අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප්‍රහාරයක්
January 3, 2021 at 10:24 pm | lanka C news
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ.
අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය
සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට විරුද්ධ බවක් දැන ගන්න නැහැ. කොහොමත් අනිල් ජාසිංහ වෙද මහතා හඳුන්වා දුන් පැණියක් නැහැ. බටහිර වෙද මහතුන් බටහිරින් එන පැණි නම් නියම කරනවා.
මා හිතන්නේ එකල සෝවියට් දේශයට ගිය සිසුන් කාටත් අපෝහක ද්‍රව්‍යවාදය හදාරන්න සිදු වෙන්න ඇති. මිථ්‍යා ගැනත් සමහර විට උගන්නන්න ඇති. සෝවියට් දේශයේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික සාම්ප්‍රදායික වෙදකම තියෙන්න ඇති. ඒත් ඒ වෙදකම් යුක්රේනයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගැන්නුවා ද යන්න සැක සහිතයි. සෝවියට් දේශය අංක එකේ බටහිර විද්‍යා රටක්. ඔවුන්ට විද්‍යාව ආගමක්.
බොහෝ දහම්වල ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ දැනුම් පද්ධතිය පමණක් හරිය කියා ඇදහීම. වෙනත් දැනුම් පද්ධතිවලට තැනක් නැහැ. සමහර රටවල රෝහල්වල බටහිර වෙදකම සමග තමන්ට ආවේණික වෙදකම් ද කිරීමට අවසර තියෙනවා. එහෙත් බොහෝ රටවල තත්වය එසේ නො වෙයි.
අනිල් ජාසිංහ බටහිර වෙදකමට සම්බන්ධ සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ව හිටියා. දැන් පැණිය බටහිර රෝහල්වල ඊනියා සායන නැහැසුම්වලට භාජනය කරන්න යනවා. අනිල් ජාසිංහ සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ව හිටිය නම් කුමක් වෙන්න තිබුණ ද? ඔහු කොවිඩ් 19 මුල් අවධියෙහි යම් සේවයක් කළා. ඒ බටහිර වෙදකම පැත්තෙන්. ඒ දවස්වල පැණිය ප්‍රසිද්ධ වෙලා තිබුණෙ නැහැ.
ජාසිංහ කතා කරන්නෙ අධිපති මතවාදයෙ නියෝජිතයෙක් ලෙස. බටහිර විද්‍යාව අද ක්‍රියා කරන්නෙ ආධිපත්‍ය මතවාදයක් හිසේ දරා ගෙන. එය දැන් වෙනත් බොහෝ ආගම්වලින් එකක් වගේ. ජාසිංහ ඒ දවස්වල බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.
ලංකාවෙ පඬි නැට්ටන් නම් කියන්නෙ මේ රටේ තියෙන්නෙ සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් කියල. මුස්ලිම් කොවිඩ් ආදාහනයත් ඒ ස්වොත්තමවාදය නිසා ඇති වූවක් බවයි කියන්නෙ. ඒත් කලකට පෙර මේ සිංහල අපගෙ රටයි කියන ගීය ගැයීම අර ස්වොත්තමවාදයට පයින් ගහල නතර කෙරුණා. ඒත් අපි තාමත් දූවිල්ලෙන් සැදුණු ලියේ බාලොලියේ ගීතය ගායනා කරනවා. වෙද හාමිනේ අප අතිනුත් අගය කෙරී තියෙනවා. මා හිතන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි එයට පළමු අනුග්‍රහය ලැබුණෙ කියල.
අප කවුරුන්වත් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතයෙ තියෙන්නෙ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක් නිසා එය තහනම් කරන්න කියල. එහෙමත් නැත්නම් ජයන්ත චන්ද්‍රසිරිගෙන් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතය ඉවත් කරන්න කියල. ඝරසර්ප චිත්‍රපටයෙ සංස්කෘතික පසුබිම මොකක් වුණත් අප එය අගය කළා. එහෙත් හඳගම වැන්නන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන චිත්‍රපට අධ්‍යක්ෂණය කරන විට අප ඒවාට තනි තට්ටෙන් යන්න පහර දුන්න.
