අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

January 3, 2021 at 10:24 pm | lanka C news
අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ.

අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය

සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට විරුද්ධ බවක් දැන ගන්න නැහැ. කොහොමත් අනිල් ජාසිංහ වෙද මහතා හඳුන්වා දුන් පැණියක් නැහැ. බටහිර වෙද මහතුන් බටහිරින් එන පැණි නම් නියම කරනවා.

මා හිතන්නේ එකල සෝවියට් දේශයට ගිය සිසුන් කාටත් අපෝහක ද්‍රව්‍යවාදය හදාරන්න සිදු වෙන්න ඇති. මිථ්‍යා ගැනත් සමහර විට උගන්නන්න ඇති. සෝවියට් දේශයේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික සාම්ප්‍රදායික වෙදකම තියෙන්න ඇති. ඒත් ඒ වෙදකම් යුක්රේනයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගැන්නුවා ද යන්න සැක සහිතයි. සෝවියට් දේශය අංක එකේ බටහිර විද්‍යා රටක්. ඔවුන්ට විද්‍යාව ආගමක්.

බොහෝ දහම්වල ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ දැනුම් පද්ධතිය පමණක් හරිය කියා ඇදහීම. වෙනත් දැනුම් පද්ධතිවලට තැනක් නැහැ. සමහර රටවල රෝහල්වල බටහිර වෙදකම සමග තමන්ට ආවේණික වෙදකම් ද කිරීමට අවසර තියෙනවා. එහෙත් බොහෝ රටවල තත්වය එසේ නො වෙයි.

අනිල් ජාසිංහ බටහිර වෙදකමට සම්බන්ධ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ව හිටියා. දැන් පැණිය බටහිර රෝහල්වල ඊනියා සායන නැහැසුම්වලට භාජනය කරන්න යනවා. අනිල් ජාසිංහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ව හිටිය නම් කුමක් වෙන්න තිබුණ ද? ඔහු කොවිඩ් 19 මුල් අවධියෙහි යම් සේවයක් කළා. ඒ බටහිර වෙදකම පැත්තෙන්. ඒ දවස්වල පැණිය ප්‍රසිද්ධ වෙලා තිබුණෙ නැහැ.

ජාසිංහ කතා කරන්නෙ අධිපති මතවාදයෙ නියෝජිතයෙක් ලෙස. බටහිර විද්‍යාව අද ක්‍රියා කරන්නෙ ආධිපත්‍ය මතවාදයක් හිසේ දරා ගෙන. එය දැන් වෙනත් බොහෝ ආගම්වලින් එකක් වගේ. ජාසිංහ ඒ දවස්වල බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.

ලංකාවෙ පඬි නැට්ටන් නම් කියන්නෙ මේ රටේ තියෙන්නෙ සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් කියල. මුස්ලිම් කොවිඩ් ආදාහනයත් ඒ ස්වොත්තමවාදය නිසා ඇති වූවක් බවයි කියන්නෙ. ඒත් කලකට පෙර මේ සිංහල අපගෙ රටයි කියන ගීය ගැයීම අර ස්වොත්තමවාදයට පයින් ගහල නතර කෙරුණා. ඒත් අපි තාමත් දූවිල්ලෙන් සැදුණු ලියේ බාලොලියේ ගීතය ගායනා කරනවා. වෙද හාමිනේ අප අතිනුත් අගය කෙරී තියෙනවා. මා හිතන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි එයට පළමු අනුග්‍රහය ලැබුණෙ කියල.

අප කවුරුන්වත් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතයෙ තියෙන්නෙ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක් නිසා එය තහනම් කරන්න කියල. එහෙමත් නැත්නම් ජයන්ත චන්ද්‍රසිරිගෙන් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතය ඉවත් කරන්න කියල. ඝරසර්ප චිත්‍රපටයෙ සංස්කෘතික පසුබිම මොකක් වුණත් අප එය අගය කළා. එහෙත් හඳගම වැන්නන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන විට අප ඒවාට තනි තට්ටෙන් යන්න පහර දුන්න.

