අනිච්චාවත සංඛාරා කියන්න ලෑස්ති වෙන්න.. ආණ්ඩුව සියතින් ගෙල සිදගන්න හදන්නේ..- මැදගොඩ අබේතිස්ස හිමි

December 28, 2020 at 10:40 am | lanka C news
අනිච්චාවත සංඛාරා කියන්න ලෑස්ති වෙන්න.. ආණ්ඩුව සියතින් ගෙල සිදගන්න හදන්නේ..- මැදගොඩ අබේතිස්ස හිමි

අනිච්චාවත සංඛාරා කිවයුතු තැනක බවතු සබ්බ මංගලම් කියන්න සූදානම් වන්න එපා යැයි ආණ්ඩුවට දැනුම් දෙන බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

අද වන විට පළාත් සභා ක්‍රමය මෙරට ස්වාභාවික මරණයට පත්වී ඇති බවත් ඒ නිසා පළාත් සභා මැතිවරණයක් අවශ්‍ය නැති බවත් උන්වහන්සේ කියා සිටියහ.

ස්වභාවික මරණයට පත් වී ඇති පළාත් සභාවලට නැවත පන දීම උත්සාහ කරන්නේ නම් එය 69 ලක්ෂයක ජනතා අභිලාෂයන්ට විරුද්ධ වීමක් බව ද ශ‍්‍රී ලංකා පෙරමුණ ආණ්ඩුව සියතින් ගෙල සිඳ ගැනීමක් වනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

පළාත් සභා නැවත පිහිටුවීමේ අරමුණු වන්නේ සමහරැන්ගේ සැමියාට, බිරිඳට, සහෝදරයන්ට මහ ඇමති කම් ඇමතිකම් මන්ත්‍රී කම් ලබාදීම බවද පැවසූ උන්වහන්සේ ඒ වෙනුවෙන් පොදුජන අභිලාශය බිල්ලට දිය නොහැකි බවද කියා සිටියහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

50,199 views

20 Comments to “අනිච්චාවත සංඛාරා කියන්න ලෑස්ති වෙන්න.. ආණ්ඩුව සියතින් ගෙල සිදගන්න හදන්නේ..- මැදගොඩ අබේතිස්ස හිමි”

  1. යාන්තම් හොඳ බණ

    • Janith says:

      ඔබවහන්සේ හරි. කිසි සේත්ම පළාත් සභා අපේ රටට අවශ්‍ය නොවේ. මේ ආණ්ඩුව අප පත් කලේ පළාත් සභා අහෝසි කීර්මට මිස ඡන්ද තැබීමට නොවේ.

  2. පොහොට්ටුවා says:

    පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුත්තේ අලි සබ්‍රිට ජනතාව විරුද්ධ බව පොහොට්ටු උද්දච්චයන්ට පෙන්වීමටය.

  3. Boris says:

    This learned prelate is absolutely right. His view show how greedy this politicos are trying to ruin the country

  4. Boris says:

    This learned prelate is absolutely right. His view show how greedy this politicos are trying to ruin the country & it’s future

  5. Ranjan says:

    ලගදීම අනිච්චාවත සංඛාරා කියන්ඩ වෙයි වගේ .දැන්නම් හොදටම ඉදිමිලා ඉන්නේ .එතකොටවත් ප්‍රශ්ණ අහවරවේද බලමු .

    • Sarath says:

      එහෙම කියන්ඩ එපා බං .මොනව උනත් මහින්ද මහත්තය යුද්ද්දේ නැති කලානේ .

  6. Mr. Alert says:

    Ethkota Sir sanvedi vunoth mokada karanne…????

  7. කෑගල්ලේ ධම්මික ඔසප් පැණිය says:

    කොන්ක්‍රීට් දැම්මා වගේ තමා… වක්කඩේ සීල්…. මාසෙට වතාවක් දුක් විඳීම සදාතනිකවම අහවරයි…. වරක් පාවිච්චි කර බලන්න… ” කෑගල්ලේ ධම්මික ඔසප් පැණිය “

    • අපි කිව්වා නේද 😄 says:

      කාලිගේ සාපය දරුණුයි. මොලේ විකල් වී නන් දෙඩවීමට සලස්වයි .

  8. Prasanna says:

    One good thing done by Yahapalana government is to postpone provincial council elections and prove it that the country can exist without provincial councils. So why should we restore it. Will have to close all provincial government institutions created under provincial councils which are a duplication of institutions and absorb the work and staff to the main body in Colombo.

  9. Alapaluwa says:

    මේ ළුණු බිජ්ජක් වගේ ලංකාවට මොකටද පලත්සබා කිසිසේත්ම අවශ්‍යය නැහැ අනෙක මේ පළාත් සභා වල ඉන්න අය කරපු තරමක් කර තිබෙන්නේ දුෂණය මිස හොද දෙයක් නොවන බවත් කිවයුතුයි. ජනතාවට උපකාර නොකරන මුන් ජරාව මතම පමණක් ජිවත්වන කොටසකි .එමනිසා කිසිසේත් මෙය වන්නට ඉඩදෙන්න එපා අපේ හාමුදුරුවනේ!!

  10. ක්‍රිමිනල් says:

    මේ උන්නාන්සෙලා 20 ට ත් මේ වගේ මෙගා ටෙලිඩ්‍රාමා එකක් දැම්මා , දාලා 20 සම්මත කලාට පස්සේ එක්කො සංවේදී උනා , මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් දඩමීමා කරගෙන මෙගොල්ලන්ගේ මඩිය තරකරගන්නවට වඩා දෙයක් මේ උන්නාන්සෙලා කරන්නෑ . මේ රටට මේ වගේ වොයිස්කට් නිකායේ පුහු දේශප්‍රේමින්ගේ අවශ්‍යතාවයක් නැහැ , ඇත්තටම අවැසි වන්නේ සෘජුව තමන්ගේ මතයේ පිහිටන , හුදු ලාභ ප්‍රයොජනයන්ගෙන් තොරවු , පැහැදිලි බෞද්ධ නියොජනයක් .

Main News