අනුර දිසානායක ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක.. නම් කිරීමට ගාළු මුවදොරේ දැවැන්ත ජනරැළියත්..

July 27, 2019 at 3:00 pm | lanka C news
අනුර දිසානායක ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක.. නම් කිරීමට ගාළු මුවදොරේ දැවැන්ත ජනරැළියත්..

ජ.වි.පෙ. හා ජාතික විද්වත් සංවිධානය ගොඩනගා ඇති දේශපාලන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක නම් කිරීමට එහි අභ්‍යන්තර සාකච්ඡා කිහිපයකදීම තීරණය වී තිබේ.

ජාතික විද්වත් සංවිධානයේ තීරණ ගත හැකි මට්ටමේ සාමාජිකයන් බහුතරයක්ම එම සාකච්ඡාවලදී පවසා ඇත්තේ සිය වැඩපිළිවෙළ ජනතාව අතරට සාර්ථකව ගෙන යෑමට නම් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජිකයකු ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කොට ප්‍රචාරක කටයුතු ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයට භාරදිය යුතු බවයි.

ඒ අනුව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජිකයන් අතර පැවැති අභ්‍යන්තර සාකච්ඡා ගණනාවකදී එහි ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු බහුතර සාමාජිකයන් පිරිසක් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස යෝජනා කොට ඇති බවද වාර්තා වේ.

ජාතික ජනබල පෙරමුණ ලෙස සංවිධානයක් ගොඩනගා එමගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලබන අගෝස්තු මස 18 වන දින ගාලු මුවදොර පිටියේදී නම් කිරීමට තීරණය වී ඇති අතර ඒ සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි කර ගැනීමට සැලසුම්කොට ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.

යටිනුවර ප්‍රදේශයේ පැවැති පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී ඒ අනුව පක්ෂය ලියාපදිංචිය, පක්‍ෂයේ සලකුණ සහ පක්‍ෂයේ පාලකයා තීරණය කිරීම පසුවට සිදුකිරීමට සැලසුම් කර තිබේ.

රංජිත් ගුණවර්ධන
– aruna

33 views

21 Comments to “අනුර දිසානායක ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක.. නම් කිරීමට ගාළු මුවදොරේ දැවැන්ත ජනරැළියත්..”

  1. puncha says:

    Kirigahata enna wage lankawe palamu JVP janapathi mewara pathwenawa. Giwara MS wa path kala/ Agamathi lesa RW path kala.

    Aththatama munta 1 wsarae lamayekge danimakwath ne. Munta chande dena un eetath Anthai. Me UNP uwamanawa Itu karanne Sunaka pothaka JVP rala.

  2. Pal says:

    We have not done a proper survey to estimate the number of buffaloes 🐃 in Srilanka.
    This presidential election will be used to do that after a long time.

    🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

    Ranil Hamuta Jayawewa…

  3. one shot says:

    අනුර ජනපති වූ සැනින් පුංචම්ම ආර්‍යාව​,ජලනි නිකම්ම නිකම් භාර්‍යාව​.

  4. සමන් says:

    එතකොට නාගයාට හුලංන්ද? මිනිහගෙ ඡන්ද අරමුදලට එකතු කරපු මිලියන් ගනන කෝ?

  5. MD says:

    Hondai…Hodai Anura mahattayata Chanda Pratipala balala Ehemama Anith Pattata Panala Visa Natuwama Koheta hari tolenchi weta hakie

  6. Ranhami says:

    මේන් මගෙනුත් එකක්.
    (පයින්)

  7. Victor Hara says:

    ජනාධිපති කමට සුදුසුම කෙනා ලාල් කාන්ත සහෝදරයාය. ලපයා ආවොත් චන්ද ලක්ෂයයි. ලාල් ආවොත් ලක්ෂ 20 යි.

  8. U.N.J.V.P says:

    Lankawe Punci ammata kelina unta wada bebaddo wadi nisa Anurayata wada Lal katthayata chanda hammba wei.

Main News