අනුනට කැපූ වලේ තමන් වැටේ.. තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදියා සමග ඇමති රාජිත හරබර සාකච්චාවක..

May 2, 2019 at 3:00 pm | lanka C news
අනුනට කැපූ වලේ තමන් වැටේ.. තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදියා සමග ඇමති රාජිත හරබර සාකච්චාවක..

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මිලියන 500ක් ඉල්ලා උදයගෙන් රාජිතට එන්තර වාසියක්.

මාධ්‍ය හමුවකදී පිනෝකියෝ ගේ නහයට වඩා දිගු නහයක් ඇති බොරු කීමෙන් චේතිය රජු ද පැරදවීමේ කීර්තිය උසුලන රාජිත සේනාරත්න මැතිතුමා තමන්ගේ බොරු වැලට තවත් එක් බොරුවක් එකතු කරගත්තා. එතුමා කියූ ඇතැම් බොරුවලට අපේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමන් පිළිතුරු ලබාදුන්නා. මා සම්බන්ධයෙන් කියූ බොරු වලට දැන් මා පිළිතුරු ලබා දෙන්නම්.

එතුමා කියනවා මම ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමග සමීප සබඳතාවක් පැවැත් වූ බව. එහි ලේකම් අබ්දුල් රසාක් සමග මා සිටින ඡායා රූපය මෙන්න කියා එක් ඡායාරූපයක් පෙන්නුවා. එම පිරිසම මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග ද ඉන්නවා කියලා තවත් ඡායාරූපයක් පෙන්නනවා. මේක පට්ටපල් බොරුවක්. ඉදිරි සතිය ඇතුළත මට කළ අපහාසයට වන්දි ඉල්ලා රුපියල් මිලියන 500 ක එන්තරවාසියක් මා ඔහුට යවනවා. ඒ වගේම අපේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමාත් ඒ ආකාරයෙන්ම එන්තරවාසියක් යවන්න තීරණය කලා.

එහෙම නම් මොකක්ද මේ ඡායාරූපය. තවුහිත් ජමාත් කියන එකේ තේරුම මරාගෙන මැරෙන කල්ලිය කියන එක නෙමෙයි. තවුහිත් කියන්නේ එකම දෙවියන් වහන්සේ විශ්වාස කරන කියන එකයි. ජමාත් කියන්නේ සමූහය නැතිනම් කොංග්‍රසය කියන අදහසයි. එකම දෙවියෙක් අදහන සමූහය කියන එකයි තවුහිත් ජමාත් කියන එකේ තේරුම. තවුහිත් ජමාත් කියන පදය ඉස්ලාම් ලෝකයේ ඉතාම සුලභව සංවිධාන නාම සඳහා භාවිතයට ගන්නා පදයක්. ශ්‍රී ලංකාව තුලත්, ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සිලෝන් තවුහිත් ජමාත් නැෂනල් තවුහිත් ජමාත් යනාදී වශයෙන් විවිධ වූ සංවිධාන ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකා තවුහිත් ජමාත් කියන සංවිධානය කුරානය අරාබි බසින් සෘජුව සිංහල බසට පරිවර්තනය කිරීමක් සිදු කළා. ලංකාවේ බොහෝ කුරාණයන් තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් සිංහල බසට පරිවර්තනය කළ ඒවා. මෙසේ පරිවර්තනය කළ කුරාණයේ පිටපතක් මට ද ලබාදිය යුතුයැයි ඔවුන් තීරණය කරනවා. 2016.01.18 වන දා ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානය ද අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශ කරනවා ඔවුන්ගේ පරිවර්තනය ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මාත්‍යවරයාටත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිතුමාටත් දැනටමත් අපි මේ පිටපත් ප්‍රදානය කළා කියලා.

