‘අනුරාධපුරේ මෑණියෝ’ පුත්තලම ඉල්මනයිට් අනවසරයෙන් හාරයි.. බලවතුන්ගේ රැකවරණ..

April 2, 2022 at 10:40 am | lanka C news
‘අනුරාධපුරේ මෑණියෝ’ පුත්තලම ඉල්මනයිට් අනවසරයෙන් හාරයි.. බලවතුන්ගේ රැකවරණ..

සාස්තර කටයුතු සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධියක් උසුලන, අනුරාධපුර පදිංචි කාන්තාවක් ඛනිජ වැලි සමාගමේ බලපත්‍රයක් රහිතව පුත්තලම, ඉල්මනයිට් නිධියේ ඛනිජ හාරා අලෙවි කිරීමේ කටයුතුවල නිරත වන බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉල්මනයිට් ඛනිජ හාරා ට්‍රැක්ටර්වලින් ප්‍රවාහන කටයුතු සිදුකළද ඊට බලපත්‍ර ලබාගෙන නොමැති බවත්, මෙම කටයුතුවලට රජයේ ඉහළ දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබෙන බවත් අනාවරණය වේ.

මෙලෙස හාරන ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 250ක් වැනි මිලකට අලෙවි කරන බවත්, මේ නිසා රජයට විශාල ආදායමක් අහිමිවී යන බවත් ඛනිජ වැලි සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

වසරක පමණ කාලයක සිට මෙම ජාවාරම සිදුකරන බවද එයට අදාළ කාන්තාව සිය ඥාතීන්ද සම්බන්ධ කරගෙන සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර අමාත්‍යාංශය ඛනිජ වැලි සමාගමට දැනුම් දී තිබේ.

– අරුණ

89,733 views

15 Comments to “‘අනුරාධපුරේ මෑණියෝ’ පුත්තලම ඉල්මනයිට් අනවසරයෙන් හාරයි.. බලවතුන්ගේ රැකවරණ..”

  1. p.d goonawardena says:

    එක රටක්..එක නීතියක්….

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      Mage පූර්ණ අනුග්‍රහය යටතේ Saluukaya හාරයි,කොරනවනම්, බලපත්‍ර මොන බම්බුවකටද? Ape ekkenath oky nam.

  2. A Perera says:

    පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ කොරනවනම්, බලපත්‍ර මොන බම්බුවකටද?
    ඔන්න ඔහෙ හාරා ගන්න දෙමු. මවුබිම හාරාගෙන කන එක විතරයි මුන්ට ඉතුරු වෙලා තියෙන්නෙ.

  3. 0.00069 BIYYO says:

    ME BALLIWA WAHAMA ATH ADANGUWATA GANNA !!!

  4. පොඩි එකා says:

    කියලා පලක් වෙද රට කරවන පදම
    ඇසලා බලාපන් සෙන්පති රජුන් සැම
    බැඳලා අතේ රතු ජංගියෙ නූල හෙම
    නැමිලා වඳිති ඤාණක්කගෙ බිබික්කම

    ජනතා සංදේශය

    (ඒයි ඇඩ්මින් රට ගැන බිංදුවක්වත් හැඟිමක් තියේ නං උඹටත්, මේවා කපන්ඩ එපා)

  5. රමන්ත දොඩම්ගොඩ says:

    බොරු චෝදනා කරන්න එපා, සාක්කි තියනවනම් නඩු දාන්නෙ නෑත්තෙ ඈයි, කාලයක් රත්තරන් අශ්වයො ගෑන කිව්ව, මෑනික් මලු, ඔක්කොම බොරු වුනා, නඩු ඔක්කොම විසික් වුනා. මේ අමාරු කාලය ඉක්මනින්ම ඉවර වෙයි.

  6. අපි හිතන එක්කෙනා නෙමේ. වෙන සාස්තර ඇන්ටි කෙනෙක් .

  7. Mahajanaya says:

    කැරි වේස අක්කට හෙන ගහපිය.. ඕකි පස්සේ එන සියළුම දේශපලුවොන්ටත් හෙනම ගහපිය.. බුදු දහමට අනුව මෙලොවදීම පල දෙන විපාක තිබේ.. දුක් විඳින සාමාන්‍ය අසරණ ජනයාගෙන් කටින් පිටවෙන සාප වේවා යන වදන අනිවාර්යෙන් පල දෙනවමයි

  8. The Funeral Director says:

    රට කරවන එවුන් හාරයි අක්කගෙ නිධිය
    ඒකේ හිලවිවට කයි ඉල්මනයිටි පොදිය
    නීතිය රකින රජයේ මහ පුටු නිදිය
    සවිබාගය ගලා බැස යන සැටි බල සුදිය

  9. Silva says:

    රජයේ ඉහළ දේශපාලනඥයන්ගේ රැකවරණය.. කෙලින්ම කියන්නකො ගෝටයි සවේද්‍රයි කියල.

  10. Indrajith says:

    ඔය ගෑනිත් විකිනෙනවා ඇති ඥාතිත් එක්කම වල් දේසපාලුවන්ට

Main News