අනිල් ජාසිංහ මහතා කියන්නේ පාර්ලිමේන්තුව කැදවන්න කියලයි.. මැතිවරණය පවත්වන්න කීවේ නෑ..

May 28, 2020 at 3:00 pm | lanka C news
අනිල් ජාසිංහ මහතා කියන්නේ පාර්ලිමේන්තුව කැදවන්න කියලයි.. මැතිවරණය පවත්වන්න කීවේ නෑ..

මැතිවරණය පැවැත්විය හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය පිළිබඳ කරුණු දක්වමින් ප‍්‍රකාශ කළේ මැතිවරණ කි‍්‍රයාදාමය ආරම්භ කළ හැකි බව පමණක් යැයි හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

මැතිවරණය කි‍්‍රයාදාමය යනු ඡුන්දපොල නියෝජිතයන්, මැතිවරණ නිලදාරින් පත්කිරිම, ඡන්දපොලවල් වැඩිකිරිමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරින් බඳවාගැනීම් යනාදි කටයුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදි මාධ්‍ය හමුව ඇමතූ හිටපු මන්ති‍්‍රවරයා,

මේ වන විට පාර්ලිමේන්තුව මාස 03ක් වසාදමලා. මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමටනම් වෛද්‍යවරුන් සහතික කිරිමෙන් පසුව දින 75ක් අවශ්‍යයි කියා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වශයෙන් අපේ රටේ පාලන ක‍්‍රමයේ කු`එණු තුනක් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට මේ අයුරින් මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්න හැකිද යන්න ගැට`එවක්. ඒ නිසා තමයි අද අධිකරණයේ මතය විමසන්නේ. ව්‍යවස්ථාවට වගකියන ජනාධිපතිවරයා ජුනි 02ට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් අධිකරණයට පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. එම නිසා තමයි අද අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ සම්බන්ධව. අපේ රටේ ව්‍යවස්ථාවේ 4රැුක්‍ වගන්තිය අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණ වලට පවරලා තිබෙනවා. අද පුවත්පත් වල උසස් නීතිඥ මහත්වරු ප‍්‍රකාශ කරලා තිබුණා පාර්ලිමේන්තුව මැරිලා කියා. එතකොට පාර්ලිමේන්තුව මැරිලා නම් පාර්ලිමේන්තුව කොහොමද අධිකරණ වලට උසාවි බලය දෙන්නේ ? මොකද පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ අධිකරණ බලය උසාවි වලට පවරන්නේ. පාර්ලිමේන්තුව මැරිලා නැහැ. එය ජනාධිපතිවරයාට හෝ අධිකරණයට නැවත අවදිකළ හැකියි. මාස 06ක් පාර්ලිමේන්තුව නැහැ කියන්නේ ඒකාධිපති පාලනයකට අවතීර්ණ වෙනවා කියන එක.

ඒ වගේම අද රජය කියනවා කොරෝනා ඉවරයි කියලා. ජනවාරි මාසයේ එක රෝගියෙක් සිටියේ නැහැ අප රටේ. නමුත් අද දහස ඉක්මවලා ගිහින්. රජය මොන පදනමකින්ද මේ තත්වය ඉවරයි කියන්නේ. අපි පෙබරවාරි මාසයේ යෝජනා කළා ගුවන්තොටුපළ වසා දමා රටම නිරෝධායනය කරන්න. එසේ කළානම් අද එක රෝගියෙක්වත් අප රටේ නැහැ.

ඒ වගේම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට දුන් ලිපිය පැහැදිලි කළා. ඔහු ප‍්‍රකාශ කලේ මැතිවරණ කි‍්‍රයාදාමය ආරම්භ කිරිම ගැන පමණයි. ඒ කියන්නේ ඡුන්දපොල නියෝජිතයන්, මැතිවරණ නිලදාරින් පත්කිරිම, ඡුන්දපොලවල් වැඩිකිරිමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරින් බඳවාගැනීම් යනාදි කටයුතු පමණයි. ඔහු පැහැදිලිව ප‍්‍රකාශ කරනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ කියා. ඔහු මැතිවරනයට කොළ එලියක් දීලා නැහැ. මැතිවරණය පැවැත්වීම පිළිබඳව පැහැදිලි නිගමනයක් තවම දීලා නැහැ.

