අනුන් හදපුවා විවෘත කරන්න ගිය චම්පිකට විරෝධය.. විදුර වේලාසනින් විවෘත කරයි.. [Video]

October 13, 2016 at 12:00 pm | lanka C news
අනුන් හදපුවා විවෘත කරන්න ගිය චම්පිකට විරෝධය.. විදුර වේලාසනින් විවෘත කරයි.. [Video]

ඇමති චම්පික රණවක විසින් අද පෙරවරැවේ හොරණ මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම නියමිතව තිබුනත් ඊට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රි විදුර වික‍්‍රමනායක මහතා පැමිණ එය විවෘත කරනු ලැබීය.

ඇමැති රණවක විසින් එය විවෘත කිරීමට නියමිතව තිබුනේ පෙරවරු 09.30ට වන අතර මන්ත‍්‍රී විදුර එය 08.15ට පමණ විවෘත කලේය.

යොදගත් පිරිදි නව බස් නැවතුම්පොළ විවෘත කිරීම සදහා ඇමැති චම්පිකද එහි පැමිණි අතර විශාල පිරිසක් මාර්ගය හරස් කර සිටීම නිසා උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති විය.

තත්වය පාලනය කිරීම සදහා විශාල පොලිස් බල ඇණියක්ද කැදවා තිබින.

35 views
Main News