අනින්දා කොළඹ වටලන්න එන ශ‍්‍රීලනිප මන්ත‍්‍රින්ට දැඩි විනය පියවර…

September 3, 2018 at 4:40 pm | lanka C news
අනින්දා කොළඹ වටලන්න එන ශ‍්‍රීලනිප මන්ත‍්‍රින්ට දැඩි විනය පියවර…

අනිද්දා දිනයේ කොළඹදී පවත්වන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට සහභාගි වීමට කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුට නොහැකියයි පක්ෂ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ නොවන කටයුතු සඳහා පක්ෂ සාමාජිකයන්ට සහභාගි වීමට නොහැකි බවත් මෙම නීතිය කඩකරන සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවත් ඔහු පවසයි.

මේ හේතුව නිසා 05 දා විරෝධතාවයට සහභාගී වන සාමාජිකයන්ට විරුද්ධව මධ්‍යම කාරක සභාව විසින් විනය පියවර ගැනීමට හැකි බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

167 views