වෛද්‍ය ජාසිංහ මහතාගේ එම වැඩසටහන මම නැරඹුවා. ඔහු එතනදී ප‍්‍රකාශ කරනවා නිරෝධායන පනත ශක්තිමත් කලයුතුයි කියා. එයින් අදහස් කරන්නේ නව නීතිරීති අවශ්‍යයි කියා. නීති සම්පාදනයට වගේම නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. ඔහු නොකියා කියනවා පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය. සමගි ජන බලවේගය මැතිවරණකට සුදානම්. නමුත් අසම්පූර්ණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා රට මැතිවරණයකට ඇදගෙන ගිහින් මහා ව්‍යවසනයක් ඇති වුවහොත් රජය එයට වගකියන්න ඕන.

මෙහිදි මාධ්‍යවේදින් විසින් පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලීම් කරන්නේ මැතිවරණකට ඇති බිය නිසාද යන්න විමසා සිටියා,

අපේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස 03කට වඩා වසා තබන්න බැහැ. නීත්‍යානුකූලව ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ ජුනි 2ට පෙර පාර්ලිමේන්තුව නැවත වරක් කැඳවලා නිවේදනයක් මගින් නැවත විසුරුවා මැරලා මැතිවරණයකට දිනයක් නියම කරන්න. ඇත්තටම එයයි කළ යුත්තේ. එතුමාට ඕන විදිහට පාර්ලිමේන්තුව ඇදගෙන යන්න බැහැ. මොන රටේද මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්නේ. අපිට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරිමටයි.

පාර්ලිමේන්තුව කැදවීම හරහා රජයේ වැඩපිලිවෙල කඩාකප්පල් කිරිමේ උත්සාහයන් පිලිබද ආණ්ඩුවට ඇති සැකය නිසා මෙලෙස කටයුතු කරනවාද යන්න විමසීමේදි ලබාදුන් පිලිතුර.

අපේ පක්ෂ නායකයන් ලිඛිතව දුන්නා පාර්ලිමේන්තුවට විස්වාසභංග යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ කියා. කොරෝනා මර්දනය කිරිමට ආණ්ඩුවට අවශ්‍ය සියලූ මුදල් සම්මත කරලා දෙන්න ලිඛිතව පොරොන්දු වුනා.

ජනජිවීතය යථාතත්වයට පත් කර තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැහැ නේද කියා විමසීමේදි,

මැතිවරණ කොමසාරිස් පැවසු පරිදි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන මැතිවරණය පැවැත්වුවහොත් ඡුන්ද පෝලිම කිලෝමීටර් එකකට වඩා දිගු වෙන්න පු`එවන්. ජනතාව පැය දෙකක් තුනක් පෝලීමේ ඉදලා ඡුන්දය භාවිතා කරයිද. තව නිලධාරින් දෙගුණයක් යොදවන්න ඕන, වියදම දෙගුණ වෙනවා. මේ කරුණු නොසලකා ඡුන්දය තියන්න පු`එවන්ද. මේ ව්‍යවසනය සම්පූර්ණයෙන්ම නතරවීමෙන් පසු මැතිවරණය පැවැත්වුවානම් රටට හොදයි. ඒකයි අපි කියන්නේ.

පාර්ලිමේන්තුව කැදවුවහොත් නාමයෝජනා නැවත අහෝසි වෙනවද යන්න විමසා සිටිමේදි,

නාමයෝජනා එහෙම අහෝසි වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කයක්.