දූවිල්ලෙන් තමයි දෙවියන් වහන්සෙ මිනිසා මැවුවෙ. දූවිල්ලෙන් සැදුණු ලිය එන්නෙ එතැනින්. දූවිල්ලෙන් දූවිල්ලට අළුවලින් අළුවලට. මේ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක්. අද මුස්ලිම් බැතිමතුන් අතර ප්‍රශ්නයක් ඇති කෙරිල ආදාහනය පිළිබඳ ව. එය දේශපාලනඥයන්ගෙ වැඩක්. ඔවුන් තම දේශපාලන බලය රැක ගැනීමට මුස්ලිම් බැතිමතුන් උගස් තියනවා. මා කුරාණයත් බයිබලයත් කියවල තියෙනවා. ඒත් සූත්‍ර පිටකයෙ සූත්‍ර කිහිපයක් පමණයි කියවල තියෙන්නෙ. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. සූත්‍ර පිටකයෙ හරය මට වැටහෙනවා. මා බෞද්ධයකු ලෙස පෙර භවවලත් ඉන්න ඇති.

මට බටහිර වෙදකම මත පදනම් වෙලා ආදාහන ප්‍රශ්නය ගැන කතා කරන්න ඕන නැහැ. බටහිර වෙදකම කොවිඩ් 19 ගැන දන්න ඉටි ගෙඩියක් නැහැ. ඒත් රෝගය පැතිරීම වැළැක්වීමට අප ක්‍රියා කරන්න ඕන. භූමදානය නිසා රෝගය පැතිරීමට ඉඩක් තියෙන බවට අඩු තරමෙන් සැකයක් තියෙනවා. සැකය නැති වූ දාක භූමදානයට කවුරුත් එකඟ වේවි. මා ආගමික විශ්වාසවලින් පහර දෙන්නෙ බටහිර විද්‍යාවට පමණයි. ඒ ඔවුන් එය ආගමක් නොවන බව කියන නිසා.

මුස්ලිම් බැතිමතුන්ට ආදාහනය කළ පමණින් ස්වර්ගයට යෑම ප්‍රශ්නයක් වෙනවා කියා මා හිතන්නෙ නැහැ. කුරාණයෙ අල්ලා දෙවියන් වහන්සේ තමයි ජීවිතය දෙන්නෙ, මරණයට පත් කරන්නෙ, පුනරුත්ථානය කරන්නෙ. කුරාණයෙ 36ඃ79 පාඨයෙ අහනව අස්ථි දිරාපත් වුණාට පස්සෙ ජීවය දෙන්නෙ කවුද කියල. එයට පිළිතුර අල්ලා දෙවියන් වහන්සෙ කියන එකයි. 37ඃ17 පාඨයෙත් එවැන්නක් කියනවා. භූමදාන කළත් ආදාහන කළත් මේ සිරුර විනාශ වෙලා යනවා. පිරමිඩ්වල තියල තියෙන සිරුරු හැර අපට බලන්න පුළුවන් සිරුරු කීය ද තියෙන්නෙ. ලෙනින්ගෙ සිරුර තාම තියෙනවා ද? භූමදානය කළත් ආදාහනය කළත් සිරුරු එක්කෝ දූවිලි වෙනවා නැත්නම් අළු වෙනවා. දූවිල්ලෙන් සැදුණු ලිය මිය ගිහින් අවුරුදු කිහිපයකින් අපට හොයා ගන්නවත් බැහැ. ඒ තැන්වල තිබුණු ගසුත් මැරිල ගිහින්. ඒත් භූමදානය කළත් ආදාහනය කළත් ආත්මය නැතිවෙන්නෙ නැහැ. බෞද්ධයන් කලබල වෙන්න ඕන නැහැ මා ආත්මයක් ගැන කතා කරනව කියල.

