අනුර දිසානායකගේ පුද්ගලික ලේකම්ට අගමැති මැදුරේ කාර්යාලයක්..

January 22, 2018 at 12:00 pm | lanka C news
අනුර දිසානායකගේ පුද්ගලික ලේකම්ට අගමැති මැදුරේ කාර්යාලයක්..

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කල අනුර විජේපාල නම් පුද්ගලයා මේ වන විට රාජකාරි කරන්නේ අරලියගහ මන්දිරයේ කාර්යාල කාමරයක් තුල බව ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ඇති දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ ආධ්‍යක්‍ෂ තනතුර ඔහු විසින් දරනු ලබන බවත් ඒ මහතා කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාද යහපාලන ආණ්ඩුව විසින් රට පාලනය කිරීම සදහා කැබිනට් මණ්ඩලයටත් ඉහලින් පිහිටුවා ඇති ජාතික විධායක සභාවේ සාමාජිකයෙක් වන බවත් හොරු ඇල්ලීම වෙනුවෙන් පිහිටුවා ඇති දුෂණ දුෂණ මර්ධන කමිටුව යටත් පිහිටුවා ඇති හදිසි වැටලිම් ඒකකයේ ප‍්‍රධානියා බවද මුසම්මිල් මහතා කිවේය.

මොණරාගලදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

91 views

6 Comments to “අනුර දිසානායකගේ පුද්ගලික ලේකම්ට අගමැති මැදුරේ කාර්යාලයක්..”

  1. john the baptice says:

    රතුපාටින් ඉදගෙන රනිල්ට කඩේ යන අයට චන්දය නොදෙන්න

  2. Saradiel says:

    යුද්ධය දිනා දුන් නායකයාට එදා එරෙහි වූ අනුර දිසානායක ද්‍රෝහීයා 2015 දී එරෙහි වීම අරුමයක්ද?

    රනිල් වික්‍රමසිංහගේ තාලයට පාද තබන නිසාම කට වාචාල ද්‍රෝහී අනුර පරණ තැටියටම වාදනය කරමින් පක්ෂයේ සාමාජිකත්වය රවටන්නේය. එළුවාගේ ලබ්බ වැටෙනා තෙක් ගමන් කල නරි ලෙස පක්ෂ සමාජිකත්වයද වසර 50 කට අසන්න කාලයක් කට ඇරගෙන පස්සෙන් යන්නේ ස්වර්ගය පහල වන තෙක්ය.

    විශ්ව විද්‍යාලයේ තරුණයන්ට දෙසන්නේ උපාධිය අරගෙන කුමටද? අපගේ පාලනයකදී ඔය ධනපති අධ්‍යාපනය අවශ්‍ය නොවනා බවත් මුළු කාලයම කැප කොට සමාජවාදය දිනා ගන්නට කටයුතු කරනා ලෙසත්ය. ඒ ඒ පසු පස ගොස් ජීවිතය කාලකන්නි කරගන්නා ලද පිරිස කොපමණද?

  3. love nature says:

    ටිල්වින්ලා, අනුරලා එක්වෙලා දිගටම කරන්නේ එජාපයයි ශ‍්‍රීලනිපයයි තවත් කෑලියි එකතු වෙලා හදලා තියෙන මේ මහා කොන්ක‍්‍රීට් මන්දිරයට සුදු හුනු ගාන එක. මේ මහා මන්දිරය සදාකාලික කරන එකට සහයෝගය දෙන එක. මේකෙ කොයි පාර්ශ්වයටද වැඩියෙන් සුදුහුනු ගාන්නේ කියන එකෙන් ජනතාවට ප‍්‍රයෝජනයක් නැහැ. මේ ජරාජීර්ණ ක‍්‍රමය පවත්ගෙන යන මේ දේශපාලන පක්ෂවල කාට කඩේ ගියත් පොදු මහජනතාවට අත්වෙන සුගතියක් නැහැ. මේ මහා පක්ෂවලයි කණ්ඩායම්වලයි නායකත්වයෙන් හදලා පවත්වාගෙන යන මේ කොන්ක‍්‍රීට් බදාමයට ළිඳෙන් ඇදලා වතුර දැම්මත් එකයි, ටැප් එකෙන් වතුර දැම්මත් එකයි. සිද්ද වෙන්නේ එන්න එන්නම කොන්ක‍්‍රීට් එක හයි වෙලා තද වෙන එක විතරයි.

  4. kumara says:

    Musa- Mill ta den kiyanna deyak ettema nethi nisada yalpenagiya , wasa damapu ayathanayak gena musa kiyanne .

  5. Sriaiyya says:

    Mea musammill kiyana ekaa mahal moosalayak moowagea ayata gajamada oanea madawalin kunu bittarawalin

  6. akshin says:

    pala pachaya yanna.

Main News