අනුරාධපුර යුගයට අයත් මඩකලපුවේ විශාලම ස්තූපය ඩෝසර් කරයි..

June 24, 2019 at 12:00 pm | lanka C news
අනුරාධපුර යුගයට අයත් මඩකලපුවේ විශාලම ස්තූපය ඩෝසර් කරයි..

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය පිහිටා ඇත.

වාලච්චේන මඩකලපුව මාර්ගයේ ADS හංදියෙන් වමට හැරී කිලෝමීටර් 04ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙකී ස්ථානයට ළඟාවීමේ හැකියාව පවතී. කලපු කොටසකින් වටවූ භූමියේ තරමක් උස් ස්ථානයක ආරාම සංකීර්ණය පිහිටා ඇත.

මෙහි ප්‍රධාන ස්තූපය හා ආරාම සංකීර්ණයේ කොටසක් ඩෝසර් කර මිරිස්, මෑ, බටු හා පොල් වැනි බෝග වගාකර ඇත. ස්තූපයට අමතරව ඉපැරණි ගොඩනැගිලි 07ක අවශේෂ හඳුනාගත හැක. ස්තූපයට නැගෙනහිරට වන්නට පිහිටි අවශේෂ ගොඩනැගිලි තවමත් විනාශකර නොමැත.

ස්තූපයේ උතුරු දිශාවට වන්නට සිරිපතුල් ගල් දෙකක් හා කැටයම් රහිත සඳකඩ පහණක් දැකිය හැකිය. ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ ශිලා පුවරු, ස්තම්භ හා ගඩොල් යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් ඉවත්කර ඉඩමේ කෙළවර ගොඩගසා ඇතැයි පුරාවිද්‍යා ආරංචි මාර්ග පවසයි.

තවත් ගඩොල් කොටස් ස්තූපය අසළම ගොඩගසා ඇත බවත් ස්තූපයේ විශ්කම්භය මීටර් 32ක් පමණ බවත් සඳහන් වෙයි.

ස්තූපයේ පේසා වළලු හා ගර්භයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිර පවතී. ස්තූපයට නැගෙනහිර දිශාවට වන්නට පෙරලා දමන ලද යූපස්ථම්භය දැකිය හැකිය. භූමිය පුරා රක්ත වර්ණාලේපිත මැටිබඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිර පවතී.

– ada

92 views

22 Comments to “අනුරාධපුර යුගයට අයත් මඩකලපුවේ විශාලම ස්තූපය ඩෝසර් කරයි..”

  1. Ratawasiya says:

    Api inna palathwala idam musalmanuwanta wikunanne nathiwa imu. Dan me jathiya lankawe hama thanama innawa. Anagathayedi mun rata allai mehema giyoth

  2. L. V.T.Perera says:

    ජනහද හදුනන අප ගරු සංස්කෘත ඇමති තුමනි වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමු

  3. sinha le says:

    හෙළයනි ඉදිරියට වරෙල්ලා

    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම

  4. sunimal says:

    හදිසි නීති යටතේ මේ ත්‍රස්ත වාදීන් වහාම අත් අඩංගුවට ගත යුතුය

  5. Susith says:

    Unless protection from forces not provided nothing remains

  6. sinha le says:

    අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව කල්හාරවට්ට ප්‍රෙද්ශයේ ඉපැරණි දාගැබක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි තිදෙනෙක් අම්පාර පුරාවිද්‍යා විශේෂ පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් ගරා වැටී තිබූ චෛත්‍ය ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් සමතලා කර කුඹුරක් ලෙස සකස් කර තිබෙනවා. මෙම ස්ථානය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබී ඇති අතර මෙම ස්ථානයේ ඉපැරණි ගඩෝල්, උළු කැට වැනි දේ තිබී ඇති අතර සැකකරුවන් විසින් එම පුරාවස්තු විනාශ කර තිබෙන බව පොලීසිය පවසනවා.

    මීට වසර දෙකකට පමණ පෙර අක්කරපත්තුව මොට්ටයාගල දාගැබ් සංකීර්ණයට අයත් ඉපැරණි දාගැබක් ද මේ අයුරින්ම විනාශ කර තිබුණා. මුස්ලිම් දේශපාලකයන්ගේ මෙහෙයවීමෙන් අම්පාර දිස්ත්‍රික්කය පුරා විසිරී පැතිරුණු ඉපැරණි නටඹුන් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් කලක පටන් ක්‍රියාත්මක වන බවද අම්පාර ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන පවසනවා.

    Oct 2015

  7. THILAK says:

    SAJITH MAHATHTHAYA KO WADA, THATHA KARALA NADDA OWA, LAGIN YANA WADA NEDA????

Main News