දූවිල්ලෙන් තමයි දෙවියන් වහන්සෙ මිනිසා මැවුවෙ. දූවිල්ලෙන් සැදුණු ලිය එන්නෙ එතැනින්. දූවිල්ලෙන් දූවිල්ලට අළුවලින් අළුවලට. මේ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක්. අද මුස්ලිම් බැතිමතුන් අතර ප්‍රශ්නයක් ඇති කෙරිල ආදාහනය පිළිබඳ ව. එය දේශපාලනඥයන්ගෙ වැඩක්. ඔවුන් තම දේශපාලන බලය රැක ගැනීමට මුස්ලිම් බැතිමතුන් උගස් තියනවා. මා කුරාණයත් බයිබලයත් කියවල තියෙනවා. ඒත් සූත්‍ර පිටකයෙ සූත්‍ර කිහිපයක් පමණයි කියවල තියෙන්නෙ. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. සූත්‍ර පිටකයෙ හරය මට වැටහෙනවා. මා බෞද්ධයකු ලෙස පෙර භවවලත් ඉන්න ඇති.
මට බටහිර වෙදකම මත පදනම් වෙලා ආදාහන ප්රශ්නය ගැන කතා කරන්න ඕන නැහැ. බටහිර වෙදකම කොවිඩ් 19 ගැන දන්න ඉටි ගෙඩියක් නැහැ. ඒත් රෝගය පැතිරීම වැළැක්වීමට අප ක්‍රියා කරන්න ඕන. භූමදානය නිසා රෝගය පැතිරීමට ඉඩක් තියෙන බවට අඩු තරමෙන් සැකයක් තියෙනවා. සැකය නැති වූ දාක භූමදානයට කවුරුත් එකඟ වේවි. මා ආගමික විශ්වාසවලින් පහර දෙන්නෙ බටහිර විද්‍යාවට පමණයි. ඒ ඔවුන් එය ආගමක් නොවන බව කියන නිසා.
මුස්ලිම් බැතිමතුන්ට ආදාහනය කළ පමණින් ස්වර්ගයට යෑම ප්‍රශ්නයක් වෙනවා කියා මා හිතන්නෙ නැහැ. කුරාණයෙ අල්ලා දෙවියන් වහන්සේ තමයි ජීවිතය දෙන්නෙ, මරණයට පත් කරන්නෙ, පුනරුත්ථානය කරන්නෙ. කුරාණයෙ 36ඃ79 පාඨයෙ අහනව අස්ථි දිරාපත් වුණාට පස්සෙ ජීවය දෙන්නෙ කවුද කියල. එයට පිළිතුර අල්ලා දෙවියන් වහන්සෙ කියන එකයි. 37ඃ17 පාඨයෙත් එවැන්නක් කියනවා. භූමදාන කළත් ආදාහන කළත් මේ සිරුර විනාශ වෙලා යනවා. පිරමිඩ්වල තියල තියෙන සිරුරු හැර අපට බලන්න පුළුවන් සිරුරු කීය ද තියෙන්නෙ. ලෙනින්ගෙ සිරුර තාම තියෙනවා ද? භූමදානය කළත් ආදාහනය කළත් සිරුරු එක්කෝ දූවිලි වෙනවා නැත්නම් අළු වෙනවා. දූවිල්ලෙන් සැදුණු ලිය මිය ගිහින් අවුරුදු කිහිපයකින් අපට හොයා ගන්නවත් බැහැ. ඒ තැන්වල තිබුණු ගසුත් මැරිල ගිහින්. ඒත් භූමදානය කළත් ආදාහනය කළත් ආත්මය නැතිවෙන්නෙ නැහැ. බෞද්ධයන් කලබල වෙන්න ඕන නැහැ මා ආත්මයක් ගැන කතා කරනව කියල.