මේ නැති නොවන ආත්මය අර පුනරුත්ථාන දිනයෙදි සුර දූතයන් දෙදෙනකු අල්ලා දෙවියන් වහන්සේ ළඟට එක්ක යනවා. කුරාණයෙ 50ඃ21 ඒ බව කියැවෙනවා. 50ඃ18 තවත් කතාවක් කියනවා. සුර දූතයන් දෙදෙනා පුද්ගලයාගෙ දෙපසින් ඉඳන් හොඳ නරක ලියා ගන්නව කියල. බෞද්ධයන් අතරත් එවැනි කතා තියෙනවා. ආත්මයක් නැති වුණා ට චිත්ත පරම්පරාවක් තියෙනවා. මා කලින් කිවුවට මා පෙර භවවල බෞද්ධ වෙලා නැහැ. චිත්ත පරම්පරාවෙ බෞද්ධ කමක් තියෙනවා.

ආදාහනය කළාට අල්ලා දෙවියන් වහන්සේ මවපු ආත්මය පිච්චෙන්නෙ නැහැ. එහෙම නම් අර බෝම්බ පුපුරවාගෙන මැරුණු හාදයන්ගෙත් ආත්ම පිච්චෙන්න ඕන නෙ. දෙවියන් වහන්සෙ මවපු දේ මිනිසුන්ට නැති කරන්න බැහැ. කොයි එකටත් තව සැරයක් නිවාඩු පාඩුවෙ කුරාණය කියවන්න ඕන.

– නලින් ද සිල්වා FB

62,809 views

62 Comments to “අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්”

  1. Rohana says:

    නලින්ද සිල්වා කියන්නේ අනුන්ගේ මතයට ගරු නොකරන මොළේ අමාරු කාරයෙක්. හදට ගියපු එකත් බොරුවක් කියලයි මිනිහා කියන්නේ.

    • aru says:

      Jaathika Chinthanaye mongalaya nevathath pissu kiyavanna patan aran. Mooge team eka ne Rajarata chronic kidney disease (RCKD) gena pareeksha karala ehi jalaye arsenic saandrathaavaya vedi nisaa minissunge vakugadu rogee venava kiyla naatha deviyange maargayen hoyaagaththa mentalaya. Mooge double standards gena kiyala vedak ne. Moo jaathika chinthanaya mehe vapurala Sussex University eke innakota ala, bathala kos, del kaapu ekekda? Ageta moo ehe innakota coca cola bonna ethi. Me naaki apathaya kata vahagena pinak dahamak karagena hitiyanam vadaa hondai vikaara dodavanne nethuwa.

    • Buwa says:

      Mata Nalin gana aulak tiyenwa.. e unata uba monada Nalin gana danne.. gon buruwa…kiyapan eka deyak.. uba mokekda…

  2. ක්‍රිමිනල් says:

    ඉතින් අපිට පුපද ? තානාපතිකමට හරියන්න රෙදිහොදන්නත් එපැයි.😂😂😂😂

    • Buwa says:

      Uba gananam kiyala wadak naha… GNP chater charithayak….. wena namamin inna pajatha charityak uba..

  3. Gorilla says:

    සිංහල අමුඩයක් වෙනුවට බටහිරයන් නිපදවූ සස්පෙන්ඩරයක් ඇදගෙන නේද ඔවා කියන්නේ මැන්ස්.

  4. Jagath says:

    කඩේ යනවා කියලා ඔහොම සක්කිලි විදිහට කඩේ යන්න එපා ඕඕයි.

  5. උතුම් හෙළ චින්තකයෙක්.. says:

    මහාචාර්ය නලින් ද සිල්වා පිදිය යුතුම, උතුම් හෙළ චින්තකයෙක්..

  6. Dalit says:

    කාලිගේ දර්මය.
    යකො මෙයා Dhammika Poosaariya කාලිට හීනෙන් කෙලල සුක්‍ර සරමෙ හලාගෙන අපිට කෙලිනව. කාලිගෙ බෙහෙතක් තියෙනවනම් ඒකි උපන් ඉන්දියාවෙ අයට ඉස්සෙල්ල දෙනව. ඉන්දියාවේ, චීනයේ, අප්‍රිකාවේ, මැඩගස්කරයේ, ඉන්දුනීසියාවේ වෙනත් රටවල් බොහොමයක මෙවැනි බෙහෙත් හොයාගෙන බොනවා. ජපානයත් එන්නතක් නොවෙන බෙහෙතක් මුලදිම අත්හදා බැලුව. කාලි උපන් ඉන්දියාවේ හරක් හුජ්ජත් බොනවා කොරෝනාවලට. මේගොල්ලත් ඒක බිව්වනම් හොඳයි.

