අනුරගේ ‘20’ සකසා ඇත්තේ වැස්සකටත් නීති විදුහලට නොගිය කෙනෙක්.. කලිසම ඔළුවෙන් ගලවන්න විවාදයට අභියෝග කෙරේ..
May 29, 2018 at 3:29 am | lanka C news
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම සංශෝධණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක තිබෙන උත්තරීතර නීතිය. එම ව්‍යවස්ථාවේ වැරදි වෙනසක් කළොත් රටම අවුලෙන් අවුලට යනවා. ඒ නිසා ව්‍යවස්ථාව ගැන ටිකක් දන්න අය ව්‍යවස්ථාවට අත තියන්න බයයි. ඒක විෂය පිළිබඳ විශේෂඥයින්ට භාර දෙනවා. නමුත් මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය බය නැතුව ව්‍යවස්ථාවට සංශෝධන ගේනවා. මොකද ඒ අය කරන දෙයින් රටට විය හැකි අනතුර පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති නිසා. මේක හරියට පණ්ඩිතයින් පය ගහන්න බය තැන මෝඩයෝ බඩ පිනුම් ගහනවා වගේ වැඩක්.
විසි වන සංශෝධනය කෙටුම්පත් කරලා තිබෙන්නේ වැස්සකටවත් නීති විද්‍යාලයකට ගොඩ නොවුණු කෙනෙක් කියලා බය නැතිව කියන්න පුළුවන්. ගැඹුරු නීතිමය කාරණා පැත්තකින් තියලා සරල උදාහරණයක් කියන්නම්. මේ කෙටුම්පත අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි වන්නේ 2020 ජනවාරි 09 දිනයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) වගන්තිය අනුව ධූරය දරණ ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොඅඩු මාසයකට නොවැඩි කාලයක් ඇතුලත ඊලග ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. වත්මන් ජනාධිපතිතුමාගේ ධූර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 9 දා. එහෙම නම් 2019 නොවැම්බර් 9 සහ දෙසැම්බර් 9 අතර ජනාධිපතිවරණය පවත්වා අවසන් විය යුතුයි.
ඒ කියන්නේ අළුතෙන් පත් වන ජනාධිපති 2019 නොවැම්බර් 9 වුණත් වැඩ භාර ගන්න පුළුවන්. විසි වන සංශෝධනය අනුව 2020 ජනවාරි 9 දිනෙන් විධායක ජනාධිපති ධූරය අහෝසියි. එතකොට නව ජනපතිතුමා 2019 නොවැම්බර් 9 වැඩ භාර ගත්තොත් තනතුරේ වැඩ කරන්න වෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. නව ජනාධිපතිට වැඩ භාර ගන්න ව්‍යවස්ථාවෙන් සති දෙකක් කල් දෙනවා. දෙසැම්බර් 9 ජනපතිවරණය පවත්වලා සති දෙකකට පස්සේ ඒ කියන්නේ දෙසැම්බර් 23 වැඩ බාර ගත්තොත් ජනපති ධූරයේ කටයුතු කරන්න තිබෙන්නේ දින 16යි. දින 16ක් ජනපති ධූරය දරන්න කෝටි ගණන් මහජන මුදල් වැය කර ජනාධිපතිවරණයක් පවත්වන්න ඕනෑ ද?
රනිල්ට රට භාර දීමේ කොන්ත්‍රාත්තුවක්
2020 ජනවාරි 9 දින සිට මේ පනත ක්‍රියාත්මක වීමට නියමිතයි. එදාට විධායක ජනාධිපති ධූරය අහෝසියි. එවිට ආණ්ඩු ප්‍රධානියා වන්නේ අගමැති. එදාටත් තිබෙන්නේ මේ අට වන පාර්ලිමේන්තුවයි. එතකොට 2020 ජනවාරි 9 දින සිට ආණ්ඩුවේ ප්‍රධානියා වගේම ඇමති මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අගමැති ධූරය දරණ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මෙම 20 වන සංශෝධනය අගමැති රනිල්ට විධායක බලය පැවරීමේ කුමන්ත්‍රණයක් බව අපි කියද්දි එහෙම වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා පොළවේ අත ගහලා අනුර කුමාර මන්ත්‍රිතුමා මේ දවස්වල දිවුරනවා අපි රූපවාහිනියෙන් දකිනවා. එක්කෝ එතුමන් රට රවටන්න උත්සහ කරනවා. එහෙමත් නැති නම් තමන් පාර්ලිමේන්තුවට බාර දුන්නු ලේඛණයේ තිබෙන්නේ මොනවාද කියා එතුමාවත් කියවලා නෑ.
