අනුර බණ්ඩාරනායක, කේ.බී. රත්නායක, වි.ජ.මු. ලොකුබණ්ඩාර, චමල් රාජපක්‍ෂ වන් ශ්‍රේෂ්ඨ කතානායකවරුන්ගේ නමත් කරු ජයසූරිය වනසයි..

August 15, 2018 at 1:20 pm | lanka C news
අනුර බණ්ඩාරනායක, කේ.බී. රත්නායක, වි.ජ.මු. ලොකුබණ්ඩාර, චමල් රාජපක්‍ෂ වන් ශ්‍රේෂ්ඨ කතානායකවරුන්ගේ නමත් කරු ජයසූරිය වනසයි..

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙම අදහස් පල කලේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා 2015 අගෝස්තු 17 වැනිදා සිටම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන විපක්‍ෂයට ලැබැණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 95න් කොටසක් ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස කොල්ලකෑවා. එහෙම කරලා මන්ත්‍රී ධුර 16ක් හා 06ක් තිබූ සුළුතර පක්‍ෂ දෙකකට විපක්‍ෂනායකකම සහ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දුන්නා.

දැන් මේ ආණ්ඩුව අන්තිම කාලයට ළං වෙලා. ජනාධිපතිවරයාගේ අන්තිම කාලය ළං වෙලා. කෙසේ නමුත් දැන් පාර්ලිමේන්තුව තුළ ඒ මන්ත්‍රී ධුර 95න් 70ක් විපක්‍ෂයේ වාඩි වී සිටිනවා. පාර්ලිමේන්තු සාම්ප්‍රදාය තමයි විපක්‍ෂයේ වාඩි වී සිටින වැඩිම පාර්ලිමේන්තු මනත්‍රී කණ්ඩායමට විපක්‍ෂ නායක ධුරය දීම.

නමුත් මේ කථානායකවරයා ඒ සම්ප්‍රදායට පයින් ගහලා, එජනිස ලේකම්වරයාගෙන් මේ ගැන අහනවා. පක්‍ෂ ලේකම්වරු සමඟ ගනුදෙනු කරන්න් කථානායක නොවෙයි, මැතිවරණ කොමිසම. පාර්ලිමේන්තුවට කථානායකවරයකු පත් කරන්නේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. එහෙම පත් කළ තැනැත්තා ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224ගේ වරප්‍රසාද හා අයිතිීන් රැක දිය යුතුයි.

නමුත් අද ඉන්නේ ආණ්ඩුව රකිනා පක්‍ෂපාතී කථානායකවරයෙක්. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව පිළිබඳ දුන් ඇතැම් තීරණවල දී පවා ඍජුව පෙනී සිටි කථානායකවරුන් අපට හිටියා.

අනුර බණ්ඩාරනායක, කේ. බී රත්නායක, වි.ජ.මු. ලොකුබණ්ඩාර, චමල් රාජපක්‍ෂ වැනි කථානායකවරුන් තමන්ගේ පක්‍ෂයට විශේෂයක් කළේ නැහැ. මේ තරම් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් උදුරා ගත්තු කථානායකවරයකු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අපට හමු වී නැහැ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

198 views

6 Comments to “අනුර බණ්ඩාරනායක, කේ.බී. රත්නායක, වි.ජ.මු. ලොකුබණ්ඩාර, චමල් රාජපක්‍ෂ වන් ශ්‍රේෂ්ඨ කතානායකවරුන්ගේ නමත් කරු ජයසූරිය වනසයි..”

  1. Asaranaya says:

    එජාපයේ තෝල්කයා නම් දැරුවා
    ගම් කබරයා කියලත් ඔහුටම කිව්වා,
    මනසත් අහෝ මදවිකලෙන් කැළඹෙනවා,
    පිස්සන් කොටුව ගැන මගෙ මතකෙට එනවා

  2. john123 says:

    Aparade…………………this fellow has dignity………its gone to zero………..

  3. Nim says:

    ME WAGE
    MUSPENTHU KATHA NAYAKA YEK
    LOKAYE MA NATHUWA .
    ROBOT UNP AKA MADDEYA PRAKASAKA
    JOKER , PABAY EK
    MULU MAHATH JANATHAWA MA TA MA APA WELA.

  4. Kamal says:

    මේ කතාව හරි….

  5. gihan says:

    HITANTA..HUTANTA.. UNP YATA..JVP YATA..HELA KARUMETA..TNA EKATA ..ITHAAMATH…KEE.KARU.
    JAYASOORIYA GEN PRAJAA THANTRA WAADAYA BALAAPOROTTHUWENA AYATA PISSUDA…?

Main News