අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි..

October 25, 2019 at 6:22 am | lanka C news
අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි..

වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් කර, එහි තිබෙන නටඹුන් සියල්ල ඉවත් කරමින් කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඕමන්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඉපැරණි සඳකඩ පහනක් මත දේව ප්‍රතිමා තැන්පත් කර පුරාවිද්‍යා ස්මාරක සියල්ල ඩෝසර් කර ඇතැයි ද පුරාවිද්‍යා නිලධාරීන් ඕමන්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පැරණි ස්ථූප පාදම්, සිරිපතුල්ල ගොඩනැගිලි පාදම්, ගල් කණු, ගඩොල්, උළු ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක් ‍කිසියම් පිරිසක් එලෙස ඩෝසර් කර ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් බවට නම්කර තිබූ ස්ථානයක් මෙලෙස හානිකර ඇති බවද වවුනියාව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කළේය.

එම පුරාවිද්‍යා ස්මාරක සහිත අක්කර හතකින් පමණ යුතු භූමිය පෞද්ගලික ඉඩමක් ලෙස වටකර ඇති බවත් ඒ අනුව කෝවිල ඉදිකිරීම් ආරම්භ කර ඇති බවද පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වාදෙති.

ඕමන්ත මාලිගෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානය විනාශ කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම පමාවී ඇති අතර එම ස්ථානය විනාශ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ද පොලිසිය පැහැර හරිමින් සිටින බව වවුනියාව බෞද්ධ සංවිධාන පවසති.

බෞද්ධ සංවිධාන වැඩිදුරටත් පැවසූයේ විනාශය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙත නිලධාරීන් පැමිණිලි කළද මේ වනතෙක් විනාශය නැවැත්වීමට හෝ උත්සහයක් ගෙන නොමැති බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කර සති කිහිපයක් ගතවුවද මෙතෙක් පියවර නොගෙන ඇතැයි ද පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසියෙන් සිදුකළ විමසීමකදී උසස් නිලධාරියකු පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

– lankadeepa

14,506 Viewers

11 Comments to “අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි..”

  1. charles says:

    Sorry guys, we have to wait another three weeks.

  2. Jayantha says:

    Let’s wait another few days. All these hanky panky dances will be halted.

  3. Priyankara says:

    Chanden passe owa nawathinawa.Dan inna pissu ballo tika ikmanata yawamu

  4. MD says:

    Meyala Dewiyan pudanna yanne Dewiyange sapayata lakwemin.Mokakda me Para(siyalu aya nowe)Damilayange adaheema.Mehema wairi Ayata Dewi phita naha.oyala karanne depala kollakamak.HORAKAMAK(SAPAYATA LAKWENAWA)

  5. සිංහල බන්ඩා says:

    පුරාවිද්‍යා ඇමති සහ ජනාධිපති අපේක්ෂක සජිත් මේවා නැවැත්තුවොත් දෙමල චන්ද නැතුව පරාදය් ඩෝසර් කොරන්න ඉඩ දුන්නොත් සිංහල චන්ද නැතුව පරාදය්. අන්තෝ ජටා බහි ජටා.

  6. kamal says:

    ශ්‍රද්ධාව මෛත්‍රියට වඩා වටින බව දැනගන්න
    පොහොට්ටුව ඉදිරියෙන් බව දැනගන්න
    කෲර කමට අහිංසකකම පවා නොදුන් බව දැනගන්න
    පළාත් සභා එපා ප්‍රාදේශිය නගර හොදටම ඇති බව දැනගන්න

    • JANATHAAWA says:

      Then,what is the use of wasting
      colossal amount of money of the tax paying people on maintaining a department of Aechaeology ???Are their officials and the Minister to which it belongs it are EUNUCHS?

  7. Yasaratne says:

    රුවන්වැලි මහසෑය විනාශ කරනවා බලන්න කවුරුවත් නැහැ.

    • Saradiel says:

      සිංහල බෞද් ධයෙනි අවදිවෙව් ..මේ ජනපති ජන්දේ ඉවරවෙනකොට ලංකාවේ සේරම
      බෞද්ධ පුරා වස්තු විනාශකරලා කෝවිල් අටවලා තියෙයි
      දැන්වත් ගෞරවනීය සංඝයා වහන්සේලා ඇතුළු සිංහල බෞද්ධයෝ මේ ජාතික අපරාධවලට විරුද්ධව පාරට බැසිය යුතුයි
      වසර 2600- රැකගත්ත අපේ බෞද්ධ උරුමයන් රැකගැනීමට සිංහලයෙනි පෙරට වරෙව්
      සෑම තප්පරයක්ම වටිනවා ..සුලුජාතින් අපේ සිංහල උරුමයන් විනාශකළ පසු අපේ උරුමය රැකගන්නේ කෙසේද ?

  8. Saman says:

    Three weeks more!

  9. sinha le says:

    පොල්ලේ පොලිස්ට සිංහලයට පමණයි පොල්ල කෙලින්වෙන්නේ ලැජ්ජයි

Main News