අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි.. පෝටි සිටියේ ගෝල්ෆ් ගසමින් මහින්ද කියයි..

September 17, 2020 at 4:40 pm | lanka C news
අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි.. පෝටි සිටියේ ගෝල්ෆ් ගසමින් මහින්ද කියයි..

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද (17) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය.

අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ  අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී.

ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටියේය.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය,

චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා. එමඟින් රැකියා 83000 පමණ බිහි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත වියදම ඩොලර් බිලියන 15ක්. අපි කුඩා අවධියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමුවතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා. කොළඹ වරාය නගරය ඉදි කරන්න සහය වන චීන රජයට අපි ස්තූති වන්ත වෙනවා. චීන කොමියුනිට්ස් පක්ෂය හදලා වසර 100 ගත වෙනවා. එළඹෙන ඔක්තෝම්බර් 01 වෙනිදා මහජන චීන සමූහාණ්ඩුව ජාතික නිදහස් දිනය සමරනවා. අපි ශ්‍රී ලාංකිකයින් හැටියට චීන ජනාධිපතිතුමා ඇතුලු සමස්ත චීන ජනතාවට අපේ සුභ පැතුම් එක් කරනවා.“  යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

චීන ජනාධිපති ෂී ජි පිං මහතාගේ හා එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 සැප්තැම්බර් 17 වෙනිදා ය. පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී  වැඩපිළිවෙළ හේතුවෙන් වරාය නගර ව්‍යාපෘතිය වසරකට වැඩි කාලයක් ඇණ හිට තිබිණි.

වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269 මුහුද ගොඩකර භුමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2 ක් දිගුවන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි,  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමනාකරණ අධ්‍යක්ෂ ජියන් හෝයි ලින්ග් මහත්වරු ඇතුළු වරාය නගර ව්‍යාපෘතියේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට

49,330 views

21 Comments to “අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි.. පෝටි සිටියේ ගෝල්ෆ් ගසමින් මහින්ද කියයි..”

  1. බන්ඩා says:

    පෝට් සිටිය වහනවා යය් පාරම් බෑ හිටපු අගමැති රනිල් අද මංත්‍රී කමක් වත් නැතුව ගෙදර.

  2. China Boy says:

    I think our PM is dreaming in his own fantasy land. Due to US sanctions on Chinese Companies (port city investor already in this sanction list) they will not able to bring any. investor. Due to this Investor sentiment is very negative. Only thing we can do is use this area for sending kites. Very sad situation.

    • Asela says:

      Chinese are investing even in Iran, Iraq and North Korea. Now Chinese have their own Money Transfer network so they are no longer depending on SWIFT so they are not only bring Investors but also investment even US put sanctions on Sri Lanka.

      Some of the bigger investors are already set. It will be south Asian financial city – like Hong Kong

      If you don’t know the situation don’t bluff in here

    • Citizen Banda says:

      How old are you? If u can live upto 2030, u can see that the new world power is not going to be USA.. they have already started going down the drain. By then UK And major parts of europe will be under muslim extremists. its the asia where will be the world center of power.

    • Dp says:

      before long China will impose sanctions on USA

  3. John the baptice says:

    අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටි වෙන්නේ කෙසේද ? එහි අයිතිය ඇත්තේ චීනයට …දේශපාලකයින් කාවද මේ රවටන්නේ ? ලැජ්ජයි ..වසර 99 යන විට ගෝල්ෆ් ගැසූ දේශපාලකයින් මේ රටේ ජිවත් නොවේ …මේ පොට්සිටි එකේ ප්‍රශ්න බලපාන්නේ අපේ රටේ අනාගත පරපුරටයි ….රටක සම්පත් වසර 99 බදු දී චීනය සතු වී තිබියදී අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටි වෙන්නේ කෙසේද ? කවුරු කලත් වරද වරදමයි

  4. අල්ලා says:

    හොඳ වැඩක්…. චීන රජය මුස්ලිම් අන්තවාදය මර්දනයට කිරීම ගැනත් සුබ පතනවා. ලංකාවත් චීනය වගේ මුස්ලිම් අන්තවාදය මර්දනය කල යුතුයි…

  5. kkuruwita says:

    සුබ අනාගතයක් !! මගේ රටට ජයවේවා !!! ජයවේවා !!!!

