අනුර නායකයා කර බලවේගයක් හදනවා.. ඊට පස්සෙ බලය අරගෙන ජනතාවට සහන දෙනවා..

December 5, 2021 at 3:50 pm | lanka C news
අනුර නායකයා කර බලවේගයක් හදනවා.. ඊට පස්සෙ බලය අරගෙන ජනතාවට සහන දෙනවා..

රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් මේ රට තුල ජාතික බලවේගයක් ගොඩ නැගිමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.

විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (05) දින ගමෙන් පටන් ගමු යන වැඩසටහන (05) දින හැටන් නගරයෙන් අරම්භ කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ජනතාවගේ සහ ආණ්ඩු සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවකගේ ඉල්ලිමක් මත ජාතික බලවේගයක් ගොඩනගා කඩනමින් රටේ පාලන තත්ත්වය ජාතික බලවේගය සතු කරගෙන මේ රටේ ජනතාවට කඩිනමින් සහන සැලසිම ජාතික බලවේගයේ අපෙක්ෂාව බවයි.

රටේ ජනතාවට ආරක්ෂාව නොමැති අවස්තාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරක්ෂාවක් නොමැති බවත්, රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

27,787 views

35 Comments to “අනුර නායකයා කර බලවේගයක් හදනවා.. ඊට පස්සෙ බලය අරගෙන ජනතාවට සහන දෙනවා..”

  1. Jjr says:

    අපි ආවොත් හැමෝටම එක සමානපඩි, සමාන වාහන, සමාන අධ්‍යාපනය, හැම දෙනාටම ගෙයක්, ඇදුම් නොමිලයේ, හැම දෙනාටම සමාන පාසල්, හැමදෙනාටම හෝටල්, සර්ව සම්පූර්ණයි. දිව්‍යලෝකයක් කරනව.

    • Gehan says:

      ඔක්කොම එක සමාන?? එතකොට තියෙන අසමාන ඒව මොකද කරන්නේ??? ඔන්න පැන්නා කෙහෙල් කැන. එල්ටීටීඊය ඒකාලේ මිනිසුන්ගෙ ගෙවල්, වාහන, වතුපිටි හැම දේම, දරුවන් පවා බලහත්කාරයෙන් අල්ලා ගත්තා. ඒ අඩි පාරේම තමයි යන්න හිතාගෙන ඉන්නෙ

  2. මේකා බොන විස්කි බ්‍රෑන්ඩ් එක මාරු කරලා.
    මාමන්ඩි නිකන් දුන්න බිල්ඩින් එකේ තමයි බලවේගයක් හදන්න වෙන්නෙ

  3. 3% ට බය බයියා. says:

    ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණන කොට හොර දේශප්‍රේමී නඩය නිශ්ශබ්ද ව කොමිස් මුදල අරගෙන පාඩුවේ ඉන්නවා පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .නැවතත් මව් බිම ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .විරුවන් පරාජයට පත් කර මාෆියාව ජය පිට ජය ගන්නවා .

  4. Alfred Roland says:

    පසුගිය ජනාධිපති මැතිවරනයෙදි කිව්වෙත් ඔයක් ටිකමනෙ උනෙ තිබුන චන්දත් නැති උන එක.

  5. Silva says:

    මිනීමරුවෝ එපා බලයට. 88/89 භීෂනය අමතකද.

  6. JR says:

    හරි, එහෙනං මුලින්ම රෑට ගෙවල් වලට ගිහිං ජාතික හැඳුනුම්පත් ටික එකතු කරලා පටාං ගමු… ☝️😋😋😁😁😂

Main News