අනුරකුමර ලියූ පොඩි එකාගෙ ලියුම ඉරා දමන්න මමත් වීරවංශත් සූදානම්.. අනුරට බිමල්ට බඩේ අමාරුවක් නොසෑදේවා..
June 11, 2018 at 12:00 pm | lanka C news
‘රටට හතුරු 20 එපා’ ජනහමුවට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
විසිවෙනි සංශෝධනය අපි කියවලා බැලුවා මේක හරියට පොඩි එකාගේ ලියුම වගේ. මම මුලින් කියවද්දී වැරදි නමයක් හමුවුණා මේ වනවිට දෝෂ 11ක් අපිට හමුවෙලා තිබෙනවා. මේ දෝෂ ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක මෙතන කතා කරලා වැඩක් නෑ මොකද උත්තර දෙන්න ජවිපෙ මෙතන නෑ.
ඒ නිසා අපි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාට ආරාධනා කරා එන්න විවාදයකට කියලා. මොකද එතුමා මේ පිළිබඳ අනවබෝධයෙන් මාධ්‍ය ඉස්සරහ පාළු ගෙවල් වල වළං බිදිනවා වගේ පච කෙලිනවා. මම අහගෙනයි රූපවාහිනී වැඩසටහනකදී අහනවා විධායක ජනාධිපතිධූරයේ තියෙන වැරදි කියන්න කියලා.
මෙයා කියනවා විධායක ජනාධිපති බලයෙන් තමයි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ කියලා. අපිට එහෙනම් පෙරළා ප්‍රශ්න කරන්න වෙනවා එහෙනම් විධායක බලයක් නොතිබුණු 2001 රනිල් වික්‍රමසිංහ සටන්විරාම ගිවිසුම අත්සන් කළේ කෙසේද? 1982 දෙසැම්බර් මාසයේ ජනමතවිචාරණයක් තියලා පාර්ලිමේන්තු ඡන්දය කල් දැම්මේ විධායක බලය නිසාය කියලා. එහෙනම් අපිට එතුමාගෙන් අහන්න වෙනවා විධායක බලයක් නොතිබුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1962 හඳුන්වාදුන් නව ව්‍යවස්ථාවෙන් වසර දෙකකින් පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මේ කෙසේද? එතුමියට විධායක බලයක් තිබුණේ නෑනේ.
මේ වගේ ප්‍රශ්න ගොඩක් අපිට අනුර කුමාර මහත්තයත් එක්ක විසඳ ගන්න තියෙනවා ඒ නිසා අපි ඔහුට ආරාධනා කරා විවාදයකට එතුමා විවාදයේ අභියෝගය බාර ගනිමින් කියනවා හරි අපි ජුනි මාසෙ හත් වෙනිදට විවාදෙට ලෑස්තියි. උදය ගම්මන්පිලට කියන්න බොරුවට බඩේ අමාරු හදාගෙන විවාදය මගාරින්න එපා කියලා. අනුර කුමාර මහත්තයෝ අපි ජීවිතයේ කවදාවත් විවාද වලට බයේ බඩේ අමාරු හදාගෙන නෑ. හදාගන්න බලාපොරොත්තුවකුත් නැහැ කියලා අපි එතුමාට කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපි විවාදයේ අභියෝගය භාර ගත්තා.
මේ පැත්තෙන් මමත් විමල් වීරවංශ මන්ත්රීතුමාත් 14 වෙනිදට අනුර කුමාර මන්ත්රීතුමාත් බිමල් රත්නායක මන්ත්‍රීතුමා සමඟ මේ විවාදය හිරු බලය වැඩසටහනේදී කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා 14 වෙනිදට අනුරකුමාර මන්ත්‍රීතුමාට කොන්දේ අමාරුවක් ඔළුවෙ අමාරුවක් බඩේ අමාරුවක් නොහැදේවා කියලා. ඒ වගේම විධායක ජනාධිපති ධූරය පිළිබඳ අනුර කුමාර මන්ත්‍රීතුමාට තියන හිසේ අමාරුව අනුර කුමාර මන්ත්‍රීතුමාට හොඳ කරලා දෙනව කියන දේ අනුර කුමාර මන්ත්‍රීතුමාට මතක් කරමින් මේ 20 වැස්සේ තෙමිලා දියවෙලා පෙඟිලා අතුරුදහන් වන තුරාවටම ජන අරගලය සමග අපි සිටිනවා
– අරවින්ද අතුකෝරල
මේ 20 වැස්සේ තෙමිලා දියවෙලා පෙඟිලා අතුරුදහන් වන තුරාවටම ජන අරගලය සමග අපි සිටිනවා–
මුළු දේශප්‍රේමී ජනතාවම ඔබලා සමගයි
ඊළමට පාරකපන දේශද්‍රෝහී බෙදුම්වාදී රටට හතුරු 20 සංශෝදනය හකුලා ගනු .. ජවිපෙ නායක අනුර දෙමල කොටි ඩයස්පෝරාවේ කප්පන් වලට රට ජාතිය පාවාදීම නතරකරනු ..ලැජ්ජයි JVP ලැජ්ජයි
විමල් වීරවංශ මන්ත්‍රීතුමාට ත්..පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාටත් අපෙ ප්‍රණාමය ජයවේවා !!!
පුංචි අම්මපා 20 පැරදවිය යුතුය
අනුර එයි කියලනම් හිතන්න අමාරුයි. අනුර දන්නවා අවොත් රෙදි ගැලවෙනවා කියල..
උදය විමල් ඉතා සූක්ෂම ජවිපෙ උගුලකට අසු කලා.
බඩෙ අමාරු කොහොම වෙතත් අනිත් අය පහත් තමුන් උසස් කියන ලෙඩේ හදා ගන්න ඉඩ තියෙනව. කලින් විමල් එක්ක වාද මග අරියෙ එහෙමනෙ. එයා උසස් වෙන්න කලේ රනිලගෙ සල්ලි විජේදාසගෙන් ගත්ත එකනෙ.
අනුර දෙමළ ඩයස් පෝරාවේ සාමාජිකයෙක් මැයි දිනය පවත් වන්න උතුරට ගියේ එම නිසා 20 සංශෝදනය ගේන්නේ එමනිසා නොවේද?
rathu ali hath polae gaa ganee………..
Mun JVP eka kewa. Thope maun 88/89 Kiwwe Monawada? Thopi Kollanwa Tire wala Ariye Indiyanu Viyapthwadaya Elama Gena Kiyala Neda. Lanapara thopita Parliment eke eka asanayakwath Neha. Uba 14 wenidata wimalgen hodata Kanawa