අනාවැකි කියන අනුරාධපුර මෑණියන්ගේ දේවාලය ගිනි තබයි..

May 12, 2018 at 9:20 am | lanka C news
අනාවැකි කියන අනුරාධපුර මෑණියන්ගේ දේවාලය ගිනි තබයි..

පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවකගේ දේවාලය කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව වාර්තා වෙයි.

මෙම ස්ථානයේ දේශපාලඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දහස් ගණනක් දිනය පුරා ගැවසෙන අතර එහිදී කියන ලබන දේශපාලන අනාවැකි බොහෝ ප‍්‍රසිද්ධය.

මෑතකදී ඇය විසින් කියනා ලද අනාවැකි කිහිපයකින් පසු ඇයට විවිධ පිරිස් වෙතින් තර්ජන ඇතිවූ බවද දැනගන්නට ඇත.

දේවාලය ගිනිගැනීමෙන් පසු අනාවැකි කියන කාන්තාව නීතිය පැත්තෙන් කිසිත් නොකර දෙවියන් ගැන විශ්වාසය තබා කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

44 views

19 Comments to “අනාවැකි කියන අනුරාධපුර මෑණියන්ගේ දේවාලය ගිනි තබයි..”

  1. Asoka says:

    දෙයියෝ තමයි දන්නේ සිද්දිය.

Main News