අනුර ආයෙත් ඇනගනී.. යහපාලන කමිටුවේ ඉදගත්තාට නම දන්නේ නෑලු…
March 25, 2021 at 12:02 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙම අදහස් පළ කළේය.
යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාවේ හිටපු, ජවිපෙ නායක අනුර දිසානායක මහත්තයා දැන් කියනවා, ‘මම දූෂණ මර්දන කමිටුව පිහිටුවනු ලැබූ කැබිනට් පත්‍රිකාව ගැන දැනගෙන හිටියෙ නැහැ’ කියා. එම කැබිනට් පත්‍රිකාව මගින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉහත කී දූෂණ මර්දන කමිටුවේ සාමාජිකයකු ලෙස නම් කර තිබෙනවා. එම දූෂණ මර්දන කමිටුවට අදාළ අනු කමිටුවක් ද තිබෙනවා. එහි ප්‍රධානියා හිටපු අමාත්‍ය මංගල සමරවීරයි. එම අනු කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස අනුර දිසානායක මහතා ඉඳලා තිබෙනවා.
ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටුව
ඒ වගේම ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටුව කියා එකක් ද මීට අදාළව තිබුණා. එම දූෂණ මර්දන කමිටුවට අදාළ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටුවේ ප්‍රධානියා වන්නේ ද අනුර දිසානායක මහතා දැන් නොදන්නවා කීවාට එයාමයි. අද නොදන්නවා කීවාට අනුර දිසානායක මහත්තයා එදා මේ බලතල සියල්ල නීත්‍යනුකූලව දරමින් ඉඳලා තිබෙනවා. ඒ වගේම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ධුරයට රනිල් වික්‍රමසිංහ එවකට අගමැති පත් කළේ ‘ආනන්ද විජේපාල’ නැමැත්තෙකුයි. මේ ආනන්ද විජේපාල කියන්නේ අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරද්දී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයායි.
රැස්වීමේ නමවත් දන්නේ නැතිලු
දැන් අනුර දිසානායක අපූරු කතා කියනවා. ‘මම තුන් වතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවූ රැස්වීම්වලට අරලියගහ මන්දිරයට ගියා’ කියලයි එයා කියන්නේ. එයා ගිහින් වාඩිවුණු රැස්වීම්වල නමවත් එයා දන්නේ නැහැ. අපූරු ජවිපෙ නායකයා, තමන් වාඩිවුණේ මොන රැස්වීමෙ ද කියලාවත් එයා දන්නේ නැහැ. යහපාලන ආණ්ඩුවේ සහ අපේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සියලු රහස් දන්නා බව පාර්ලිමේන්තුවේ පාරම්බාන අනුර දිසානායක, යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තමන්ගේ නම දාලා ගහපු කැබිනට් පත්‍රිකාව ගැන විතරක් දන්නේ නැහැ. ඒ නිසා අපි අනුර දිසානායක මහත්තයාට කියනවා ‘කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ’ කියා.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
මිනිස්සු ලක්ෂයක් විතර මරල විනාස කරන්න බැරි වුනු පක්ෂයක් මූ කිසි ගේමක් නැතිව වලපල්ලට ඇරිය. ඉතිහාස ගතවන පොරක්.
අනුර = කෙප්ප උපත
අනුර පාක්ෂිකයො යනු මෝඩයො පමණක් නෙවෙයි, මෝඩ කමට දිය හැකි එකම සහතිකය , ජවිපෙ පාක්ෂිකයෙක් වීමයි
මේ වගේ ගොබ්බයන් අදහන අමනයින් කොතෙක් ලන්කාවෙ ඇතිද? අල්ලේ පැලවෙන බේගල් ඇද බාන මේ වගේ අපතයන් ලන්කාවට ශාපයකි.
ඔබ ඒ රැස්වීමවලට අරලිය ගහ මන්දිරේට ගියාද?
ම,,,,ම්මමමමම අ,,,අ,,රලිය ග,,ගගහ මන්දිරේට ගිගි,,යේ නැ,නැ,,,හැ.
punchi ammawa saheta gaththe nodana wennathi, 2/3 bassapu pakshaya walapallatama yanawa moo, bimmal saha hera nisa.
නුර පාක්ෂිකයො යනු මෝඩයො පමණක් නෙවෙයි, මෝඩ කමට දිය හැකි එකම සහතිකය , ජවිපෙ පාක්ෂිකයෙක් වීමයි.
මේ වගේ ගොබ්බයන් අදහන අමනයින් කොතෙක් ලන්කාවෙ ඇතිද? අල්ලේ පැලවෙන බේගල් ඇද බාන මේ වගේ අපතයන් ලන්කාවට ශාපයකි.
අනුර පාක්ෂිකයො යනු මෝඩයො පමණක් නෙවෙයි, මෝඩ කමට දිය හැකි එකම සහතිකය , ජවිපෙ පාක්ෂිකයෙක් වීමයි.
මේ වගේ ගොබ්බයන් අදහන අමනයින් කොතෙක් ලන්කාවෙ ඇතිද? අල්ලේ පැලවෙන බේගල් ඇද බාන මේ වගේ අපතයන් ලන්කාවට ශාපයකි.