අනාවැකිය හරියට හරි.. කලින්ම නාමල් හිරේ.. තව තොගයක් පෝලිමේ..
October 12, 2017 at 6:28 am | lanka C news
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරකසභිකයන් සහ කොළඹ දිසා සංවිධායකවරුන් පිරිසක් කොළඹ 7 දොස්තර හඩ්සන්ද සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී ඇස් සහ සිරුරේ කොටස් දන්දීමේ පොරොන්දු පත්වලට අත්සන් තබන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා
අද දින අපි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ආවේ ඇස් සහ සිරුරේ කොටස් මෙම සංගමයට දන් දීලා අපි සිරුරෙන් ඉවත් වුනත් සිරුර ජීවත් කිරීමේ හැකියාව තියෙනවා කියන එකත් එමෙන්ම තමන්ගේ මරණින් පස්සෙත් තමන්ට දානමය පින්කම් කරන්න පුළුවන් කියන පණිවිඩයත් රටට ලබාදෙන්න.
අපි අහලා තියෙනවා බෞද්ධ සාහිත්‍යයේ බෝසතුන් වහන්සේ බුදු බව පතා ඇස් ඉස් මස් ලේ දන් දුන් බවට. අපේ රටේ අදත් නිරන්තරයෙන් ලේ දන් දෙනවා. වකුගඩු දන් දෙනවා. නමුත් ඇස් දන්දීමේ ප්රවනතාවය අඩුවෙනවාදෝ කියලා සැකයක් ඇතිවෙනවා. ඒ නිසයි අපි එය යලිත් සමාජගතකිරීමේ අරමුණින් පිවිතුරු හෙළ උරුමයේ නායකයින් විදිහට ඇස් සහ සිරුරේ කොටස් දන් දීමට පැමිණියේ.
ඉතින් මේ ගැන උනන්දුවක් දක්වන හැමෝටම අපි කියන්නේ ඔබ හැමෝටම මේ පිංකමට දායක වෙන්න පුළුවන්. එමෙන්ම කවුරුහරි කෙනෙක් මිය ගියොත් පැය හතරක් ඇතුලත මේ ඇස් දෙක ලබාගත යුතු නිසා කිසියම් මිය ගිය පුද්ගලයෙක් සිටිනවානම් ඔහු සතුව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් නිකුත් කල කහ පැහැති කාඩ් පතක් තිබේදැයි විමසා තිබෙනවනම් වහාම අක්ෂිදාන සංගමයට දැනුම් දෙන්න. මොකද එහෙම උනොත් විතරයි ඒ පුද්ගලයා විසින් සිදුකල දානමය පින්කම පල සහිත වෙන්නේ.
මෙම වැඩසටහන අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන් උදය ගම්මන්පිල මහතා
ප්රශ්නය
හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් නාමල් මන්ත්‍රීතුමන් අත්අඩංගුවට ගත්තා ඒ ගැන මොකද හිතන්නේ
පිළිතුරු
අපි ඔය ගැන කලින්ම අනාවැකි පල කලා. ළග එන ජනමත විචාරණයට කළින් අපි ඔක්කෝම ඇතුලට දානවා ඒ හරහා තමයි භික්ෂුන්වහන්සේලාට ආණ්ඩුව පිලිබද විචේචනය කරන්න බැරි කරන්න, ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් නතර කරන්න ආණ්ඩුව පාවිච්චි කරන උපායක්. නැත්නම් කණ පැලෙන්න ගහපු තුෂාර දළුවත්ත ඒඑස්පී මහත්තයා එළියේ ඉන්න කොට කොහොම කිසිම හානියක් නැතුව උද්ඝෝෂණයේ යෙදුන අය ඇතුලට යන්නේ. ඒ වගේම මහ බැංකුවක් හොරකම් කරලා එතනින් නොනැවති ජත්‍යන්තර බැංකු මංකොල්ලයේ යෙදිලා ඉන්න මේ ආණ්ඩුවේ නායකයින් කාටවත්ම වැස්සකටවත් සිරගෙදරට ගොඩවෙන්න සිදු වෙලා නෑ. මන් හිතන්නේ නාමල් මන්ත්‍රීතුමා ගිය හතර වන වතාව. තව වතාවල් වල යන්න වෙනවා. සිපිරිගෙය නැමැති විශ්ව විද්‍යාලයේ අත්දැකීම් උපාධිය මිටත් වඩා හොදින් ලබා ගන්න ඔවුන්ට පුළුවන් වේවි.
