අනුර දිවි පුදන්නට යන බව කියයි.. ලිපියක් යවා බේරාගන්න යැයි ලාල්කාන්තගෙන් ඉල්ලීමක්…

July 4, 2020 at 10:29 pm | lanka C news
අනුර දිවි පුදන්නට යන බව කියයි.. ලිපියක් යවා බේරාගන්න යැයි ලාල්කාන්තගෙන් ඉල්ලීමක්…

තමන් එම් සී සී ගිවිසුම සම්බන්ධයෙන් දරන්නේ නොවෙනස් එකම මතයක් බවත් මේ සම්බන්ධයෙන් පත්කළ ලලිතසිරි ගුණරුවන් කමිටුව ද එම මතයම දරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහන හා එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව එම් සී සී ගිවිසුම අත්සන් කරන බවත් එය නතර කිරීමට දිවි පුදා හෝ සටන් කරන බවටත් අනාවැකි ප්‍රකාශ කරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා, ඔහුට සබඳතා ඇතැයි චෝදනා නගන පසුගිය යමපාලන ආණ්ඩුව එම්සීසී ආයතනය හා ගිවිසුම් ගත වෙමින් ඩොලර් මිලියන 7.4 ක් සහ ඩොලර් මිලියන 2.6ක් ලබාගැනීම නොදැන සිටියේ ඇයි දැයි ගම්මන්පිල මහතා මෙහිදී වැඩසටහන හා එක් වූ ජවිපෙ නියෝජිත කේඩී ලාල්කාන්ත මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් නිශ්චිත කරුණු දැක්වීමක් සිදු නොකළ ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් ඔවුන් ද දැනුම්වත් වූයේ ලලිතසිරි ගුණරුවන් කමිටු වාර්තාවෙන් බවයි. ඔවුන් නොදන්නා බොහෝ දේද ඇතිබව ඒ මහතා සඳහන් කර සිටියේය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සිදු නොකරන බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ලිඛිතව දන්වන්නේ නම් කිසිවෙකුටවත් දිවි පිදීමට සිදු නොවන බවද ලාල්කාන්ත මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. රජය විසින් ගත යුතු පියවරයන් අනිවාර්යෙන්ම රජය ඉටු කරන බව ගම්මන්පිල මහතා මෙහිදී සදහන් කර සිටියේය.

මෙම වැඩසටහන සඳහා ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, තිලංග සුමතිපාල මහත්වරුන්ද විපක්ෂය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කේඩී ලාල්කාන්ත සහ සමගි ජනබලවේගයේ නිරෝෂන් පෙරේරා යන මහත්වරුන්ද එක් විය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

2,849 views

25 Comments to “අනුර දිවි පුදන්නට යන බව කියයි.. ලිපියක් යවා බේරාගන්න යැයි ලාල්කාන්තගෙන් ඉල්ලීමක්…”

  1. එක්නැලිගොඩ says:

    ලාල්කාන්ත සෑහෙන්න අසරණ උනා ඔය ප්‍රශ්නෙටනම්

  2. අරුණ කුමාර දසානායක. says:

    අපරාදේ. ඒකත් බොරුවක්ද?

  3. මහජනයා says:

    ගම්මන්පිල මහත්තයා ඔබතුමා ගොඨාභය සර්ට කියල ඔය ලිපිය පොඩ්ඩක් පරක්කු කරවන්නකො. අපෙ ගෙදර මනාප පහක් ඔබතුමාට දෙනවා.

  4. Wasantha says:

    මරෙන්න කලියෙන් හම්බකරපු සල්ලි වලින් රොහන සහෝදරය්ගෙ දරුවන්ට ගෙයක් හදා දෙන්න

    • ජෙප්පා says:

      විජේවීරගේ පවුලට ගෙයක් හදා දෙන්න පාක්ෂිකයින් එකතු කරලා දුන්නු ලක්ෂ හැත්තෑ දෙක ජෙප්පො මාටියා ගැහුවේ ඇයි කියල ඇහුවම ඕනෑම දාර ජෙප්පෙක් නැට්ට හංගන් පැනල දුවනවා 🙂

      • ටෞකන්ඩ says:

        බලාගෙන ගියාම ජෙප්පො හැම හොරකමක්ම කරල තියෙන්නෙ ජනතාවට සේවෙ කරන්න. මේවට පස්ස පැත්තෙන් හිනා.

  5. මරෙන්න කලියෙන් හම්බකරපු සල්ලි වලින් රොහන සහෝදරය්ගෙ දරුවන්ට ගෙයක් හදා දෙන්න

  6. Gini says:

    Provide him a bottle of petrol. Good for srilanka. 🐃🌋

  7. Kamal Italy says:

    අපොයි ජනපති තුමනි, ඉතා විරල අවස්තාවක් ! දැනට කියන්න ඔය ගිවිසුම අත්සන් කරනවා කියලා. අපිට මේ දෙපිටකාට්ටු මුසලයව මේ ලෝකෙන් තොලොංචි කරවන්න. ඕක නොකලත් මුට අගෝස්තු 5 න් පස්සේ වෙන්නේ දිවි නහගන්න තමයි
    ලැජ්ජාවේ බැ

  8. ටෞකන්ඩ says:

    අනේ ලපයගෙ බොරු ශෝ. චන්ද ගන්න කරන මගඩියක් කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. යමපාලනේ එක්ක එකගෙයි කනකොට ලපයා මොකුත්ම නොදැන ඉන්න ඇති නේ? කාටද බන්z මූ සුදුලූනු පොඩි කරන්නේ?

  9. ගරු ජනාධිපති තුමණි දැන්මම නිවේදනයක් නිකුත් කරන්න. කාලෙකින් මහපාරේ කිරිබත් උයලා කන්න බැරි වුනා. බල්ලා මැරිච්ච දවසේ වගේ සමරන්න ඉඩ දෙන්න කරුණාකර.

Main News