    • Saradiel says:

      කොහොමද රටට ජයවෙන්නේ ..අගමැතිගේ චීන පෝට් සිටි සිහිනය සැබෑ වෙන විටද ?වසර 99 එය අයිති චීනයට ..ආදායම චීනෙට මිසක් අපේ රටට නොවේ …ජාතික සම්පත් විදේශියන් සතු කිරීමෙන් අපේ රටට ආදායම් ලැබෙන්නේ කෙසේද ?වසර 7000වැඩි ඉතිහාසයක් ඇති අපේ රටේ රජවරු අපේ රට උගස් කලේ විකුණුවේ නැහැ ඒවා ආරක්ෂා කළා නමුත් වසර 71පාලනය කල වත්මන් දේශපාලකයින් නිසා අපේ රටේ ජාතික සම්පත් විනාශ උනා ..ඒවා වසර 99 විදේශිකයින් සතු කළා එක ගැන අපි දුක් විය යුතුයි

      • Seen says:

        කොහෙද බං ජාතික සම්පතක් ඔතන තිබුනෙ. තිබුනෙ මුහුද විතරනෙ. චීන ඇවිත් ගොඩ කලේ නැත්තම් ගෝල්ෆේස් එකේ හුලන් බිබී තමෛ ඉන්න තිබුනෙ. යකෝ හොද දේට හොදයි කියන්න කාරුනික වෙයන්.

  6. නැට්ටේ ඉඳන් ම කොරෝනා says:

    අපිත් දැන් ඉස්සරහ ට ගොල්ෆ් ගහන්න තමයි හිතන් ඉන්නේ. වෙන මොකුත් ඉතින් කලාට කිසි ආදායමක් තියන එකක් යෑ. ටුවරිස්ම් නැහැ රට රස්සා නැහැ එයා පෝට් වහගෙන කඩාවල් වල බඩු නැහැ..ඇට නැති සව් බාගයක් ගහලා බුදියගන්න කියලා තමයි කියන්න වෙන්නේ.

    • John the baptice says:

      ගෝල්ෆ් ගැහිල්ල ගොඩයට මැජික් වගේද ?

    • කොට මොඩල් says:

      වැඩ කරන එකා කොරෝනා ප්‍රශ්නයක් කරගන්නෙ නෑ. නිකං ඉන්න එකා හැම දේකම අඩු පාඩු හොයනවා විතරයි ..රටට බරක්.

  7. ranga says:

    මාර ගෝල්ෆ් ගැහිල්ලක්නෙ.

  8. UNP GAL IBBA says:

    ලංකාවේ ඉන්න වසලයන්හට මොකක් කොරත් වැරදියි හැමවිටම රිනාත්මක වීම සිංහලයාගේ උපතින්ම දායාදවුවක්>>>>>>>><<

  9. vis8 says:

    Great initiative and great work! All the best, Sri Lanka. You are in good hands.

  10. Malika says:

    මම දන්න විදියට නම් පෝර්ට් සිටි එක අගමැතිතුමා ඔය ගොඩ කරපු ඉඩම චීනයට සින්නක්කරයට වික්කා. නමුත් රනිල් ගිහින් මේ ඔප්පුව 99 අවුරුදු බද්දට හදා ගෙන රටට ඒකෙ අයිතිය අඩුම තරමින් අවුරුදු 99 කින් හරි අරන් දුන්නා. ( මේ වෙනකොට අපි නම් මෙලොවෙත් නෑ. ඒත් අඩු තරමින් ඉදිරි පරම්පරාවට හරි ඒක ලොකු දෙයක්) රනිල්ගේ ගොඩ වැරදි තියනවා. නමුත් මේ ප්‍රොජෙක්ට් එකේදී එයා කලේ රටට යහපතක්.