අනුරට ජනාධිපතිවරණයේදී සහාය දෙන්න දෙමල සන්ධාන සාකච්චා ඇරඹේ.. හංස සන්ධානයේ තවත් ඡන්ද ලක්‍ෂ 05ක් ගැලවෙයි…

August 25, 2019 at 3:26 am | lanka C news
අනුරට ජනාධිපතිවරණයේදී සහාය දෙන්න දෙමල සන්ධාන සාකච්චා ඇරඹේ.. හංස සන්ධානයේ තවත් ඡන්ද ලක්‍ෂ 05ක් ගැලවෙයි…

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන ජාතික ජන බලවේගය විසින් දෙමළ ජාතික සන්ධානය හා තවත් පක්‍ෂ කිහිපයක් සමග සාකච්චා කරන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

තම බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ ප‍්‍රතිපත්ති සම්පාදනය විශේෂඥ කමිටුවක් විසින් සිදුකරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

දුෂණයට, භීෂණයට සම්බන්ධ නැති පිරිස් සමඟින්ද ඉදිරියේ සාකච්ඡා කරන බවත් දැනටමත් සිවිල් සංවිධාන ගණනාවක් සමගින් සාකච්ඡා අරඹා ඇති බවත් ඔහු සදහන් කලේය.

දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඡන්ද ලක්‍ෂ 05ක පමණ ප‍්‍රමාණය මේ සාකච්චාවන්හි ප‍්‍රතිඵල මත තිරණය වනු ඇත.

24,807 Viewers

7 Comments to “අනුරට ජනාධිපතිවරණයේදී සහාය දෙන්න දෙමල සන්ධාන සාකච්චා ඇරඹේ.. හංස සන්ධානයේ තවත් ඡන්ද ලක්‍ෂ 05ක් ගැලවෙයි…”

  1. Rata Wenuwen says:

    මුන් (ජෙප්පො ) මුන්ගේ අම්මත් විකුනන් කන ගානට වැටිලා, හතරගාතෙන් යන දින ලන්වෙන හැටි, පුන්චි අම්මගෙ බිබික්කමෙ සරණම තමයි

  2. Vesamuni says:

    yana ena man naethi hipatuwo dennek ekathuwela monawa karantada?

  3. MD says:

    Meyata Ratu Ali Patiya Nokiya Wena Kiyanna Namak Nata.Balaya Wenuwen Rata Pawadennath Sudanam.Sihalune API Mewara Mowunge Ugulata Noawatenna.Desadrohoio

  4. sathya says:

    Sajith will contest separately. So Anura Kumara will join him. Ranil has no chance.
    But Gotabhaya will win.

