අනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා…

December 3, 2021 at 10:22 pm | lanka C news
අනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා…

අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

හමුදා සාමාජිකයන් එතුමාගේ සාත්තර මන්තර ජප කරන කෙනකු ළඟට මෙලෙස යැවීමට පුළුවන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන විදිය මින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

හමුදා සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වැරදි වැඩක් බවද ඔහු පැවසුවේය.

හමුදාවේ පහළ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බවත් නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් මේ ආකාරයට යොදවා ඇති බවත් දිසානායක මහතා පැවැසීය.

හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට ගෞරවය ලබා දිය යුතු බවද කිවේය.

ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ආහාර වේල ගැනද ආරක්ෂක ඇමැතිවරයා අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ද අද විශේෂ පීඩාවකට ලක්ව සිටින බවත් පොලිස් සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත් අනුර දිසානායක මහතා පැවැසීය.

රටේ කොස්තාපල්වරුන් 17,500 හිඟයක් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– lankadeepa

107,743 views

22 Comments to “අනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා…”

  1. Silva says:

    අනුර කුමාර කොච්චර අසරන වෙලාද. මඩ වලින් ඡන්ද ගන්න බැහැ ජෙප්පනේ.

    • සුදා says:

      තෝ කියන්නේ නැවත රාඡපක්ශ කෙනෙක්වම පත් කර ගන්න කියලද පර බල්ලෝ???

      • Osmand says:

        අනේ පල ගොබ්බ මෝඩ ජෙප්පො. මොකා ආවත් බොරුකාර පර ජෙප්පන් නැත්තටම චුත වෙන්න ඕනෑ තොපිව එතරම් පිලිකුල්. උඹ මොනවද නූතන ජෙප්පන් ගැන දන්නේ. උන් පට්ට ධනේශ්වර.

      • Somapala says:

        හාහ් හඃ හාහ් ස ෆේල්

      • Silva says:

        මට වැරදීමක් වුනේ හොයල බලද්දි අනුර කුමාරගෙ කතාව ඇත්ත. අපොයි මුන් රනවිරුවන්ට කරපු දෙයක්.

      • Gl says:

        තෝ තමයි පර ජෙප්පා

      • Jaya says:

        මේ ලපය දාහසක් ඛොරැ ඔහේ කියනකොට එකක් දෙකක් ඇත්ත වෙනවා.. එතකොට වහල් ජෙප්පො හිතනවා ඌ කියන ඔක්කොම ඇත්ත කියලා.මෝඩ ජෙප්පො.

    • හිටං පූටිං says:

      ඤාණක්කාගේ හෝටලයේ වැඩට පලයං

    • Jagath says:

      උබට දවසට කීයක් දෙනවද කුලියට ලියනව ට 😄

    • අබරං ආතා says:

      මඩ නොවෙි බූරැවෝ , ඇවිත් බලපිය, හාල්පාරැවා.

    • Jagath says:

      සිල්වා කියන්නේ රාජපස්ස ලාගේ පස්ස හොදන මෑන්

  2. Ngaanakatha says:

    My car, My petrol. What’s wrong?

  3. 3% ට බය බයියා. says:

    රණවිරුගාය දැන් ෂැපද ………….

  4. Dengu Nona says:

    Hamudaawa daalaa Gnaanakkata polime Hukawanna!!

  5. KalingDeSilva says:

    Stil people don’t like to understand the reality,
    -EYE WITNESS

  6. 0.00069 BIYYO says:

    This need to inquired seriously!.
    Who is this baldly leady and who has given the authorization of providing the HR from forces for personal agendas. If the claim is true ??????????????
    Also need to inquire how this leady receive funds for this massive project ?????????

  7. දේශපාලනය කරන්නන් කොන් කරනන සන්සදය says:

    සියලුම පක්සය යන් වල දේශපාලනය කරන හෝ දෙසපාලනය ට සම්බන්ධ සියලුම දෙනා සසමාජයෙ න් කොන් කරන්න රෙල්ලක් හදමු ද.

    • පොඩි එකා says:

      “රෙල්ල” හදන්ඩ කලිං හරියට කොටන්ඩ ඉගෙන ගනිං.

      රෙල්ල හදමුද කිව්වාම රෙන්ඩ හදයි මේකෙ ඉන්න ගූ බයි හැත්ත.

  8. Kalu Albot says:

    Maha ekaage Pohottuwa thiyenne Gaanakka langa wennathi!!

  9. Hitan says:

    How many army men did your party kill in 1988 and 1989

  10. Claud Eri says:

    Gnanakka will get help from Rajapaksa family and everything finished she will play the game. She will turn back against Rajapaksa family. Why is the military building this hotel?? Shame for our military and Shame for Shavendra for working as a Army Commander.

Main News