධ වන අපේ ජැගට් පොඩිඩා පාසලේ මාධ්‍ය අංශයේ ද සමාජිකයෙකි. කැමරාවෙන් ඡායාරූපයෙන් වීඩියෝ දසුනින් ද ඒවා සංස්කරණයෙන් හා පාසලේ මාධ්‍ය අංශයේ ශබ්ද පරිපාලන කටයුතු වැනි දේ පවා සිදු කරන්නේ දම්සිත්ය.පංතියේ පළමු වෙනියා හෝ දෙවැනියා හෝ තුන් වෙනියා වශයෙන් ස්ථාන හිමිකර ගන්නට දම්සිත්ට හැකිය. තම පාසල් වැඩවලට ද,තම නව නිපැයුම්වලට ද, බාහිර කටයුතු ද සිදු කරන හෙතෙම විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයෙන් යුතු දුරේක්ෂ ද නිපදවන්නේ සකස් කරන්නේ තම අහිංසක සිහිනයට සිහනහවක් එක් කරන්නටය. ඒ සඳහා තමාට විවිධ බාධක ඇති බව අපේ දම්සිත් අප සමඟ කීය. මේ කොතරම් කටයුතු නව නිපැයුම් සිදුකළ ද තම ආශාව ද හෙතෙම අප සමඟ කීය.

ආශම කැමතිම විෂය විද්‍යාව.මම කැමැතියි තාරකා විද්‍යාවට. එය මම පත පොතෙන් අන්තර්ජලයෙන් හා විවිධ වු තොරතුරු ඇති පත්පොත් වලින් අදහස් තොරතුරු ලබා ගන්නවා. නමුත් අපේ පාසලේ ඒ කියන්නේ ගාල්ල,ඉමදුව, බටේමුල්ල ජාතික පාසලේ තාරකා විද්‍යාව නෑ.නමුත් මම කැමතියි තාරක විද්‍යාවෙන් ඉගෙන ගෙන ඒ තුළින්ද ඉදිරියට යන්න.අපේ පාසලේ මේ පහසුකම් නෑ .නමුත් මම ඒවා තනියමම ඉගෙන ගන්නවා. අත්හදා බැලීන් ද සිදුකරනවා.ඒ විෂය සම්බන්ධයෙන්ද මා ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා.

ගාල්ල කොළඹ වාගේ නගරවල තමයි තාරකා විද්‍යාවට පහසුකම් ඇති පාසල් තියෙන්නේ.අපේ පාසලේ ඒ පහසුකම් නෑ.පාසලේ මේ විෂය ආරම්භ කරනවාය කියලා විදුහල්පති තුමා කීවා. මට මේ හැකියාව,දක්ෂතාවය නිපුනත්වය හා මාගේ අහිංසක සිහිනවලට පියාපත් එන්නට මට තාක්ෂණික හා තාරකා විද්‍යාව විෂය උගන්වන පාසලක් තිබුනා නම් මට තවත් පහසුවක් තියනවා අපේ කතාන්දරයේ දම්සිත් සිත් සන්සුන් කරගෙන ප්‍රකාශ කළේය.

දම් සිත්ගේ පියා ඉංජිනේරුවෙකි. හෙතෙම එච්.එම් හේරත්ය ( 45) ඔහු සෞද්ධි අරාබියේ සේවය කරන්නේ ඉංජිනේරු උපදේශකයෙක් වශයෙනි.දම්සිත්ගේ අම්මා ගෘහණියකි. ඇය නමින් එම්.ජී තිලකා ප්‍රියංජනි නම් වූවාය. ඇය ද 45 පස් වන වියේ පසුවන්නීය. මේ කතාන්දරයේ අපේ පුංචි හපනා දම්සිත්ට ලස්සනම ලස්සන බාල සහෝදරියක් සිටි. ඇය ගාල්ල,ඉමදුව,බටේමුල්ල නාලන්දා ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙන ගන්නා ඇයට තවම වයස නවයකි. ඇය ද අයියාට සහයෝගය ලබාදෙති. දම්සිත්ගේ අම්මා ද, දම්සිත්ගේ ඉදිරි පෙර දිගු ගමනට සිත සවිය ගත සවිය ආදරය සෙනෙහසද ලබා දෙන්නේ සිය පියාගේද රැකවරණය හා උනන්දුව හා සිය පියාගේ දිරි ගැන්විම තුළයි.

– බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

45,615 views

8 Comments to “අනාගත ලොවට උවමනා නවතම ගුවන් යානා ගාල්ල ඉමදුවෙන් සකසයි..”

  1. CAT says:

    දම්සිත්ට අපෙන් සුභ පැතුම් …ඔබේ සෑම අත්හදාබැලිමක්ම සාර්ථක වේවා ..ඔබ ගැන අපි ආඩම්බරයි

  2. අල්ලා says:

    දම්සිත්ට ධර්මයත් කියල දුන්න නම් හරි..

  3. Inventor says:

    බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල් මහතාණෙනි,
    ඔබතුමා ඉතාම සිත්ගන්නා ආකාරයෙන් පුවත ලියා ඇතිමුත්, මෙහි හුවාදක්වා ඇති නිර්මාණ එකක්වත් අලුත් නිර්මාණ නොවෙන බව ඔබ හොඳාකාරවම දන්නේ යැයි සිතමි.
    For Example:
    – Household garbage bin with a sensor was available in Japan for more than 5 years now.
    – Self-driven cars available for the public (especially for the aged to go to hospitals) available in Japan for about three years. (Tesla anybody?)
    – Various kinds of drones and auto-piloted helicopters were available all over the world.

    It is nice that we have a genious kid but making a mountain out of molehill is not journalism.

    • Some guy says:

      Can’t say more. These are the people who thought it was a new invention when a kid presented a readily available alcohol sensor and broadcasted it in news. Please don’t exaggerate them just give them the proper guidance to do something actually new because they have potential and creativity.

  4. රංජිත් ප්‍රේමලාල් ඉඳිකඩහෙන says:

    තාත්තා සවුදියේ, අම්මා 45 ගෙදර ඉමදුවේ. ඔන්න යනවා නම්.

  5. ලංකාපුත්‍ර says:

    Inventor නිකන් පණ්ඩිතයෙක් නොවී මේ පුංචි කොල්ලා තවත් ධෛර්යමත් වෙන වචනයක් හරි කියන්න.එහෙම කියන්නබැරි තරම් කුහකත්වයක් තිබෙනවානම් කටපියාගෙන ඉන්න එක හොඳයි නැත්නම් ඔබේ ගොන් බව මුලු රටම දැනගනීවි

  6. බබා පවු says:

    naughty forty. කටිටිය දරැවට උදවි කරන්න පෝලිමෙි යාවි.

  7. Wind says:

    Inventor ඉතින් ඔය ඔක්කොම හොයාගෙන තියෙන්නෙ විශාල තාක්ශන දැනුමක් තියන ඉහළ අද්‍යාපනයක් තියන මිනිසුන් විසින්. මේ පොඩි එකා තුන්වෙනි ලෝකෙ රටක පහසුකම් අඩු ඉස්කෝලෙක ඉදල මේක කරේ.
    තමනුත් නව නිපැයුම් කර්ස්නව ඇති. ඒකනෙ මේ දරුව ගැන ඊර්ෂ්‍යාවක් හිතුනෙ.