අනුර දිසානායක ජනාධිපති වුණාම පාර්ලිමේන්තු මන්ත්‍රින්ට පෙන්ෂන් අහෝසියි.. වරප්‍රසාද අහෝසියි..
October 18, 2019 at 4:40 pm | lanka C news
ගත වු වසර 71 තුල මේ රටේ පාට පක්ෂ වෙනස් වි ඇතත් රට වෙනස් වි නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පැවසිය.
ජාතික ජන බල වේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහාතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නොර්වුඩ් නගරයේ පැවති ජන හමුවේදි ලාල්කාන්ත මහතා එ බැව් පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු කේ.ඩි ලාල්කාන්ත මහතා කියා සිටියේ ජනතා වරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වන මන්ත්‍රිවරුන් ජනතාවට සේවයක් නොකර වරප්‍රසාද සියල්ල ලබාගෙන ජනතාව ප්‍රතික්ෂේප කරන විට එම දේශපාලඥයාට විශ්‍රාම වැටුපක්ද ලැබෙන බවයි.
ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා බලයට පැමිණිමෙන් පසු පා.ම වරුන්ගේ වරප්‍රසාද අඩුකරනවාත් සමග විශ්‍රාම වැටුපද නැති කිරිමට පියවර ගන්නා බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
චන්දෙන් පස්සේ කුඩම්මත් අරන් අයර්ලන්තෙට පල සිසකුරු සත්තු.
Anura Janadipathi wenakota lankawe Parliment ekak tiyewida kiyalath hitenawa.🤣🤣🤣🤣🤣🤣🤣
පැන්ෂන් ගන්නෙත් නෑ පඩි ගන්නෙත් නෑ
තොපි කොහොමද යකෝ දරු පවුල්
නඩත්තු කරන්නෙ අමන හැත්ත
ජෙප්පො පඩි නැතුව ජීවත් වුණාට අනිත් මිනිස්සුන්ට එහෙම ජීවත් වෙන්න බැහැ. පඩි නැතුව පවුල් නඩත්තු කරගෙන, වාහන පාවිච්චි කරගෙන, පක්ෂය මොන ගොං කතාව කිව්වත් හිස්මුදුනින් පිළිගන්න සහ තමන්ටම විතරක් නොබැන අනෙක් හැමදේම විවේචන කරන පාක්ෂිකයින් එක්ක පක්ෂයක් නඩත්තු කරන විදිය පෙන්වා දෙන්න. කිසිදාක රැකියාවක් ව්‍යාපාරයක් නොකළ සජිත් දැන් කියනවා පඩි නැතුව ජීවත් වෙනවා කියලා. මිනිස්සු ඔය කතාවලට රැවටුණු කාලය දැන් ඉවරයි.