අනුර බණ්ඩාරනායකගේ බූදලයට බෙදාගන්න චන්ද්‍රිකා-සුනේත්‍රා නඩු යයි.. චන්ද්‍රිකා බිලියන 1.18ක් ගනී..
October 5, 2017 at 10:40 am | lanka C news
අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ හිමිකම් නීත්‍යානුකූලව ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (04) කොළඹ දිසා අධිකරණයට පැමිණියාය.
කොළඹ දිසා අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේදී බූදල් නඩුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කළ කුමාරතුංග මහත්මිය අධිකරණයෙන් පිටව ගියේ මෙතරම් පැරණි ගොඩනැගිල්ලක තවමත් සේවය කරන්නේ මන්දැයි අධිකරණ සේවකයින්ගෙන් විමසමිනි.
2008 මාර්තු 16 දින මියගිය අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ එකම උරුමක්කරුවන් තමන් හා තම සහෝදරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව පවසමින් සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය පැවරූ බූදල් නඩුවේ හිමිකම් ලබාගැනීමට කුමාරතුංග මහත්මිය මෙසේ පැමිණ සිටියාය.
අන්තිම කැමති පත්‍රයක් ලියා තබා නැති බණ්ඩාරනායක මහතා සතුව රුපියල් 1,183,830,735.12ක මුදලක් හා තවත් බූදල් වත්කම් තිබූ බවත් එහි උරුමය තමන් හා සහෝදරිය වෙත පවරන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය 2009 ජනවාරි 30 දින මේ නඩුව පැවරුවාය.
සුනේත්‍රා මහත්මිය පැවරූ මේ බූදල් නඩුව පුවත්පත්වල පළකිරීමෙන් පසුව බණ්ඩාරනායක මහතාගේ රියදුරු ආරක්ෂක ඇතුළු සමීපව කටයුතු කළ පුද්ගලයින් සිව්දෙනෙක් බූදලයට උරුමකම් කියමින් මැදිහත් පෙත්සම් ගොනු කළහ.
ආරක්ෂක වසන්ත සමරසේකර ඇමැති කාර්ය මණ්ඩලයේ සෙනරත් චන්ද්‍රසිංහ, ඩර්වින් සපරමාදු, රවින්ද්‍රලාල් පෙරේරා යන පුද්ගලයෝ මෙසේ අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළහ.
ඔවුන් කියා සිටියේ බණ්ඩාරනායක මහතා අන්තිම කැමති පත්‍රයක් ලියා තිබූ බවත් එහි ඡායාස්ථ පිටපත් තමන් සතුව ඇති බවත්ය.
ඊට විරෝධතා ගොනු කළ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අන්තිම කැමති පත්‍රය යැයි කියන ලේඛනයක් බණ්ඩාරනායක මහතා ජීවත්ව සිටියදීම විනාශ කළ බවය.
2009 ජූලි මාසයේදී නඩුවේ විමසීම ආරම්භ කළ දිසා අධිකරණය අතරමැදි පෙත්සම්කරුවන්ගේ ඡායාස්ථ පිටපත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කෙළේය.
බූදල් නඩුවක උරුමකම් පෑම සඳහා ඡායාස්ථ පිටපත් පිළිගත හැකිද? නොහැකිද? යන්න පිළිබඳ සිවිල් අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ දීර්ඝ අභියාචන සලකා බැලීමෙන් පසුව බූදලයේ උරුමය සුනේත්‍රා මහත්මියට හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිමි බවට දිසා අධිකරණය නියෝග නිකුත් කළේය. ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බූදල් නඩුවෙන් තමන්ට හිමි වූ දේපළ නීත්‍යානුකූලව භාරගැනීම සඳහා මෙසේ දිසා අධිකරණයට පැමිණියාය.
– dinamina
අනුර බණ්ඩාරනායක මහත්තය ,වසර 2003 එක්තරා දවසක පාර්ලිමේන්තුවේ කිව්වනේ , මගේ සියලුම දේපොළ විමුක්ති දෙන්න තීරණය කලා කියලා ..Hznddard වාර්තා සොයා බලන්නකෝ .
දැන් ඉතින් ඇතිපදම් විස්කි බොන්න පුළුවන්.
අර අහිංසක මිනිසුන් ට අනුර දුන්න දේපලත් අන් තිමට අයිති කර ගත්ත. ඔරිජිනල් අන් තිම කැමති පත්‍රය තබා ගෙන ඉන්න කෙනා ඉදිරිපත් උනේ නෑ.
අනිත් අය ළඟ තියෙන ෆොටෝ කොපි පිලි ගන්නෙ නෑ ලු.
දැන් ඉතින් මේක තව අයට පූර්වාදර්ශයක් වෙයි. ඔරිජිනල් එක තියාගෙන ඉන්න තමන් ගේ හිතවත් නීතිඥයා ඉදිරි පත් නොවෙනවා නම් හෝ එය උස්සල ගිණි තිබ්බම මිය ගිය අය ගේ කැමැත්ත වතුරේ.
අහිංසකයින් හැමදාම පැරදෙනව.
How come anura left so much of cash.
Can someone go to bribery commission.
Is this money BLACK
සමහර අක්කලා නම් තමන්ගේ මල්ලි මැරුනම සදාකාලෙටම දුක් වෙනවා… ඒකට මේ අක්කලා දෙන්නා.. බූදලේ බෙදා ගන්න වලි කනවා… යනකොට ගෙනි යන්නද කොහෙද….
අනුරට පාර්ලිමේන්තු වැටුපෙන් මෙච්චර සල්ලි කන්දරාවක් ඉතුරු කරන්න පුළුවන් වුනේ කොහොමද? අනික චන්ද්‍රිකාට ලැජ්ජා නැද්ද අර අනෙකුත් දුප්පත් මිනිසුන්ටත් කීයක් හරි බෙදලා නොදී ඔක්කොම අයිති කරගන්න.
Den meken kopamana mudalak Tax kapanawada? Inaland revenue eken me ahanne.
සිංහලයකු වීම ලැජ්ජ වෙන ‘චකු’ හිස් කොලවලට මල්ලිගේ අත්සන් ගත්තාලූ.
සිංහලයකු වීම ලැජ්ජ වෙන ‘චකු’ හිස් කොලවලට මල්ලිගේ අත්සන් ගත්තාලූ.