එක නායකයෙකු වෙනුවට නායකයෝ රොත්තක්
4 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙන් ජනාධිපතිවරයාට ලබා දුන් විධායක බලය මේ කෙටුම්පත මගින් ජනාධිපති සහ ඇමති මණ්ඩලය අතර බෙදා හරිනවා. ඒ වගේම අගමැතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා කරනවා. 19 වන සංශෝධනයෙන් ජනපතිගේ බලතල කප්පාදු කරලා අගමැතිව සවිමත් කළා. දැන් රටට නායකයෝ දෙන්නෙක් ඉඳ ගෙන දෙපැත්තට අදිනවා. මුකුත් වෙන්නේ නැතුව රට එක තැන පල් වෙනවා. මෙම 20 වන සංශෝධනයෙන් රටේ එක නායකයෙකු වෙනුවට නායකයෝ රොත්තක් පත් වුණොත් රට එක තැන පල් වෙනවා වෙනුවට ආ පස්සට යන්න පටන් ගනීවි.
ජනපති සමාව ඇමති මණ්ඩල අනුමැතියට යටත් කිරීම යහපත්
මේක කළුම කළු පනතක් කිව්වොත් මම කුහකයි. හොඳ යෝජනාත් තිබෙනවා. පාර්ලිමේන්තු සැසි වාර කල් තබන්න ජනපතිට තිබුණු බලය ඉවත් කිරීම හොඳයි. ඒ වගේම ජනාධිපති සමාව ලබා දීම ඇමති මණ්ඩල අනුමැතියට යටත් කිරීම යහපත් දෙයක්. ජනපතිට ඕනෑ ඕනෑ විධියට ලේකම්වරු උපදේශකයින් පත් කරනවා වෙනුවට ජනපති කාර්ය මණ්ඩලයේ තනතුරු තීරණය කිරීමේ බලය ඇමති මණ්ඩලයට ලබා දීම යහපත් දෙයක්.
ජනපතිගේ මුක්තිය ඉවත් කර නෑ
අපි හැමදාමත් කිව්වේ ඉවත් කළ යුත්තේ ජනපතිගේ වරප්‍රසාද මිස බලතල නොවේ. අපේ ජනපතිට එරෙහිව නඩු දාන්න බෑ. පාර්ලිමේන්තු කමිටුවකට ගෙන්වා ප්‍රශ්න කරන්න බෑ. ඇමෙරිකාවේ ජනාධිපති කෙතරම් බලවත් වුණත් අධිකරණයට යටත්. පාර්ලිමේන්තුවට වග කියනවා. නමුත් මේ පනතින් ඒ වැදගත් සංශෝධන කිසිවක් ගෙනැවිත් නෑ.
අනුර කුමාරට අභියෝගයක්
විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කලින් ජනතාවට පිලිතුරු බඳින්න කියලා අපි ජවිපෙට ප්‍රශ්න පහක් ඉදිරිපත් කළා. අද වන තුරු ඒවාට පිලිතුරු දීලා නෑ. ඒ වගේම මේ තනතුර අහෝසි කිරීමේ අවදානම පිළිබඳ අපි දිගින් දිගටම කිව්වා. ලිව්වා. ඒත් ඒවා මග හරිමින් කාගේ දෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්න විසි වන සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. ඒ නිසා මම අනුර කුමාර මන්ත්‍රිතුමාට අභියෝග කරනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම රටට හිතකර ද නැද්ද කියන කාරණය පිළිබඳ නැත්නම් ඊටත් වඩා සීමා වෙලා විසි වන සංශෝධනය ලෙස එතුමන් ගෙන ආ පනත් කෙටුම් පත හිතකරද අහිතකරද යන කරුණ සම්බන්දයෙන් මාත් සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා මා මිත්‍ර අනුර කුමාර මන්ත්රිතුමන්ට මම ආරාධනා කරනවා.