    බද්‍ර කාලි දර්මය බොහොම සරලය. යමෙකුට හොඳක් හෝ නරකක් කිරීමට පලමුව ඉතාම කුලුපග විය යුතුය. හොඳක් කරනවිට සැවොම ඉදිරියේ එලිපිට කලයුතුය. නරකක් පීඩිතයාටවත් නොදැනෙන සේ කලයුතුය. මෙය අදහන හා කිරියාවට නගන අය තගයන්ය. භාරතයේ කුලවත් හැමකෙනෙක්ම මෙම දර්මය අදහති, අපරටේද ඉන්දියානුවන් එසේමය,
    දම්මික බන්ඩාර නොහොත් “කුට්ටි” තගයෙකි..
    මහ බද්‍රකාලි කියන්නෙ ඉස්සර ඉන්දියාවේ හිටපු අවලස්සන බඩුවක්ලු. ඉතින් කවුරුවත් මේකට සෙම හලපු නැතිනිසා පිරිමි පුලුටු එක්ක වයිර උනාලු. ඉතින් පලිගන්න ගම හරහා පාරෙ යන මගියො එක්ක යාලුවෙලා අතේ තියෙන රෙදිකෑල්ලෙන් බෙල්ල මිරිකල මරලදාල මගියාව ලඟ තිබුන වස්තුව හොරා ගත්තලු. එහෙම ගත්ත වස්තුව ගමේ අයට දුන්නලු . පසුව ගමේ උන් මෙයාව දේවත්වයට පත්කෙරුවලු. දෙවාලයකුත් ගැහුව්වලු. මෙයා අදහන්න පටන් ගත්ත අයත් මේ සෙල්ලමම කලාලු. පස්සෙ අවලස්සන් කාලි ලස්සන ලක්ෂ්මි හා සරසවිත් උනා. ලක්ෂ්මි උනේ ගමේ උන්ට වස්තුව (දෑවද්ද ) ගෙනාපු නිසා; සරස්වි උනේ මගියන්ට හොඳට අල්ලපු නිසාත්ය. ඔන්න ඔහොමලු උනේ.
    මේ දම්මික බන්ඩාර කියන, නැත්නම් “කුට්ටි”ත් එහෙම බඩුවක්. මේ තගයා තුම්මෝදර සිරිනිවස වත්තේ ඉන්දියානු කොලනි කාරයෙක්. සිසිර ජයකොඩි ගෙ මාමන්ඩියගෙ මිනිහෙක්. ඥානම්ලගෙ පිල්ලියක්.
    සාදික්ක හා වසාවාසි ගොඩක්, කන, බොන දුම උරන, එක දරුපල අඩුවෙන්න හේතුවක්ලු. කාලිගෙ සිහල සන්හාරය.
    හෙල වෙදකම කියල විකුනගෙන කන වට්ටෝරු වෙදකම අවුරුදු ලක්සයකට වඩා පැරනියි. මෙවැනි වෙදකම් ලොවපුරා තිබුන. බටහිර වෙදකමත් එයින් තමයි ආවෙ. අපේ වට්ටෝරු වෙදකම 1956 සිට ඉන්දියානු ආයුර්වෙදකමින් විනාස උනා. අද තවමත් තිබෙන වට්ටෝරු වෙදකමත් තමයි චීන වෙදකම. වට්ටෝරු වෙදකමට පැලෑටි හා සත්ව කොටස් හතු එහෙම පාවිච්චි කරනව. මමත් පොඩිකාලෙ වේලපු කොටිමස් අලුත් වඳුරු මස් කාල තියෙනව ඇදුමට.
    ගොඩාක් සාදික්ක ගබ්සා කිරීමටත් චූට්ටක් කෙලින් වෙන්නත් හොඳලු. සාදික්කා හෝ වසාවාසි කුඩු ඩින්ගක් බිත්තර කිරි කෝපි එකට දාල බලන්න. කෝවිඩ් හැදිල මලත් ජොලි අනේ.

Main News