2015.12.08 මෙම ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම් අබ්දුල් රසාක් ගේ අත්සනින් යුතුව මා වෙත ලිපියක් එවනවා. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියපු විදිහට නම් අබ්දුල් රසාක් කියන්නේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරපු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම්. මට හිතෙන්නෙ මටත් වඩා ලොකු වන්දියක් ඉල්ලා නඩු දාන්න සිදුවෙන්නේ මේ අබ්දුල් රසාක්ට. ඉහත දිනැති ලිපිය යොමු කරමින් මේ අය මගෙන් වෙලාවක් ඉල්ලා සිටිනවා. එහි මෙහෙම සඳහන් වෙනවා. “ අප සංවිධානය විසින් පසුගිය දෙසැම්බර් 08 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මුස්ලිම් ජනතාවගේ ප්‍රධානතම ධාර්මික මූලාශ්‍රය වන පරිශුද්ධ වූ අල් කුරාණය එළිදැක්වීම. “ මේ ලිපියේ කියනවා සිංහල ජනතාව අතර කුරාණයේ අන්තර්ගතය පිළිබඳව වැරදි අවබෝධයන් තියෙන නිසා මේවා පැහැදිලි කළ වගන්ති සහිත මේ සිංහල පිටපත ඔබතුමාට ලබාදීම කුරාණය පිළිබඳ සිංහල සමාජයේ ඇති අනවබෝධය නැතිවීමට හේතුවක් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා කියලා. අපි ඉන්නේ අනවබෝධයෙන් නම් හරි අවබෝධය ලබාගැනීම සඳහා ගෙදරටම ඇවිදින් පිටපතක් ලබා දෙනවා නම් ඇයි අපි බාර නොගෙන ඉන්නේ. ඒ අනුව මම මේ පිටපත භාර ගත්තා.

මමයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි විතරද මේක බාර ගත්තේ. අන්තර්ජාලයෙ ඡායාරූප තියෙනවා මෙම ආණ්ඩුවේ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමා අබ්දුල් රසාක් ගෙන් කුරාණයේ පිටපත් බාර ගන්නවා. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමේ සටනේ පුරෝගාමියෙක් වෙච්ච දඹර අමිල ස්වාමීන් වහන්සේට ද පිටපතක් පිළිගන්වනවා.දේශපාලනය කරන නමුත් පක්ෂ දේශපාලනයට නැති අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමාත් එම ඡායාරූපවල ඉන්නවා. අවසානයේ අබ්දුල් රසාක් කියන ත්‍රස්තවාදියාව මම ආශ්‍රය කරනවා යැයි කියන රාජිත සේනාරත්න අමාත්‍යතුමා ඒ ත්‍රස්තවාදියා එක්ක තමන්ගේ කාමරයේ වාඩිවෙලා හරබර සංවාදයක යෙදිල ඉන්න ඡායාරූපයත් තියෙනවා.

රාජිත අමාත්‍යවරයා කියන විදිහට අබ්දුල් රසාක් කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක මහලේකම් නම් ඔහුව ආශ්‍රය කිරීම සම්බන්ධයෙන් අපට චෝදනා නැගීම ට කලින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතියෙන් සමාව අරන් හමුදාවට බාර විය යුතුයි. රාජිත සේනාරත්න අමාත්‍යතුමනි ඔබ කැපුවේ ඔබේ මිනී වළයි කියන එකයි අපට එතුමාට කියන්නට සිද්ධ වෙන්නේ.

බුද්ධි අංශ යළිත් පාවා දෙයි

තවත් චෝදනාවක් එල්ල වෙනවා ජාතික තව්හිද් ජමාත් සංවිධානයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරමුදල් ලබා දුන්නා ඇතැම් සාමාජිකයන්ට පඩි ගෙව්වා කියලා. ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ට බුද්ධි අංශ විසින් පඩි ගෙව්වා ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. එහෙම ගෙව්වා නම් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒවා හෙළි කිරීම ජාතික අපරාධයක්. ඇයි මම එහෙම කියන්නේ.