මේ නැති නොවන ආත්මය අර පුනරුත්ථාන දිනයෙදි සුර දූතයන් දෙදෙනකු අල්ලා දෙවියන් වහන්සේ ළඟට එක්ක යනවා. කුරාණයෙ 50ඃ21 ඒ බව කියැවෙනවා. 50ඃ18 තවත් කතාවක් කියනවා. සුර දූතයන් දෙදෙනා පුද්ගලයාගෙ දෙපසින් ඉඳන් හොඳ නරක ලියා ගන්නව කියල. බෞද්ධයන් අතරත් එවැනි කතා තියෙනවා. ආත්මයක් නැති වුණා ට චිත්ත පරම්පරාවක් තියෙනවා. මා කලින් කිවුවට මා පෙර භවවල බෞද්ධ වෙලා නැහැ. චිත්ත පරම්පරාවෙ බෞද්ධ කමක් තියෙනවා.
ආදාහනය කළාට අල්ලා දෙවියන් වහන්සේ මවපු ආත්මය පිච්චෙන්නෙ නැහැ. එහෙම නම් අර බෝම්බ පුපුරවාගෙන මැරුණු හාදයන්ගෙත් ආත්ම පිච්චෙන්න ඕන නෙ. දෙවියන් වහන්සෙ මවපු දේ මිනිසුන්ට නැති කරන්න බැහැ. කොයි එකටත් තව සැරයක් නිවාඩු පාඩුවෙ කුරාණය කියවන්න ඕන.
– නලින් ද සිල්වා FB
Anil jayasinhata corona mardanayedi porak wenta puluwan une ekala chande kittu nisa corona mardanayata danatawada rajaya ihalinma madihath una nisa
මිථ්‍යාව පැතිරවීමට මිනිසුන් ගේ බදු වැය කරමින් සැප ගන්නා “ඊනියා” උගතෙක්. දරුවන් බටහිර රටවල???
NALIN SILVA කියන්නේ ගණිතය පිළිබඳ මහාචාර්ය වරයෙක්. එයා දේශීය හරි බටහිර වෛද්‍ය විද්‍යාව ගැන හරි මෙලෝ හසරක් දන්නේ නෑ. සංස්කෘතිය ආචාරධර්ම ඉතිහාසය වගේ විෂයන් පිළිබඳ මොනම qualification එකක්වත් නෑ. දේශීය චින්තනය පිළිබඳ විශ්වවිද්‍යාලය ඇතුලේ එයාට ගැලපෙන මතවාදයක් ව්‍යාප්ත කරන්න කටයුතු කරපු කෙනෙක් විතරයි. මුල්ම කාලෙ තිබිච්ච සමාජවාදී අදහස් පසු කාලයේදී දේසිය ජාතික CHINTHANAYA අදහස් බවට WENAS වෙලා තියෙනවා.
The most that Majority Ministry of Health-Doctors and other so-called “Specialist Doctors” are in that Pharmaceutical Multi-Nationl Corporation Pay links. ?
What about last Minister of Health that guy was most incorrigible person of corrupted under ” Good Governance” . of UNP leadership of Ranil & Sajith .
Says by a douche bag that lick asses of most corrupted family of sri lanka that ever produced .Get a life idiot.
ඔය රුසියන් උපාධි හොඳ නැහැ, 3වෙනි ලෝකයේ රටවල් හා සමානයි
That is what happen to founder of leader of that JVP anarchist of PDN Wijeweera?
He also an obtain Russian Degree …….?
රුසියන් උපාදි වලට බැනල ස්පුට්නික් එන්නත විදගන්න වෙනකොට ඔයාගේ මුණ බලන්න මට ආසයි. ඔයාගේ ටෝක් එක ලංකාව පලවෙනි ලොකේ රටක් වගේනේ? මතක තියාගන්න 2015 වෙනකම් රුසියාව g8 රටක් ඒකෙන් අයින් කලේ යුක්රරේනයේ ප්‍රශ්නයට මැදිහත්වෙලා දේශපාලන හේතුනිසා බව.
බටහිර විද්‍යාවේ බයිපාස් සැත්කමක අනුහසෙන් ජීවත්වන නලින් සිල්වා. අනේ අනිච්චන් මෙහෙම පිස්සෙක්
මන් හිතන්නේ සිංහල බෞද්ද අය හැර අනිත් සැමදෙනා සමගම වයිරයෙන් ඉන්න කෙනෙක් .හැම තිස්සෙම ඉන්නේ ආතතියෙන් .අදින්නේ සුද්දගේ ඇදුම .ළමය ඉන්නේ ඇමරිකාවේ .අනේ මන්ද මෙහෙමත් මොලේ අමාරුකාරයෝ .
