අනිල් ජාසිංහ වෙනුවට පත් කල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරෝධය.. අභයාරාමයේ මාධ්‍ය හමුවක්..

August 20, 2020 at 10:00 am | lanka C news
අනිල් ජාසිංහ වෙනුවට පත් කල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරෝධය.. අභයාරාමයේ මාධ්‍ය හමුවක්..

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ ආවරණය කිරීම වෛද්‍ය එස් ශ්‍රී ධර්ම මහතා පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ නමුත් සෞඛ්‍යය වෘත්තීය සමිත් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැනි ස්ථිර තනතුරක් සඳහා සුදුස්සන් ගෙන් අයදුම්පත් කැඳවා ක්‍රියා පටිපාටිය අනුව තෝරා ගන්නා තෙක් වැඩ බැලීම සඳහා පත් කළ යුත්තේ දැනට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන නිලධාරියෙකු බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම පත් කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව වෘත්තීය සමිති කිහිපයක් විසින් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට සුදුසු පුද්ගලයෙකු පත්කර ගැනීම සඳහා කඩිනමින් දැන්වීම් පල කර සුදුසු අයෙකු තෝරා පත්කර ගත යුතු බව ද ඔවුන් සදහන් කරති.

මෙම මාධ්‍ය හමුව පැවැත් පැවැත්වූයේ නාරාහෙන්පිට අභයාරාමයේදීය.

160,684 views

8 Comments to “අනිල් ජාසිංහ වෙනුවට පත් කල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට විරෝධය.. අභයාරාමයේ මාධ්‍ය හමුවක්..”

  1. මීහරකා නිසා අහන්නේ… කාගෙන් හරි ගුටි කාල ඒ දේ කියන්න සුවිස් එම්බසියටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න ආරාම වල කතා කරන්න පටන්ගත්තේ කවදා ඉදලා ද… නොදන්න කමට දැනගන්න අහන්නේ….

    • බ්‍රාහ්මණ පුක්කුසාති says:

      මී හරකා…, තට්ටෙ ගාලා සිවුරක් දාගන්න… යූ ටියුබ් එකෙන් බණ අහලා ආයෙම එව්වා කියන්න. පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම කවි බණ තැටියක් දෙකක් කරන්න. හෙමීට මේ වගේ තැනකට සෙට් වෙලා කිහිප දෙනෙක් දැන හඳුනාගන්න. මාධ්‍ය සාකච්චාවලට අයිනෙන් හරි පෙනී ඉන්න. එතැනින් එහාට දිට්ඨ දම්ම වේදනීය ලෙසින් ” සකල සැප සම්පත්තිය ” ඔබ පසුපස එලවාවි.

    • Araliya says:

      E saukya sewawe vruthiya samithiya ka madya sthanaya pawathina Bawa nodanneda?

  2. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    බුද්ධකාලයේ නම් විහාරස්ථානවල මෙහෙම දේවල් වෙලා නෑ .

  3. Sirimal says:

    This kahakadaya must be thinking he is the almighty

  4. කොරෝනා ඉවරයි says:

    අපෝ අනිල් ජාසිංහයාට පරිසර ලේකම් කම දුන්න එක හොදයි. සෞ.අ.ජේ ඉන්න කං අපට වද දිදි කොරෝනාව විකුණගෙන කෑවා

  5. Nishantha says:

    හෙදියන්ගෙන් ලකුණු දා ගන්න වෛද්‍යවරුන් හෙලා දකින උදවිය. අනිල් ජයස

  6. කමල් says:

    කවුරු දැම්මත් හාමුදුරුවන්ට මේ ගැන ප්‍රශ්නයක් තියෙන්න විදියක් නැහැ. අද හෙට පැන්ශන් යන්න ඉන්න පරන දොස්තරයා නම් ආපසු ගේන්න එපා.