ඒ වගේම මේ කෙටුම්පත අඩුපාඩු පිරිලා. මම හඳුනා ගත් අඩුපාඩු 9ක් තිබෙනවා. හරියට පොඩි එකාගේ ලියුම වගේ. විවාදයක් පැවැත්වුණොත් එකින් එක පැහැදිලි කරන්න පුළුවන්. මේ සංශෝධනය කරන්න යන්නේ රටේ උත්තරීතර නීතිය මිස පොඩි එකාගේ ලිපිය නොවන බව අපි ජවිපෙට මතක් කරනවා.
දැන් ඉතින් මට අපහාස කරලා මග හරින්නේ නැතුව මේ අභියෝගය භාර ගන්න. ඔබතුමා ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රටම දැනුම්වත් කරන මසුරන් අවස්ථාවක් බවට මේ විවාදය පත් කර ගන්න කියා මම අනුර කුමාර මන්ත්‍රිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමා වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කළ කෙනාව වාදයට එවන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට මේ අපි කියන දේ තේරෙනවා මොකක්ද මේ අඩුපාඩුව කියන එක. විෂය දන්නා කෙනෙක් එක්ක පවත්වන විවාදය තමයි වඩාත් ගැලපෙන්නේ. ඒ නිසා අනුර කුමාර දිසානයාක මන්ත්‍රිතුමන් වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කරපු කෙනා නීතිඥයෙක් ද කියන ප්‍රශ්නයක් අපිට මතුවෙන නිසා අපි ආසයි කවුද මේ මුහුන කියන එකත් පොඩ්ඩක් දැක ගන්න. ඒ නිසා අපි වඩාත් කැමති අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමන් වෙනුවට මේක ඇත්තටම කෙටුම්පත් කරපු නීති විශාරද මැතිතුමන් හෝ මැතිණිය විවාදයට එනවානම්. මොකද අපට එතකොට වඩාත් පලදායී විවාදයක් කරලා රටේ ජනතාවට මේ පිළිබද දැනුම්වත් කරන්න පුලුවන්.
– අරවින්ද අතුකෝරල
NIYAMI DEEPAN KO UTHU HARA
RATHU ALI PATIYA
RANIL LAGA ATHI HANGILA.
MOKADA ME MATA KALE KIYALA.
උදය මහත්තයෝ ලපයා කලු කබායක් දාගෙන හීනෙන් නීති විද්‍යාලයට ගිහින් තියෙනවලු, මොකද කියන්නෙ / කොහොමහරි ගිහිල්ලලු, පිටුපස්සෙන් පුන්චි අම්මත් ගිහින් පව් නේද බන්
We believe the constitutional changes should be done under a progressive , patriotic and a govt who has won the confidence of the majority of people. This govt does not have any of those.
රතු අලිපැටිටගේ අන්තිම තුරෑමිපුව ද මේක
ANEY Asaranayooo, ANURA KUMARA වැස්සකටත් නීති විදුහලට නොගිය kenek thama. Mokada oya ART SUBJECT karapu onema ekektath yanna puluwan නීති විදුහලට NOGIYATA, LANKAWE inna supiri METER walata witharak AL MATHS karala yanna puluwan MORTU UNI ekata giya ekek.
Oya උදය ගම්මන්පිල ta MORTU UNI ekata වැස්සකටත් yanna BEHE. Anna eka dena ganin para BALLAAA !!!
අනේ මනෝජ්, අනුර වැස්සකටවත් මොරටු සරසවියට ගියේ නෑ. එයා කැළණියේ බයෝ කලේ. ගම්මන්පිල නම් ලංකාවේ පලමුවැනියා වෙලා මොනෑෂ් එකෙන් පරිගණක විද්‍යා උපාධියක් ගත්තා