උඹේ ලමයි ඔක්කොම උඹ කියන විදිහටම ඉන්නවද ? 😀 තමන්ට තමන් මිස ලමයි ගැන වගකියන්න බෑ ගොන් මෝලො.
ඕව යල්පැන ගිය කතා. හෝද හෝද මඩේ නොදා කලින් දීලා තියන උත්තර කියවලා තේරුම්ගන්න බලපන්. බැරිනම් රෑ ඉස්කෝලෙකටවත් ගිහින් ලියන්න කියවන්න ඉගෙන ගනින්
Aparaade heart ekata Slon batayak demmanam hari by-pass karanne nethuwa.
ugathun athara moda gon waahelaath inna bawata hondama udaaharanaya thamayi me nalin kiyana pissaa! dewani thana G.L. Penis unnaheta denna puluwani!!
ගමේ කොල්ලන් නලීන් ද සිල්වාට කියන්නේ මැන්ටලේ කියලා. ගනන් ගන්න එපා.
Even in the countries like U.S. A, U.K ,Brasil,South África ,which have invented such vaccines ,they are yet to prove beyond doubts of those vaccines’ safety, effectiveness and quality . Though. they have completed phase 1 and 2 clínicas tests, the phase 3 and 4 clínical researches are still underway. Further ,like many countries do, our pharmaceutical bodies and health authorities too ,should test those vaccines’suitability to conditions in our country.
උඹ උපදෙස් ගන්නෙ ගමේ කොල්ලන්ගෙන්ද ? අනේ තෝ වගෙ කාලකන්නිත් එනවනෙ මෙත්න කොටන්න
Nalin de Silva believes in Devdaththa. This f idiot so called intellectual will go to hell with his fellow idiot Gunadasa Amarasekara for instigating racism and misguiding people preventing this country move forward. I can’t believe how this so called intellectual justifying a work of kattadiya who claimed to have discovered a cure for COVID 19. You don’t need a PHD to comprehend Dhammika is a con artist. Only problem is none of this intellectual s have common sense.
මහාචාර්ය තුමාගේ කතාව ඉතා නිවැරදියි . හැබැයි පිස්සන්ට ඒවා තේරුම් ගන්න තරම් හැකියාවක් නෑ ,
Well Said👍
Gon bayyanta athal sapayana padacharya.
විද්‍යාවේ බොරු සහ පට්ටපල් බොරු ගැන සහ විද්‍යා කතන්දර ගැන කියවන්න ඕන විද්‍යාව ඉගනගන්න සාමාන්‍ය පෙල ලමය්. කොටින්ම අවංකවම හිතන උන්ට විද්‍යාව ගනිතය අමාරු වෙන්නෙ මේක නිසා. විස්වාස කරන්න බැරි දිගක් මිස පලලක් නැති සරල රේඛා ගැන ගනිත පන්තියේ ඉගනගන්නකොට ඕක ගැන නිකන් හරි සැක කරන එකා හැලෙනවා. ආ ඒක එහෙම තමා කියල පට්ටපල් බොරු විශ්වාස කරන්න හිත හදාගන්න එකා විභාගෙ පාස්. ඊට පස්සෙ ඌ කාලයාගේ ඇවෑමෙන් ආගමක් වගේ විද්‍යාව අදහනවා.
විද්‍යාව කියන්නෙ නිතර වෙනස්වන දෙයක්. ඊයෙ කියපු කතන්දර හෙට බොරු වෙනවාය, මේ බොරු බොක්කෙන්ම නොතේරුනාට එතන අවුලක් නැත යන මානසිකත්වය දියුනු කලොත් විද්‍යාව ගනිතය හැදෑරීම ඉතා පහසු වෙනවා.
ගරසරප පිස්සා මෙතන කොටන්නෙත් විද්‍යාවේ පිහිටෙන්..විද්‍යාව බොරැලු..