ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය 64 ක් අත්අඩංගුවට…

June 17, 2022 at 5:30 pm | lanka C news
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය 64 ක් අත්අඩංගුවට…

නීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගත් පුද්ගලයින් 64 දෙනෙකු මුලතිව් සහ ත්‍රීකුණාමලය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් සහ ත්‍රීකුණාමලය අතර වූ මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුරදී අනාරක්ෂිතව ප්‍රමාණයට වඩා වැඩියෙන් පුද්ගලයින් පටවාගත් බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් අදාල යාත්‍රාව පරික්ෂාවට ලක්කොට ඇත.

එහිදී අදාල පිරිස් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය වීමට උත්සහ ගෙන ඇති බවට තහවුරු වීම හේතුවෙන් නාවික හමුදාභාරයට ගැනීමට පියවර ගත් අතර එහිදී පිරිමි පුද්ගලයින් 50 දෙනෙකු, කාන්තාවන් 11 දෙනෙක්, ළමුන් 03 ක්ද ඊට අමතරව අදාල පිරිස් වෙනත් රටකට රැගෙන යාමේ ජාවාරමට සම්බන්ධ වූ පුද්ගලයින් 07 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

අදාල පිරිස් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු අනාරවනය වී ඇති අතර නාවික හමුදා භාරයට ගත් පිරිස් මුලතිව් යාපනය සහ ත්‍රීකුණාමලය ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 02 සිට අවුරුදු 55 දක්වා වූ වයස් සීමාවන්හි පුද්ගලයින් බවට අනාවරන වෙයි.

නාවික හමුදා භාරයට ගත් පිරිස වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලීසිය වෙතට භාරදීම නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,655 views

3 Comments to “ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය 64 ක් අත්අඩංගුවට…”

  1. Amaris says:

    මේක කිසිසේත් ලංකා රජයට නතර කරන්ඩ පුලුවන් දෙයක් නොවේ .මේක කරන්ඩ පුලුවන් Australia රජයට පමනයි .Asylum ලබාදීම නතරකරන තාක් මේ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ . සිංහල මුස්ලිම් හැර මුන් සියලු දෙනාටම Asylum ලබා දෙනව .මුන් එහෙගිහින් කියන්නේ නෑ ජීවත්වෙන්ඩ අමාරු නිසා ආව කියල .ඒව කීවට මුන්ට Asylum ලැබෙන්නේ නෑ .මුන් කියන්නේ සිංහල මිනිස්සු හිරිහැර කරනව ආරක්ශක අංශවලින් උන්ගේ ගෑනු දූශණය කරනව වගේ දේවල් කියන්නේ .ඒව ඔප්පුකරන්ඩ රහස් ප්‍රදේශවල් තුවාල කැලල් පවා හදාගෙන යන්නේ .පිරිමින්ට හමුදාවෙන් වද දුන්න කියල ශරීරයපුරා කැලල් හදාගෙන යන්නේ .ඒව කරන වෛද්‍යවරු ඉන්නව .උසාවියෙදි භාශා පරිවර්තකයෙක් දෙනව ඒ උන්ගෙම එකෙක් .ඌ කියන්නේ මුන් කියන්දේ නොවේ ලකුණුවැටෙන මුන්ට වාසි සහගත දේ .ඉතින් සියල්ලට Asylum .මේක රටට විශාල අපකීර්තියක් .ජනාධිපති UK ,Australia තනාපතිවරු ගෙන්වා ඔහුන්ට තරයේ අවවද කල යුතුයි නැත්නම් මුහුද මැදදීම ඉවරයක් කල යුතුයි .

  2. සම්පූර්ණ අනුග්‍රහය ආරකෂාව ඔිස්ට්‍ර්ලියාවට යන්නන්හට වහාම ලබාදෙනු,.! says:

    ඔිස්ටේලියාව යනු හෙළයන්ට අයත් භූමියක් බව ආරකශක හමුදාවල සිටිනා සුද්දන්ගේ පුක ලෙවකන පරයන්ට අවධාරණය කර සිටින්නෙමු,.!

    දමිළ මුස්ළිම් ඇතුළු සිව් හෙළයේ ආදීවාසී ඡනකොටස් නිඡභූමි සඳහා පිටත්වීමට කිසිලෙසක බාධා නොකරනු,.!

    බිතාන්‍ය ත්‍රස්ථයන් මුල්ඡනයා සමුළඝාථණයකර අත්පත්කරගන්නාළද නිඡභූමි වලට පිටත්වන කිසිම හෙළයන් හට කිසිළෙසකින් භාදා නොකරනලෙස ආරකශක අංශවළට අවධාරණයකොට දැනුම්දී සිටින්නෙමු ,.!
    ඔිස්ට්‍ර්ලියාවට යන කිසිවෙකුටත් බාදා නොකරනු,.!
    සම්පූර්ණ අනුග්‍රහය ආරකෂාව ඔිස්ට්‍ර්ලියාවට යන්නන්හට වහාම ලබාදෙනු,.!

  3. දමිළ මුස්ළිම් ඇතුළු සිව් හෙළයේ ආදීවාසී ඡනකොටස් නිඡභූමි සඳහා පිටත්වීමට බාධා නොකරනු,.! says:

Main News