– midea unit

37,113 Viewers

25 Comments to “අනිල් ජාසිංහ මහතා කියන්නේ පාර්ලිමේන්තුව කැදවන්න කියලයි.. මැතිවරණය පවත්වන්න කීවේ නෑ..”

  1. praba says:

    අනේ නාකියෝ තොට දැන් නැගිට ගෙන ඉන්නත් බැරි කාලේ තවත් නටනවා. ඔක දීල ගිහිං ගෙදරට වෙලා හිටපිය. එනව මෙතන හිටපු පාර්ලිමේන්තුව කැඳවන්න. අනේ යකෝ තමුන්ගේ පක්ෂය රැකගන්න බැරි මිනිස්සු කොහොමද රට රකින්නේ.

    • හිටං says:

      උඹ නාකියා කිව්වේ කාටද?

      • නරිඇල්ලට…….

      • මහින්ද රාජපක්ෂ says:

        නෑ නෑ මට මට

        • ලක්ශ්මන් කිරිඇල්ල says:

          නෑ නෑ.. මං වගේ, පෑඩ් සජිත් ගේ ලිස්ට් එකෙන් පිනට එන්න බලන් ඉන්න ඔනේම ගොනෙක්ට.

      • Chinthana says:

        I think that guy who said as “any bull can attend to war” . And may be not for you…

    • Thepanis says:

      Me naki kiriellata walapalla penila me wage buruwanda rate thiranaya ganne. Den wiyawasthadayakaya mahajanathawa .mahajanathawa thiranaya gannakan bala hitapiya nakiya

    • Alapaluwa says:

      මම හිතුවේ මු වයසට ගිහින් විතරයි කියලා දැන් බලාගෙන ගියාම මුට ඇසීම පෙනීම දැනීම කිසිම දෙයක් තේරුමක් නැතිවම පොර වයසට ගිහින් වගේ ඒකනිසා මෙයාව කොහොම හරි මානසික රෝහලකට යවන්න සුදානම් කරන්න.ඉක්මණට

    • kawinda says:

      thoge duwage redda..?

  2. සරා says:

    මු නම් ගංජා ගහලා වගේ.

  3. නැදියවන්ගෙ කන බොන නිදන රුවන් මල්ලි says:

    හූඇන්පී එකේ උන් පාර්ලිමේන්තු ආ දවසේ ඉදන් සිංහල ජාතිය විනාශ වුනා. දැන් ඉතිරි ටිකත් නැත්තටම නැති කරලා දාන්න තමයි මුන් පාලිමේන්තුව ආයේ කැදවන්න කියන්නේ. මුන්ගේ හොරු මහා දවාලේ මහා බැංකුව කඩලා රාජ්‍ය භාන්ඩාගාරයේ තැන්පත් කොට තිබූ මහජන මුදල් මංකොල්ල කෑවා. රට වසර 20කින් 30කින් ආපස්සට ගියා. පාස්කු බෝම්බ වැලක් ගැහුව්වා, ආර්ථිකය කඩා වැටුනා. ඒ නිසා මුන්ව හිරේ යවනකම් සිංහල අපිට මැතිවරණ එපා!

  4. Chanaka says:

    අපිටනම් ඕවා අහල එපා වෙලා…
    කුජීතයි..
    පජාතීන් රැලට කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ ….
    මුන් රැලම මේ රටෙන් අතුල්ලා දාන්නම ඕනි …

  5. Asiri says:

    What’s he talking. The patients recorded recently are all imported cases. Why he is mum about it. Actually this is his media units . Is this a paid advert

  6. සකු says:

    පව් දෙයියනේ මුන් මෙවර පාර්ලිමේන්තු චන්ද්ද යෙන් පුතානො අගමැති වෙනවා කියල කෙට තියනවා .එ අස්සෙ චන්ද්ද යට බයෙ දුවනව නට්ට පුකෙ ගහගෙන අර බල්ලො නාවන්න ගෙනියනව වගෙ

  7. අකුදියා says:

    අනේ සුදු අයියේ, උඹේ කටේත් අලි බෙටි, මගේ කටෙත් අලි බෙටි….. අයියෝ….. අපිට එජාපයේම පිහිටයි අම්මපා……