ප්රශ්නය
අද බැදුම්කර කොමිසමට කැඳවලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා සහ සභාපතිවරයාත් මේ සම්බන්දයෙන් මොකද හිතන්නේ
පිළිතුර
අනිවාර්යයෙන්ම ඔවුන් කැඳවා ප්‍රශ්න කළ යුතුයි නමුත් අපිට තියෙන ප්රශ්නය තමයි ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරනවා එතනින් එහාට දෙයක් වෙන්නේ නෑ. පෞද්ගලික ගනුදෙනුවක් පිළිබද පැමිණිල්ලක් ලැබුනත් මහා මාධ්‍ය ප්‍රචාරයක් දීලා පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න තියෙන උනන්දුව මේ බැදුම්කර හොරුන් සම්බන්දයෙන් නෑනේ. දකුණු ආසියාවේ වාර්තා වුණ දැවැන්තම හොරකම මේ වන විට කීදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවද? කීදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවාද? කීදෙනෙකුගේ දේපල තහනම් වෙලා තියෙනවාද? කිසිම දෙයක් සිදුවෙලා නෑ. මේක නාට්‍යයක් නොවන්න නම් වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනේ. මතක තියාගන්න මෙතන තියෙන්නේ ජනාධිපති විමර්ශන කොමිසමක්. මේ කොමිසමට දඩුවම් කරන්න බෑ. තොරතුරු සොයා වාර්තා කිරීම. අපරාධය සිදුවෙලා වසර දෙකහාමාරක් ගියත් තාමත් බී වාර්තා හරහා පොලිස් විමර්ශනයක් ආරම්භ නොවීම විමතියට කාරණයක්. අපි හැමදාම රූපවාහිණිය ඉදිරියේ කට ඇරගෙන බලන් ඉන්නවා බැදුම්කර හොරු ආවෝ ගියෝ කියලා. මේ අතරේ මේ අය මේ මුදල් විදයදම් කරමින් පුවත්පත්,රූපවාහීණි මිලදී ගන්නවා. ස්කාගාර ඉදිකරනවා. දේශපාලකයින්ට යහමින් සල්ලි වියදම් කරනවා. මේක නතර නොකර විමර්ශණ කිසි දෙයක් සාර්ථක වෙන්නේ නෑ. ගෙන එක හොදයි නමුත් කොමිසමට වඩා පොලිස් විමර්ශණ ආරම්භ කරන එක ඉතාමත් වැදගත්.
ප්රශ්නය
සයිටම් විරෝධි පා ගමණක් ඊයේ පැවැත්තුවා අන්තර් විශ්ව විද්‍යාලයෙන් ඔවුන්ට පොලීසියෙන් එල්ල කරලා ජල ප්‍රහාර හා කදුළු ගැස් පෙරටුගාමි දුමින්ද නාගමුවත් තුවල වෙලා රෝහල් ගත කරලා තියෙනවා
පිළිතුර
යහපාලනයේ යහපාලනයේ එහෙම වෙනවනේ යහපාලනය කියන්නේ අපේ කටිට්ය තේරුම් ගන්න ඔනේ මේ පත්කරපු යහපාලන ආණ්ඩුවේ හැටියට නම් බැටන් පාර වදිනවා, ඒවගේම බොරු චෝදනා නගලා හිරේ දානවා, හොරු ටික එළියේ ඉන්නවා, ඇත්ත කතා කරන අයගේ ඔළුව පලනවා, ඒකට තමයි යහපාලනය කියන්නේ. ශබ්දකෝෂත් නැවත ලියවෙන අබුද්දස්ස කාලයක් තමයි උදාවෙලා තියෙන්නේ.
– අරවින්ද අතුකෝරල
Horakam kalath kala kam pala dena bavini…………….
Karapu jada weda oya dewalin wahanna behe. kokatath soodaanamin inna.
තහනම් නියෝග අරන් තියෙනකොට ඔහොම කලේ ඔය උපාධිය ගන්න ඕනේ නිසා. මොකද මුන් හිරේ ගිය කියල දුක් විදිනවද? මෝඩයෝ රැවටෙනවා.
මාර අනාවැකි කීමක්නේ. අපිනම් දන්නවා මෙයාල සැලසුම් කරලා ඕව කරන්නේ කියල. තහනම් කරලා තියෙද්දී කරන්නේ හිරේ යන්න ඕනේ හින්දනේ.
Annawakie harinewei HOREKMA HIRA DADUWAM WIDINNA ONE Thammun elagata pennebalanna onne
Muu thamai Mahinda Mahaththayawa nathi karapu paahara balla… thoge awayawa thoma thiyaa ganin…