  5. Ex JVP says:

    එතකොට ජවිපෙණ භීෂණ වලට සම්බන්ධ ම නෑ???
    ජවිපෙ නියම ස්වරූපය දැං තමයි ඇත්තටම අපිටත් තේරෙන්නෙ. 71, 88 මේ අය කොපමණ වටින තරුණ ජීවිත ප්‍රමාණයක් වල පල්ලට ඇරියද පීඩිත ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී හිටින මුවාවෙන්. තවමත් ඒ මුසාව ඇත්තක් හැටියට විශ්වාස කරන යම් ප්‍රමාණයක් ජනතාව මේ අයට ඉන්නවා. හැබැයි ඉතිං මේ කොටිත් එක්ක එලිපිට ගත කරන යුග දිවියෙන් පස්සෙ හුගක් අය තේරුම් ගනියි මේ අයගෙ හැබෑ උවමනාව.
    මේ අය හැමදාම වැඩ කරල තියෙන්නෙ ඇමෙරිකන්, බටහිර රටවල න්‍යාය පත්‍රයට. ඒත් ඒ කාලෙ අපට ඒක තේරුනේ නැහැ. මෑතකදි ඇමෙරිකන් බළල් අත් වන සවුදි, තුර්කි සල්ලි වලටත් විකිනෙන්න තරම් මේ අමන රැළ තුච්ච වෙලා, ඊබ්‍රාහිම්ලා ව ජාතික ලයිස්තු වලට දාලා නටපු නාඩගමින් පැහැදිලි වෙන්නෙ අහිංසක ජනතාව පවුල් පිටින් බිලි දෙන්න මොවුන් කොහෙත්ම පසුබට නොවෙන බවයි.
    71 දි තුවක්කු අතට දීල පොලිසි වලට ගස්සවල මැරෙව්ව සිංහල තරුණ පරපුර, 88 දි තුවක්කු අතට දීල ගම් වල සාමාන්‍ය ජනතාවත් මරන්න උපදෙස් දීල ජාතික සම්පත් විනාශ කරමින් ජාතික ආර්ථිකය වට්ටන්න කටයුතු කරමින් හැමෝටම තම තමන්ට කැමති විදියට මිනී මරන්න, දේපල විනාශ කරන්න පුලුවන් අලුත්ම ඝාතන සහ විනාශකාරී සංස්ක්ෘතියක් මේ රටේ ඇති කළා. මේ අය ආයුධ ලබා ගන්න ඒ කාලෙත් ප්‍රභා ගෙ උදව් ගත්තා.
    අන්තිමට කොටින්ව විනාශ කරපු ජාතික පක්ෂය විනාශ කරන්න එලිපිටම උදව් කරල, කොටි හිතවාදී රනිල්ව පෑල දොරින් අගමැති කරගෙන, කොටි හිතවාදී සම්පන්තන් විපක්ෂ නායක කරගෙන, ෆෙඩරල් අරන් දෙන්න දර දිය අදින ගමන්, අර්ජුන් මහේන්ද්‍රන් ව මහ බැංකුවට පත් කරගෙන ජාතික ආර්ථිකයට කළ හැකි දරුණුම ප්‍රහාරය එල්ල කරන්න උපරිමව කැප උනා. ජනාධිපති පදවියේ බලතල සම්පූර්ණයෙන් ඉවත් කරල ඒ වා අගමැතිට අරන් දෙන ගමන් 20 සංශෝධනය ගෙනත් පළාත් සභා පාලනය ට ජනාධිපතිට තිබෙන බලතල සම්පූර්ණයෙන් ඉවත් කරලා උතුරට නැගෙනහිරට වෙනම පාලනයක් සක්‍රීය කරල දෙන්න සෑහෙන දැගලුව. කොලේ වහල ඇක්සා, සෝෆා, මිලේනියම් ඇමෙරිකන් ගිවිසුම් ටික අත්සන් කරවල දෙන්න මාන බැලුව.
    දැං කොටිත් එක්ක එකතු වෙලා ජනාධිපති වෙන්නයි සැළැස්ම. අහිංසක ජේවීපිය ඒ සදහා සහය පතන්නෙ දූෂණ නැති ටී එන් ඒ වැනි අහිංසක පක්ෂ එක්ක එකතු වෙලා.
    මැරිල ඉපදුනේ මුං ද අපි ද?

  6. SuMa says:

    කන්න ඕන වුනහම කබර ගොයිත් තලගොයි කරන උන් තමයි දැන් ජ.වි. පෙ. පුටුවල ඉන්නේ.
    88/89 ජ.වි. පෙ. පාවාදුන් ගොනිබිල්ලෝ.
    මුන් දැන් කරන්නේ ඩීල් දේශපාලනය.. තමන්ගේ චන්ද ටික පෙන්නලා හොඳට හම්බුකරන එක.

  7. Love nature says:

    මාර්ක්ස්වදියෝයි කියාගන්න ජනතා වීමුක්ති පෙරමුන සමජවාදියට බර ශ්‍රී ලංකා පොදුජන පක්ෂය පැරදවීම සඳහා බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් හා ජාතිවාදී දෙමළ ජාතික සන්දානයත් සමග එක්වීමෙන්ම ජනතා වීමුක්ති පෙරමුනේ වන්චනික නිරුවත ජනතාවට දැකගැනීමට හැකිවිය.

    ජනතා වීමුක්ති පෙරමුන බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් සමග එක්වීමෙන් ඔවුන් කරන දේශනාපලන ප්‍රෝඩාව නිසා පෙනීයන්නේ ඔවුන් ඔවුන්ගේ දේශපාලන වාසී සඳහා මාක්ස්වාදය පාවාදෙන බවයි. එබැවින් මේ මර්ක්ස්වාදීන් යයි කියාගන්න එක්සත් ජාතික පස්සයත් සමග සම්බන්ධකම් පවත්වන ජනතාව මුලාකරන ජනතා වීමුක්ති පෙරමුනට ඔබගේ චන්දය නොදිය යුතුය.

Main News