  8. mahinda says:

    api maranaya athe thiyagena chndeta yannath munta sura sapa vidinnath ,api chande denne naha

  9. දුටුගැමුණු says:

    රාජිත , නරිඅල්ල, අවමංගල, අජිත් පී, හරින් මුං ඔක්කෝම ජීවිතාන්තය දක්වා සිරගත කරපල්ලා. මේ පෙරේත යක්කු ඉන්න කං මේ රට විනාශ වෙනවා

  10. Kgs basnayake says:

    Where are your 40+ advisers?
    How about your daughter adviser?
    You are a joker in central province.

  11. david milibanda says:

    Kiriwalla, you are coo…rect………………… can be done. Hold elections and පාර්ලිමේන්තුව කැදවන්න කියලයි..

    When UNP & SJB win. Then the parliament is yours………..

  12. Aurora says:

    මූත් අනිත් SජB නායකයින් වගේම පට්ට මන්ද බුද්ධිකයෙක්. මේ ගොනා තර්ක කරන්නේ චන්ද පොළේ සියලුම චන්ද දායකයන් උදේ 7.00 ට එනවා, ඒ මුළු චන්ද දායකයන් 1000 වී- 1200 සංඛ්‍යාවම ආපු හැටියේම පෝලිමේ ඉන්නවා කියල. එතකොට මීටරේ දුර අනුව මීටර් 1500 දිග පෝලිමක් හැදෙනවා කියල. ඇයි ගොනෝ ගැණු පිරිමි විධියට 600 පෝලිම් 2 නේ. ඊ ලඟට චන්දෙ පැය 10 තිස්සේ තියනවා. එතකොට පැයට 60 ගානේ චන්දෙ දෙන්න පුළුවන්. ඊ නිසා තමයි නව ක්‍රමවේද වලට යන්න සිද්ධවෙන්න පුළුවන් කියල මැකෝ කිව්වේ. ඒ කියන්නේ ගෘහ මුලික අංකයකට වෙලාවක් දුන්නම ප්‍රශ්නේ යම් තරමකට ඉවරයි. චන්දෙට බය නැතිනම් චන්දෙ තියන්න පුළුවන්. චන්දෙට බයනම් කතන්දර කියකියා අමුඩේ බේරගන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් ලෝකෙම දන්නවා තමුන්ගේ චන්ද භීතිකාව.
    .

  13. Saradiel says:

    යන්නේ කොහෙද මල්ලේ පොල් කීවලු

  14. සමන්ත says:

    අපිට නම් පාර්ලිමේන්තු එපා. ඒක නැතිව ලංකාව ලස්සනට යනවා. පාර්ලිමේන්තුවක් නෑ කියලා ලංකාවට ⁣මුකුත් වෙලා නෑ. මේ මිනිස්සුන්ට ඕනේ පාර්ලිමේන්තුවට වෙලා වරප්‍රසාද වරදාන ලබා ගන්න. ඒකයි මෙච්චර දුක..

  15. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අනිල් ජාසිංහ මහත්තය දන්න හොඳ මනෝ වෛද්‍යවරු ඉන්නව​.කිරිඇල්ලෙ එතුමට කියල එහෙම දොස්තර මහත්තයෙක්ගෙ චැනල් එකකට යන්න​.ඔයාගෙ පිස්සුව හොඳටම හොඳ කරන්න බැරි උනත් ටිකක් හරි හොඳ කරගන්න පුලුවන් වෙයි.

  16. කංජිපානි says:

    අයියෝ ලොක්කා, ඔච්චර වයසට ගිහිල්ලත් ඇයි නිකං ජෝකර්ට ඇඳ ගන්නේ?

  17. MD says:

    පුර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය නුවර ශාඛාව මේ දිනවල වසා ඇති හෙයින් විවෘත කල වහාම ඔබට ඵහි සේවාවන් ලබා ගතහැකි බව සතුටින් දන්වමි.ස්තූතියි