අප්‍රේල් මාසයේ විසි එක් වෙනිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව පිළිබදව ඉන්දියානු බුද්ධි අංශ දැනගන්නේ අප්‍රේල් මාසයේ දෙවැනිදායි. කොහොමද බුද්ධි අංශ මෙවැනි ප්‍රහාර කලින් දැන ගන්නේ. දැනගන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. එකක් තමන්ගේ බුද්ධි නිලධාරියෙක් තමන්ට තොරතුරු ලබාගත යුතු සංවිධානය තුළට රහසෙ ඇතුල් කරනවා. ඔහු එම සංවිධානයේ අරමුණු වෙනුවෙන් කැප වුණු පුද්ගලයෙක් වශයෙන් පෙන්වමින් සංවිධානය තුළ කටයුතු කරනවා. සංවිධානය ඇතුලේ හැකි තරම් ඉහලට ගමන් කරනවා. ඉන්දියාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වයට ද පත් වෙලා එම ත්‍රස්තවාදී සංවිධානය ආණ්ඩුව සමඟ සාකච්ඡා වලට ඇවිදින් ත්‍රස්තවාදය නතර කරන තැනටම රැගෙන ඒමට කටයුතු කළා. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සංවිධානය තුළට රිංගා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන්ට අපහසු නම් එම සංවිධානයේ සාමාජිකයන් තමන් වෙත දිනා ගැනීම. මාසික වැටුපක් ගෙවීමෙන් ත්‍යාග ප්‍රදානය කිරීමෙන් කිසියම් වූ පෞද්ගලික රහසක් හෙළි කරන බවට බිය වැද්දීමෙන් යනාදී නොයෙක් උපක්‍රම පාවිච්චි කරලා ඒ අයගෙන් තොරතුරු ලබාගන්නවා.

ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය වේවා අනිකුත් ආණ්ඩුවට තර්ජනයක් විය හැකි සියළු සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලබාගත යුතුයි. තොරතුරු ලබා ගැනීමට මා මුලින් කිව් ආකාරයට එක්කෝ බුද්ධි අංශ නිලධාරියෙක් එම සංවිධානය තුළට යොමු කළ යුතුයි. එහෙමත් නැති නම් එම සංවිධානයේ සාමාජිකයන්ට වැටුප් ගෙවමින් ඔවුන් නඩත්තු කර ගෙන ඔවුන්ගෙන් තොරතුරු ලබාගත යුතුයි. බුද්ධි අංශ නිලධාරීන් කොටි සංවිධානයේ සාමාජිකයන් විදිහටත් කටයුතු කළා. එය රට වෙනුවෙන් කළ දෙයක්. නමුත් මේ ආණ්ඩුවෙන් එම නිලධාරීන් කොටි සංවිධානයට සම්බන්ධව කට යුතු කළා යැයි අත්අඩංගුවට ගත්තා. දැන් හිරේ ඉන්න නාලක ද සිල්වා ගේ ත්‍රස්ත විමර්ශන අංශයේ තමයි ඒවා සිදු කළේ. ඒ වැඩේම තමයි නැවත වතාවක් සිදු කරලා තිබෙන්නේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් මේ සිදුකරන පාවාදීම එතුමන්ලාගේ පසුගිය ආණ්ඩුව එදා කරපු මිලේනියම් සිටි පාවාදීමට සමානයි. මේ ආණ්ඩුව කරපු ගිරිතලේ බුද්ධි අංශ හමුදා කදවුර පාවාදීමට සමානයි.

රාජිත සේනාරත්න අමාත්‍යතුමන් වැනි බුද්ධි අංශ කටයුතු කරන්නේ කොහොමදැයි ආරක්ෂක අංශ කටයුතු කරන්නේ කොහොමදැයි මෙලෝ හසරක අවබෝධයක් නැති මෙවැනි ඇමතිවරුන් රට පාලනය කරද්දී රට මේ ගාණටවත් බේරිලා තිබීම ගැන අප සතුටු විය යුතුයි.

– අරවින්ද අතුකෝරල

102,163 Viewers

20 Comments to “අනුනට කැපූ වලේ තමන් වැටේ.. තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදියා සමග ඇමති රාජිත හරබර සාකච්චාවක..”

  1. එක්නැලිගොඩ says:

    කකුස්සිකටා කිව්වොත් ඉතින් පට්ට බොරුවක් තමයි. මේක කවද්ද ඇත්තක් කිව්වේ.

    • දයා says:

      හරියට හරි. දැන් මේකගෙ බොරු වලට රැවටෙන උන් නම් හරි අඩුයි.

    • කුසල් says:

      යකෝ උදයල ගෝඨලා මුංට උදවු කලා නම් ඇයි මුස්ලිම් අය ඡන්දෙදෙ මහින්ද පැරැද්දුවේ. අනේ රාජිතයගෙ අතේ ලැපවෙන බොරු.

