අනියම් පෙම්වතියට මහ මග වෙඩි තබා ඝාතනය කරයි..
December 15, 2021 at 4:41 pm | lanka C news
වව්නියාව ප්‍රදේශයේදී 33 හැවිරිදි අවිවාහක තරුණියක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
එම තරුණිය තම මව සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී කැලෑබද මාර්ගයක දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
පොලිසිය පවසන්නේ මෙම තරුණිය සමග අනියම් සබඳතාවක් පැවැත්වූ විවාහකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව පරීක්ෂණවලදී හෙළි වූ බවයි.
ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
තමන්ට මොන අලාභයක් උනත් ඇයි මේ වගේ ප්‍රශ්නෙකදි තවත් මනුස්සයෙක්ව මරන්න ඕන කියන තැනට වැටෙන්නෙ???එයත් තමන් වගේම ජීවත් වෙන්න කැමති තවත් ජීවියෙක්නෙ. මොනවද මේ මිනිස්සුන්ගෙ මොලවල තියෙන්නෙ??
මිනිස්සු ඵක ඵක විදියට පාපකර්ම කරගන්න ගමන් බුදුන් දෙවියන් යදිනවා.දෙවියන් ළඟ පෙරලි පෙරලි යදිනවා.දෙවියන් CCTV කැමරාවට අසුනොවන දේවල් පවා දකිනවා කියලා තේරෙන්නේ නෑ.කාවද රවටන්නේ තමන් ම රැවටෙන බව දන්නේ නෑ.ඵම නිසා තමයි ජනතාවට මේ දුක ඵන්නෙ.අද දවස යහපත් ව ඉන්න.තෙරුවන් සරණයි!!!