අනියම් බිරියන්ට බියෙන් එජාප වළන් සෝදන්න ගිය ශ‍්‍රීලනිප ඇමතිලා හෙලිවේ..

March 5, 2017 at 1:20 pm | lanka C news
අනියම් බිරියන්ට බියෙන් එජාප වළන් සෝදන්න ගිය ශ‍්‍රීලනිප ඇමතිලා හෙලිවේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට සහ ඇමැතිවරුන්ට අපේ ආණ්ඩුවක් සැදීමේ සැබෑ වුවමනාවක්  ඇත්නම් ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ කන දීගය නතර කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

බිරියන්ට, අනියම් බිරියන්ට බියෙන් එ.ජා.ප යේ වළන් සෝදන්නට ගිය පිරිස අපේ ආණ්ඩුවක් වෙනුවෙන් ඇමැතිකම් අතහරින පාටක් නැති බව පැවසූ රණතුංග මහතා එ.ජා.පය සමඟ දීග කන ගමන් නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගැන කතා කිරීමත් විහිලුවක් බවත් පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ පසුගිය දා පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

– ප‍්‍රදීප් අනුර කුමාර

17 views