  2. සමන්කුමාර says:

    රාජිතය තව ටික දවසක් ගිහින් කියයි ඔය චතුර කොල්ලත් උගෙ නෙමේ මහින්දගෙ හරි ගෝඨාභයගෙ හරි කියල. මුංගෙ බොරුවලට රැවටෙන බත් කන මී හරක් ඉන්නව තාම

  3. වජිර says:

    ගෝඨාභය ගම්මන්පිල්ලල අපිට විශ්වාසයි. ඒ අය කවදාවත් රට ජාතිය පාව දෙන් නෑ.

  4. REAL MAN says:

    Rajitha is rotton egg….

    He lost his credibility……………Jara sathek…..

  5. gonsun says:

    Datha ge dath set ekama KKNU Wewa. Moo wage Jadkatha Kiyana kisima ekek me mahapolavema neha. Moo Buddhagam karaeyk noveya. Uge upan agamatah nigraha karan parayek.

  6. Mohamed hisham says:

    ඔහුගේ වම ඇත පැත්තේ තිබෙන ෆියිල් එක බලන්න එහි බෝම්බ ප්‍රහාර හෝ පුපුරන පින්තුරයක් තිබෙන්නේ

  7. හම්බ පන්නී says:

    බුරුකාව ගැලෙව්වත් රට ආරක්‍ෂා කරගන්න
    සුදු ලෝගු ගලවා පුලුවනි රට බේරල ගන්න
    මන්ද බුද්ධිකව හැසිරෙනා මොහුටත් ඔන්න
    කන්‍යාවියන් 72 දෙමු මූට ‘ස්වර්ගයට යන්න

  8. ranil says:

    ආණ්ඩුකාර සහ මහඇමති බලතල වල හැටි ඔහොම තමයි , මේ පුංචි රටේ ඔය සල්ලි කන පට්ටම් නැති කල යුතුයි

  9. Gayantha says:

    රාජිත කියන්නේ තනිකරම ගූ ගොඩක්.

  10. neil says:

    Very true. Rajitha again used and betrayed intelegence services. they will have to pay for this.

  11. Kalana says:

    එකනේ කියන්නේ මුන් ඔක්කොම එකයි කියල, මුන් බලන්නේ කොහොමද මුන්ගේ චන්ද ගන්නේ කියල, කිසිම එකෙක් හිතන්නේ නෑ සිංහල චන්ද වැඩි කරගන්නේ කොහොමද කියල. හරි දේ කලානම් සිංහලය හරි කෙනාට නිකන්ම දෙනවා, යුද්දෙන් පස්සේ මහින්ද දිනුවේ එහෙම තමයි. නමුත් මහින්ද කලෙත් හම්බයට.

  12. Sun says:

    What I see is friends this fellow does not have any sense of serving people. Always thinking of making money from all possible opportunities. Do not care about people nor the country. He does not know that taxpayer is paying for what he is doing. But he is misusing that opportunity. He is creating his own kamma for next life that’s all.

  13. HASHAN says:

    මේ හැම දේසපාලුවම දේශාපලන වාසි ගන්න මේ ත්‍රස්‌තවාදීන්ව දැන , දැන ආශ්‍රය කරල තියෙන බවයි පෙන්නේ.

  14. අනෙකුත් ඉස්ලාමීය අන්තවාදී අයි එස් අයි එස් සංගමයට උල්පංඳ දෙන මැති ඇමති වරුත් මුගේ සාක්කුවේ ඉන්නේ ????

  15. one shot says:

    මුගෙ කුණු හෝදන සත්‍යා කියල එකෙක් මේකෙ කෙටුවනෙ,කෝ ඌ?

  16. sujith says:

    jarajithaya samanalayekda?

  17. PakaRajita kiyanney Meymulu lokeyma enna kabara borukaaraya.uuu devaniwannney ugey puk puthata vitarae.

  18. නිළමේ says:

    රාජිත ගොඩක් තව්හිත් සංවිධානය ගැන සම්බන්ධබව පැහැදිලියි.අත් අඩංගුවට ගන්න.

Main News