අනුර කුමාරගේ පංපෝරියේ මාස දෙකෙන් හුලං යයි.. ඒකාබද්ධය මතක් වේ.. පළාත් සභා කල් දාන්න අත ඉස්සූ පාපයේ රිටර්න් එක ඇස් පනාපිට ලැබේ…
November 23, 2017 at 12:12 am | lanka C news
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රාදේශීය සභා චන්දය කල් දමාගැනීම සඳහා කූට ලෙස ප්රජාතන්ත්රවිරෝධී උත්සාහයක නිරත වෙමින් සිටින්නේ යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඇමතිවරුන්ගේ හෙංචයියන් යොදාගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකල පෙත්සමත් ඒ සඳහා අද අධිකරණය විසින් ලබාදුන් තීන්තුව හරහාත් එලෙස මැතිවරණය කල්දමාගැනීමේ දීන උත්සාහයක ආණ්ඩුව නිරත වන බව ඔහු චෝදනා කරයි.
එය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සමග වුව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව ඔහු පැවසුවේ (22දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
නමුත් මීට මාස දෙකකට පමණ පෙර පළාත් පාලන පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවට 2/3 චන්දය ලබාදුන් ජවිපෙ එහිදී පැවසුවේ තමන්ගේ එම මැදිහත්වීම හරහා කල් යමින් තිබූ ප්‍රාදේශීය සභා චන්දය ජනවාරි මාසයට ලබාගැනීමට හැකි වූ බවත් එය තමන් ලබා දුන් ජයග්‍රහණයක් බවත්ය.
නමුත් ඒ සංශෝධනය හරහා එතෙක් කල් ඉකුත් වෙමින් තිබූ පළාත් සභාවලට අදාල චන්දයද දින නියමයක් නොමැතිව කල් දැමීමට ආණ්ඩුවට අවකාශ ලබා දුන් බව අනුර කුමාර දිසානායකලා සඟවා තැබීය.
ඒ ගැන විමසූ අවස්ථවලදී ඔවුන් පැවසුවේ ප්‍රදේශ කිහිපයකට සීමාවන පළාත් සභා චන්දය කල් ගියත් ලංකාවට ම බලපාන ප්‍රාදේශීය සභා චන්දය ඉක්මන් කරගැනීමට තමන්ට හැකි වූ බවයි.
නමුත් දැන් සිදු වී ඇත්තේ කුමක්ද? ප්‍රාදේශීය සභා චන්දයද කල් යන අතර ජවිපෙ චන්දයේ පිහිටෙන් පළාත් සභා චන්දයද ආණ්ඩුවට අවශ්‍ය දින දක්වා කල් දා ගැනීමට අවස්ථාව ලැබීම නොවේද?
අනුර කුමාර දිසානායක මහතා (22) පාර්ලිමේන්තුවේදි කළ කතාව මෙතනින්
පළාත් පාලන චන්ද සංශෝධනයට ජවිපෙ චන්දය දීම සාධාරණය කරමින් ජාතික රූපවාහිනිය අනුර කුමාර දිසානායක මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව මේ සබැඳියෙන්…
මෙහිදී ඔහු උලුපා දක්වන්නේ ප්‍රාදේශීය සභා චන්දය ජනවාරි මාසයට ගැනීමට තමන් දායක වූ ආකාරයයි.
“ස්වාභාවික විපත් ආදිය සිදු නොවුනහොත් අනිවාර්යයෙන් ජනවාරි මස ප්‍රාදේශීය සභා චන්දය පැවැත්වෙනවා. අපි ඒ වෙනුවෙන් උපරිම මැදිහත් වෙලා ඒ අවස්ථාව උදා කරල දීලා තිබෙන්නේ. ජනවාරි මස ප්‍රාදේශීය සභා චන්දය පැවැත්වෙනවා. ඒ පිළිබඳ කිසිදු දෙගිඩියාවක් තබා ගත යුතු නෑ. ” ඔහු එහිදී පැවසීය.
නමුත් අද අනුර කුමාර දිසානායකගේ ඒ පම්පෝරිය හුලං ගිය බැලුමක් බවට පත්වී ඇති ආකාරය දෛවෝපගතය.
– යටියන ප්‍රදීප් කුමාර
මේ මිනිහ රනිල්ගෙ කකුල් මිරිකන කොල්ල බව කවුද නොදන්නෙ! එදා අනුරෝ කියල කතාකරල රනිල් ඔහුව එක්කරගෙන ගිහින් තුනෙන් දෙක හදන්ඩ උදව් වෙන්ඩ කියපුවහම ඒ අහින්සක ඉල්ලීම කොහොම අහක දාන්ඩද කියල රතු අලි පැටව් චන්දෙ දුන්න! අද ප්‍රාදේශීය චන්ද පමණ්ක් නොවෙයි ප්ළාත් සභා චන්දෙත් කල්ගියා! මේ අය අමෙරිකන් මුදල් අරගෙන ආවෙ ඕකට තමා. අර ජාතික වීරයන්ට අපහාස කලෙත්, කරන්නෙත් ඒ හින්දනෙ! විජේවීර සොහෝදරය නොදන්නා මිනීවලේ ඉන්දගෙන ඉකිගහන්ස්ව ඇහුන ඊයෙ!
අනුර කුමාරට වැරදිලා දෙපරන්ද මැද්දෙන් ගහන්න ඕන අමුඩෙ ගහල තියෙන්නෙ බඩ මැද්දෙන්. සීනුව එළියෙ??????
මේ ඉතින් තවත් ලැජ්ජ බය නැති අලියා ගිල්ල දිවුල් ගෙඩියක්නෙ
මැතිවරණ කල් දැමීමට අත උස්සා දැන් කියන කථා කවුද විශ්වාස කරන්නෙ? මුන් තමයි සල්ලි වලට රට පාවා දෙන්නෙ..
දැන් යටිගිරියෙන් කෑ ගහනවා… කට ලඟට ආපු පලාත් සභා මැතිවරණ තුන කල් දා ගන්න පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවත් සමග අත් උස්සපු අයට හූ තිය තිය අනිත් මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව වටේ දුවන්න ඕන..
This is also like his party 1971 and 1989 revolution .only big talks no work
PUS BOMMBA.
onna niyama deal. JVP ekatath onae kohomahari chandaya kaldaanta thama. chandaya thibunoth un athugaewilaama yanawa, ekaanthai.eelanga saere unp ekata hettuwenta denneth nae. ekabaddhayata hari hettuwela ekek hari parliament eke raendentai oya daen kathakaranne.
දැන් ඉතින් ගලේ පහරපු බළල වගේ ඉන්න තමයි වෙන්නෙ. ඔය වගේ කපටි වැඩ යූ.ඇම්.පී. පිම්පියො ලඟ තියෙන බව වටහ ගන්න බැරි ජෙප්පන්ට මේ වගේ අගනා විප්ලවවාදී පක්ෂයක් බාර දුන්න මෝඩ රැල කවුද?
පර ..ස බල්ලනේ තොපි මේ රට ගෙනියන්නෙ
ගොඩගන්න බැරි අගාදයකටයි.මුන් වගේ
කිසිම චන්ද පදනමක් නැති අපතයන්ට චන්දෙ දෙන
ගොබ්බ පාහරයෙනි ඊළඟ පාර චන්දෙ දෙනකොට
දෙපාරක් හිතපියව්
මුන්ද මේ අපෙන් රට හදන්න බලය ඉල්ලන්නේ???